මම-මයිත්‍රීට-හේතුව

N Cap

Member
Dec 8, 2014
40
6
0
Colombo, Lk
මම-මයිත්‍රීට-හේතුව

මම තීරණය කළා මේ සැරේ මයිත්‍රීපාල සිරිසේන මහතාට ජන්දය දෙන්න. ඒක අද තමයි හරියටම තීරණය කලේ. මොකද නාම යෝජනා බාර දෙනකන් හිටියේ,හරියටම කවුද ඉල්ලන්නේ බලන්න.

මම ඉස්සෙල්ලම ජනාධිපතිවරණයකට ජන්දය දැම්මේ 2005 දී. 1999 දී මම ලංකාවේ නෙමෙයි හිටියේ. හිටියා නම් කාට දෙයිද කියල හිතාගන්න අමාරුයි.

2005 දී මම ජන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට. ඒකට හේතුව තමයි 2005 දී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා උනේ එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත්. මෙතුමන්ලා දෙදෙනාම 2005 ජන්දයට කලින් කිව්වේ කොටි ත්‍රස්‌තවාදය ගැන ගැටලුව සාකච්චා වලින් විසඳනවා කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා ප්‍රභාකරන්ව මුහුණට මුහුණ හම්බවෙලා හරි මේ ප්‍රශ්නේ විසදනවා කියලා.
ඉතින් දෙන්නම සාම සාකච්චා මගින් ඔය ප්‍රශ්නේ විසදනවා කියපු නිසා, මම කල්පනා කළා සාම සාකච්චා වලින් ඒ ප්‍රශ්නේ විසදන්න වඩාත් හොද හැකියාවක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට කියා. ඒ හින්දා මම රනිල් වික්‍රමසිංහට මනාපය ප්‍රකාශ කළා 2005 දී.

ඊට පස්සේ 2010 දී මම ජන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඒකට හේතුව තමයි එතුමා සාම සාකච්චා වලින් කොටි ත්‍රස්‌තවාදය විසදනවා කියලා මුලින් කිව්වත්, ජනතා විමුක්ති පෙරමුණ,ජාතික හෙළ උරුමය වගේ පක්ෂ වල මෙහෙයවීම මත,කොටි ත්‍රස්තවාදය සමග යුධ වැදිලා ඒක පරාජය කළා. එතුමා සමෙන් හරි යුද්ධයෙන් හරි කොටි සංවිධානය පරාජ කළා. ඉතින් මම හිතුවා ඒ හින්දා එතුමාගේ දෙවැනි පාලන කාලය තුල රටේ තියෙන ආර්ථික ගැටළු විසඳලා, හොරමැරකම් නැතිකරයි කියලා. විශේෂයෙන්ම 2010 දී එතුමා එක්ක තරඟ කෙරු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මිලිටරි විදියටමයි දේශපාලනය කරන්න හැදුවේ. එතුමා ඒ මොහොතේ බලයට සුදුසු නෑ කියන එකයි මගේ අදහස උනේ. කොහොම හරී 2010 දී නැවත වරක් ජනාධිපතිධුරයට ආවට මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ දෙවැනි ධුරය තුල බොහෝ සෙයින් අසාර්ථක උනයි කියන එකයි මගේ හැගීම. විශේෂයෙන්ම 18 වැනි සංශෝධනයට නං මම එකග නෑ.

2015 දී තරග කරන්නේ දෙවතාවක් බලයට පත්ව සිටිනා මහින්ද රජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මයිත්‍රීපාල සිරිසේන මහතා. දෙදෙනාම දශක ගණනාවක දේශපාලන අත්දැකීම් තියෙනවා. මේ පාර මහින්ද රජපක්ෂ මහතා ජන්දයට ඉදිරිපත් වෙලා ඉන්නේ මට පෙන විදියට නං ඔහුගේ දෙවැනි ධුර කාලය බොහෝ සෙයින් අසාර්ථක වෙලා. ඒ අනුව බලනකොට මයිත්‍රීපාල සිරිසේන මහතා ජන්දය ඉල්ලන්නේ විධායක ජනාධිපති ධුරයේ තියෙන යම් යම් ඒකාධිපති බලතල අහෝසි කරලා, මනාප ජන්ද ක්‍රමයත් නැති කරලා නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න .මම ඒ දේට කැමතියි. ඒ නිසා මම මයිත්‍රීපාල සිරිසේන මහතාට ජන්දය දෙන්න තීරණය කාලා.

