මම-මයිත්රීට-හේතුව
මම තීරණය කළා මේ සැරේ මයිත්රීපාල සිරිසේන මහතාට ජන්දය දෙන්න. ඒක අද තමයි හරියටම තීරණය කලේ. මොකද නාම යෝජනා බාර දෙනකන් හිටියේ,හරියටම කවුද ඉල්ලන්නේ බලන්න.
මම ඉස්සෙල්ලම ජනාධිපතිවරණයකට ජන්දය දැම්මේ 2005 දී. 1999 දී මම ලංකාවේ නෙමෙයි හිටියේ. හිටියා නම් කාට දෙයිද කියල හිතාගන්න අමාරුයි.
2005 දී මම ජන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට. ඒකට හේතුව තමයි 2005 දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා උනේ එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත්. මෙතුමන්ලා දෙදෙනාම 2005 ජන්දයට කලින් කිව්වේ කොටි ත්‍රස්තවාදය ගැන ගැටලුව සාකච්චා වලින් විසඳනවා කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා ප්‍රභාකරන්ව මුහුණට මුහුණ හම්බවෙලා හරි මේ ප්‍රශ්නේ විසදනවා කියලා.
ඉතින් දෙන්නම සාම සාකච්චා මගින් ඔය ප්‍රශ්නේ විසදනවා කියපු නිසා, මම කල්පනා කළා සාම සාකච්චා වලින් ඒ ප්‍රශ්නේ විසදන්න වඩාත් හොද හැකියාවක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට කියා. ඒ හින්දා මම රනිල් වික්‍රමසිංහට මනාපය ප්‍රකාශ කළා 2005 දී.
ඊට පස්සේ 2010 දී මම ජන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඒකට හේතුව තමයි එතුමා සාම සාකච්චා වලින් කොටි ත්‍රස්තවාදය විසදනවා කියලා මුලින් කිව්වත්, ජනතා විමුක්ති පෙරමුණ,ජාතික හෙළ උරුමය වගේ පක්ෂ වල මෙහෙයවීම මත,කොටි ත්‍රස්තවාදය සමග යුධ වැදිලා ඒක පරාජය කළා. එතුමා සමෙන් හරි යුද්ධයෙන් හරි කොටි සංවිධානය පරාජ කළා. ඉතින් මම හිතුවා ඒ හින්දා එතුමාගේ දෙවැනි පාලන කාලය තුල රටේ තියෙන ආර්ථික ගැටළු විසඳලා, හොරමැරකම් නැතිකරයි කියලා. විශේෂයෙන්ම 2010 දී එතුමා එක්ක තරඟ කෙරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මිලිටරි විදියටමයි දේශපාලනය කරන්න හැදුවේ. එතුමා ඒ මොහොතේ බලයට සුදුසු නෑ කියන එකයි මගේ අදහස උනේ. කොහොම හරී 2010 දී නැවත වරක් ජනාධිපතිධුරයට ආවට මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ දෙවැනි ධුරය තුල බොහෝ සෙයින් අසාර්ථක උනයි කියන එකයි මගේ හැගීම. විශේෂයෙන්ම 18 වැනි සංශෝධනයට නං මම එකග නෑ.
2015 දී තරග කරන්නේ දෙවතාවක් බලයට පත්ව සිටිනා මහින්ද රජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මයිත්රීපාල සිරිසේන මහතා. දෙදෙනාම දශක ගණනාවක දේශපාලන අත්දැකීම් තියෙනවා. මේ පාර මහින්ද රජපක්ෂ මහතා ජන්දයට ඉදිරිපත් වෙලා ඉන්නේ මට පෙන විදියට නං ඔහුගේ දෙවැනි ධුර කාලය බොහෝ සෙයින් අසාර්ථක වෙලා. ඒ අනුව බලනකොට මයිත්රීපාල සිරිසේන මහතා ජන්දය ඉල්ලන්නේ විධායක ජනාධිපති ධුරයේ තියෙන යම් යම් ඒකාධිපති බලතල අහෝසි කරලා, මනාප ජන්ද ක්‍රමයත් නැති කරලා නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න .මම ඒ දේට කැමතියි. ඒ නිසා මම මයිත්රීපාල සිරිසේන මහතාට ජන්දය දෙන්න තීරණය කාලා.
ඔය ගොල්ලෝ මොකක්ද අරන් තියෙන තීරණය? මෙතනදී කවුරුත් බැනගන්න අවශ්‍ය නෑ. තමුන්ගේ තීරණයට හේතු වූ කරනා පැහැදලි කරන්න පුළුවන් නං වටිනවා.

api chande dena peththa dinnawa