මම එලකිරියට ඇවිල්ල අවුරුදු තුනයි.....ඒත් මේකේ පෝස්ට් දාන්න අරන් තාම මාස කීපයයි වෙන්නේ...ඊයේ තමයි මම පෝස්ට් 1000 සම්පුර්ණ කරේ .....ඒ වෙනුවෙන් ඔයාලට බොහොම පොඩි දෙයක් මම දෙන්නම් ...ඒත් මේ ගැන ලොකුවට හිතන්න.....
දවසක් පාන්දර .......
මුහුද අයිනේ ඇවිදින්න ගිය මනුස්සයෙක් දැක්ක කලින් දවසේ හවස වඩදිය ගහනකොට ගොඩට ආපු තාරකා මාළු (star fish) වෙරල දිගට තැනින් තැන පන ගහ ගහ ඉන්නවා...
වතුර මට්ටම අඩු වෙලා නිසා මෙයාලට අයෙමත් මූදට යන්න බැරුව මැරෙන්නයි යන්නෙ...හිත හිත ඉන්නේ නැතුව මේ මනුස්සය මුද අයිනට ගිහිල්ල මේ සත්තු එකින් එකා අරගෙන ආයෙමත් මූදට විසි කරනවලු....මේක බලං හිටපු තවත් කෙනෙක් මෙයා ලඟට ඇවිල්ල අහනවලු ...
"මොකද්ද ඔයා මේ කරන වැඩේ"...?
"ඇයි..? මම මේ සත්තුන්ව ආයෙත් අල්ලලා මූදට දානවා...නැත්තන් මුන් මැරේවි."
"මුදේ ඔය සත්තු තව කොච්චරක්නම් ඉන්නවද..? ඔයා ඔය කරන වැඩෙන් මොකද්ද වෙන වෙනස " ?
පියවර කීපයක් ඉදිරියට ඇවිද ගිය ඔහු තවත් තාරකා මත්ස්‍යයෙක් අතට ගෙන ..." ඒකෙන් මෙන්න මෙයාට වෙනසක් වෙයි " කියා මූදට විසි කරා....
මෙන්න මේකයි ඇත්ත තත්ත්වේ....අපි කාට උනත් උදව්වක් කරන්න ගියහම අපි හිතන්නේ මහා පරිමාණයෙන්....පුළුවන් පුළුවන් වෙලාවට අපිට අවස්ථාව ලැබෙන හැටියට අපි පොඩි පොඩි උදව් කරන්න යන්නෙ නෑ....හිතල බලන්න...ඒ විදියට අපි අපිට සතුන්ට මිනිස්සුන්ට උදව් කරන්න ලැබුන අවස්ථා කියක් මගහරින්න ඇත්ද ?
පාර මාරු වෙන්න ඉන්න දවයසක අම්ම කෙනෙක් දක්කම අපි කල්පනා කර කර ඉන්නව උදව් කරනවද නැත්තන් වෙන කව්රුහරි ඉදිරිපත් වෙයිද කියල
....වාහනේකට හැප්පිලා පාර අයිනේ වැටිලා ඉන්න බල්ලෙක් දැක්කම අනේ අපොයි කියල අහක බලාගෙන ඉක්මනට එතනින් යනව ....කුණු ගොඩවල් අවුස්සලා කන්න දෙයක් හොයන පුංචි දරුවෙක් දැක්කම ..අනේ පව් කියල යනවා මිසක් ඒ දරුවට බනිස් ගෙඩියක් හරි අරන් දෙන්න හිතුවද....
ඒවුනාට අපේ හිතේ තියෙන්නේ මහා විශාල පින්කම්....අපි ඒවා හිත හිත ඉන්නවා විතරයි...කරන්න පුලුවන්නම් හොඳයි තමයි...ඒත් කෙරෙනවද.....?
ඒක නිසා තමන්ට උදව් කරන්න ලැබෙන හැම කුඩා අවස්තාවකින්ම ප්‍රයෝජනය ගන්න....එහෙම අවස්ථාවල් හැමදාම ලැබෙන්නේ නෑ.....හැමෝටම ලැබෙන්නෙත් නෑ .... අවංකවම මටත් මෙහෙම වෙලා තියෙනවා ...ඒක මගේ අතිනුත් වුන වැරද්දක් ....ඒවගේ අවස්ථා ලැබෙන්නත් පින තියෙන්න ඕනේ....ඒවායින් ප්‍රයෝජනය ගන්න ඊටත් වඩා පින තියෙන්න ඕනේ....
අපි පුංචි මිනිස්සු....ඒත් අපි හැමෝටම අපිට ලැබෙන පුංචි හෝ අවස්ථා වලින් අනුන්ට උදව් කරනවානම් ..අපිට ලෝකෙම වෙනස් කරන්න කලින් එක අසරණ කෙනෙක් මොහොතකට හරි සතුටු කරන්න පුලුවන්නම් ඒක එයාලට හුගක් වටිනවා.....ඒ දේ කිරීමෙන් අපිට හිතට දැනෙන සතුට ඊටත් වඩා වටිනවා....
එළකිරියේ මට හමුවුන ඔයාල හැමෝටම හුගක් ස්තුති.....කොමෙන්ට් දාපු...රෙප් දීපු , කපපු හැමෝටම....ඒ වගේම මට හමු වුන හුඟක් උදව් කරපු හොඳ මිත්‍රයෙක් තමයි....laiyarc
....ලයියාවත් බොහොම ආදරෙන් මතක කරනවා..ඌ නියම හිත හොඳ කොල්ලෙක් ....
ඒ වගේම එළකිරියේ හය හතර කියා දුන්න sayo ,Nu1Dnk අයිය සහ
blacktulip
sanddun
chanaka chana
Nu1Dnk
චගු
001flyD
gayankuwait
IveyStyle
Jolly_Roger
kandya
manulasj
NUWAN BUWA
roshancs05
ruwantheekshana
sayo
urajdrlk
yasas bandara
සහ එළකිරි සාමාජිකයන් හැමෝටම ගොඩක් ස්තුති හැම දේකටම
දැනුම විනෝදය එක්ක එලකිරිය තව තවත් හොඳ මිනිස්සු එක් වෙන තැනක් වේවා කියල ප්‍රර්ථනා කරනවා....!!!

ජය වේවා !!!
ඔන්න මම නම් මුකුත් කියලා දුන්නේ නෑ.....
සුභ පැතුම් පෝස්ට් 1000 ට...... 1000ට 10,000ක් ඉක්මනට දාමු එහෙනම්..... 