ඔය ගොල්ලෝ මොකක්ද අරන් තියෙන තීරණය? මෙතනදී කවුරුත් බැනගන්න අවශ්‍ය නෑ. තමුන්ගේ තීරණයට හේතු වූ කරනා පැහැදලි කරන්න පුළුවන් නං වටිනවා.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10676283_548659595277708_5393895919479441960_n.jpg

    :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද යුද්දයට තල්ලුවීම

    ලංකාවේ ජාතික ගැටළුවට ඉන්දියාව මෙන්ම අධිරාජ්‍යාවාදීන්ගෙ බලපෑම් ඇති විශාලයි. ඔවුන් සිය අරමුණු ඉටුකර ගැනීම සදහා ජාතික ගැටළුව පාවිච්චි කර ගනියි. අවසන් යුද්ධය ආරම්භ වීමට පෙර මහින්ද රාජපක්ෂද පෙර නායකයන් ලෙසම සාම සාකච්ඡා සදහා මාලදිවයිනට යාමට සියළු කටයුතු සුදානම් කර තිබිණි. එයට ඉන්දියාවද බලපෑම් කර කරමින් සිටි අතර ඊට පෙර සාම සාකච්ඡාවල අත්දැකීම් තිබු රටේ ජනතාවත් හමුදාවේ නිලධාරීනුත් ඊට විරෝධය දැක්වුහ. ජවිපෙ මහින්දගෙන් සාකච්ඡාවක් ඉල්ලා අරලිය ගහ මැදුරේ සාකච්ඡාවට ගියේ මාවිල් ආරැ සොරොව්ව වසා තිබියදීය. එහිදී ජවිපෙ පෙන්වා දුන්නේ එල් ටි ටි ඊය යුධමය වශයෙන් පරාජය කර සාමාන්‍ය දෙමළ ජනතාවට අයිතිවාසිකම් දිය යුතු බවයි. එනිසා එල්ටිටි යට ගහන්න කිව්වම ගහන්නෙ ලබ්බෙන්ද කියලයි මහින්ද ඇහුවේ. ගහන්න ආයුධ නෑ කියන එක කිව්වෙ එහෙම. සෝමවංශ අමරසිංහ මහතා එවිට කිව්වෙ රාජ්‍ය නායකයෙක් මේ විදියට නම් කතා කරන්නෙ සාකච්ඡා කරන එකේ තේරැමක් නෑ කියා නැගිටින විට නැවැත වාඩි කර ගත්තා. තියෙන ලබුවලින් ගහන්න ගහන අතරේ තව ලබු හොයාගමු කියමින් වාඩි වුනේ. ජවිපෙ මානෙල් මල් ව්‍යාපාරය හරහා හමුදා කදවුරැවලට ගිහිල්ලා ධෛර්ය දුන්නා එල්ටිටි යට ගහන්න පුළුවන් හිතන තරම් යකා කළු නෑ කියලා. රටේ ජනතාව යුද්ධය වෙනුවෙන් සියළු දුක් ගැහැට ඉවසා සිටියා ආණ්ඩුවට කරදර නොකර. යුධ වියදම් වෙනුවෙන් බදු ගෙව්වෙ ජනතාව. මාවිල් ආරැවලට ගහන නියෝගය දෙන්න වෙන තැනට මහින්ද තල්ලු වුනේ එහෙම. කැමැත්තෙන් යුද්ධෙ කරන්න ගියපු මිනිහෙක් නෙමෙයි මහින්ද. ආණ්ඩුවට තිබුණේ දේශපාලන තීන්දුව ගැනීම සහ යුධ වියදම් සදහා මුදල්දීම පමණයි. හමුදාව යුද්ධය දිනමින් ඉදිරියට යනකොට ඒකේ වාසිය පවුලේ අයට සීමා කරගන්න වැඩේ මහින්ද හොදට කර ගත්තා. දිනපු ගමන් යුද්ධයට නායකත්වය දීපු හමුදා නායකයෝ ඉවත් කළේ ඒ ගෙෘරවය ඔවුන්ට යන එක වලක්වන්න. ඒ වගේ අමු කුහකයෙක් මහින්ද. ජවිපෙ පක්ෂයක් හැටියට එල්ටිටි එකට සාම සාකච්ඡාවලට බොරැ සාමයට එරෙහිව විශාල වැඩ කොටසක් රට තුල කලා. එහෙත් වෙන කිසිවෙක් යුධ ජයගුහනයේ පංගුකාරයෙක් කරගන්න ජඩ මහින්ද ඉඩ තිබ්බෙ නෑ. තමන්ගෙ බල ව්‍යපෘතිය පවුලේ පැවැත්ම වෙනුවෙන් පමණක් යුධ ජයගුහනය මාධ්‍ය පාවිච්චි කරමින් බූදලයක් කර ගත්තා. රටේ මිනිස්සුත් දුර හිතුවෙ නැතුව රැවටුනා. ඕකයි ඇත්ත.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මේ ගැන දිගින් දිගටම කතා කරන එක නිෂ්පල වැඩක් කියලා මම හිතන්නේ. මේක මැසේජ් එක දන්නේ මහින්ද වැරදි කියලා තමන්ගේ මොලයට වැටහෙන අයට හා දැන් අවිරුදු 63 තිස්සේ තියන මෙමෙ පාලන ක්‍රමය වෙන්ස්වෙන්න් ඕනි කියලා හිතන අයට. මහින්ද නැති නම් මෙරට කානතාරයක් කියල හිතන් ඉන්න අය මහින්දටම චන්දේ දෙන්න. ගෙවල්වල අයටත් දෙන්න කියන්න. මහින්දට දෙන්න කියන අය තේරෙන්නේ නැතුව මහින්දට දෙන්න කියනව කියලා මම හිතන්නේ නැහැ. ඇත්ත නැත්ත වටහා ගන්න පුළුවන් හැම කෙන්ක්ටම තේරෙනවා ඇති මහින්ද රටට කරන විනාසය.

    එ හෙතුව නිසා තමයි මහින්දව මේවර පරාජය කරන්න ඕනි කියන්නේ. මහින්ද තව අවුරුදු 8 ඉන්න්ව් කියන්නේ තව අවුරුදු ගානකට රට පස්සට යන එක මිනිසුන්ට තවත් දුක් විදින්න වෙන එක. එත නවත්තන්න තියන එකම අවස්ථාව මේක. නැත්තම් තව අවුරුදු 8ක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා සියලුදෙනාම මහින්ද පරද කරන්න කටයුතු කරන්න. ඔබලා වෙන මොනයම් අපේක්ෂ්යෙක්ට චන්දේ දෙන්න. මයිත්‍රීට හෝ කුමන කෙනෙක්ට. කොහොම උනත් මහින්දට චන්දය දෙනව කියන්නේ රටේ විනාශයට පාර කැපීම.
    මහින්ද පරාද කල පලියටම අපේ ගැටළු විසදෙනවා කියලා ඔබලා හිතනවද?? ඔබලා එහෙම සිතනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි. මහින්ද පරාජය කිරීමෙන් පසුව තමයි නියම සටන පටන් ගන්නේ. මහින්ද පරද්දලා නිකම් අපිට අත පිහිදාගෙන පැත්තකට වෙන්න් බැහැ. එලගට එන ජනදිපතිට විදායකය අහෝසි කරලා , ස්වදින කොමිෂන් සභා අයිත පිකිටුවන්න කියලා බලකරන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2 සහයෝගෙන් බලයට එන නිසිම කෙනක අපිට කිසි වරප්‍රසාදයක් බන්දේසියක තියලා දෙන්නේ නැහැ. එම ක්‍රමයන් ලබාගැනීමට හා අවශ්‍ය ප්‍රතිසන්කරන කිරීමට අපි පත්වෙන ජනදිපතිට බල කරන්න ඕනි. ඒ බල කරන්න අවශ්‍ය ජන බලය සියලුම ජනතා එකතුවෙන්, පක්ෂ පාට බේදයකින් තොරව අපි නිර්මාණය කරගන්න ඕනි.

    එට පස්සේ තමයි රටට තියන හෙන වලින් බාගයක් වත් අඩු වුන කියලා හිතනන පුළුවන්
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi

    මේ ගැන දිගින් දිගටම කතා කරන එක නිෂ්පල වැඩක් කියලා මම හිතන්නේ. මේක මැසේජ් එක දන්නේ මහින්ද වැරදි කියලා තමන්ගේ මොලයට වැටහෙන අයට හා දැන් අවිරුදු 63 තිස්සේ තියන මෙමෙ පාලන ක්‍රමය වෙන්ස්වෙන්න් ඕනි කියලා හිතන අයට. මහින්ද නැති නම් මෙරට කානතාරයක් කියල හිතන් ඉන්න අය මහින්දටම චන්දේ දෙන්න. ගෙවල්වල අයටත් දෙන්න කියන්න. මහින්දට දෙන්න කියන අය තේරෙන්නේ නැතුව මහින්දට දෙන්න කියනව කියලා මම හිතන්නේ නැහැ. ඇත්ත නැත්ත වටහා ගන්න පුළුවන් හැම කෙන්ක්ටම තේරෙනවා ඇති මහින්ද රටට කරන විනාසය.

    එ හෙතුව නිසා තමයි මහින්දව මේවර පරාජය කරන්න ඕනි කියන්නේ. මහින්ද තව අවුරුදු 6 ඉන්න්ව් කියන්නේ තව අවුරුදු 6 රට පස්සට යන එක මිනිසුන්ට තවත් දුක් විදින්න වෙන එක. එත නවත්තන්න තියන එකම අවස්ථාව මේක. නැත්තම් තව අවුරුදු 6ක් බලන් ඉන්න වෙනවා. ඒ නිසා සියලුදෙනාම මහින්ද පරද කරන්න කටයුතු කරන්න. ඔබලා වෙන මොනයම් අපේක්ෂ්යෙක්ට චන්දේ දෙන්න. මයිත්‍රීට හෝ කුමන කෙනෙක්ට. කොහොම උනත් මහින්දට චන්දය දෙනව කියන්නේ රටේ විනාශයට පාර කැපීම.
    මහින්ද පරාද කල පලියටම අපේ ගැටළු විසදෙනවා කියලා ඔබලා හිතනවද?? ඔබලා එහෙම සිතනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි. මහින්ද පරාජය කිරීමෙන් පසුව තමයි නියම සටන පටන් ගන්නේ. මහින්ද පරද්දලා නිකම් අපිට අත පිහිදාගෙන පැත්තකට වෙන්න් බැහැ. එලගට එන ජනදිපතිට විදායකය අහෝසි කරලා , ස්වදින කොමිෂන් සභා අයිත පිකිටුවන්න කියලා බලකරන්න ඕනි. ප්‍රදාන පක්ෂ 2 සහයෝගෙන් බලයට එන නිසිම කෙනක අපිට කිසි වරප්‍රසාදයක් බන්දේසියක තියලා දෙන්නේ නැහැ. එම ක්‍රමයන් ලබාගැනීමට හා අවශ්‍ය ප්‍රතිසන්කරන කිරීමට අපි පත්වෙන ජනදිපතිට බල කරන්න ඕනි. ඒ බල කරන්න අවශ්‍ය ජන බලය සියලුම ජනතා එකතුවෙන්, පක්ෂ පාට බේදයකින් තොරව අපි නිර්මාණය කරගන්න ඕනි.

    එට පස්සේ තමයි රටට තියන හෙන වලින් බාගයක් වත් අඩු වුන කියලා හිතනන පුළුවන්

    Avurudu 6k neme ban Me para Pora dinnoth apahu Janadipthivaranayak enne ne..... sadakalma innava anika pora dinapu gaman divurum denne ne tava avurudu 2k edala tama divurum denne e kiyanne tama 8 years valata janadipthivaranayak enne ne
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Avurudu 6k neme ban Me para Pora dinnoth apahu Janadipthivaranayak enne ne..... sadakalma innava anika pora dinapu gaman divurum denne ne tava avurudu 2k edala tama divurum denne e kiyanne tama 8 years valata janadipthivaranayak enne ne

    හැදුව මචං මට මීටර් උනේ නැහැ එක
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    රුපවාහිනී එකේ සජීවී විකාශය මැතිවරණ රැළියක් කරා අන්තිමට
    පටන්ගත්තෙම නීති කඩල.මැතිවරණ කොමසාරිස් නීතිය ගැන කියල පැයයි ගියේ