මම මහින්දට නිකම් දෙනවා

amaz

Banned
Apr 10, 2009
889
94
0
මම මහින්දට නිකම් දෙනවා

11102777_803032083098284_2456577182326651868_n.jpg

2.jpg

1.jpg

ප‍්‍රශ්නය:- ඔබේ පීකොක් මන්දිරේ මහින්දට පූජා කරන්න යනවා කියා කතාවක් තියෙනවා.?
පිළිතුර:- ඔව්. ඔහු ඒ. ලියන්ත වයිට්ගේ ගෙදර ගියාම මම ඇහුවා ඇයි මේ රට යුද්ධයෙන් බේරාගත් නායකයා අක්කර 15කට 20කට කොටුවෙලා ඉන්නේ කියලා. එතුමා කිව්වා දරුවෝ තුන්දෙනා තුන් තැනක ඉන්නේ, රජයෙන් තවම නිවෙසක් හම්බුණේ නැහැ කියලා. හිටපු ජනාධිපතිතුමා ඒවගේ තැනක ඉන්න එක හොඳ නැහැනේ. මං ගොඩක් පොහොසත් නෑ. ගොඩක් දුප්පත් තැනක ඉදලයි මෙතනට ආවේ. ඒත් මගේ අක්කරයක පමණ ඉඩම සමග මන්දිරය මහින්ද රාජපක්ෂ මහත්මයාට ලබා දෙන්න තීරණය කළා.

ප‍්‍රශ්නය:- ඇයි ඊට පීකොක් මන්දිරය කියන්නේ?
පිළිතුර:- අපේ ගෙදර ඉස්සර සත්තු හිටියා. මොණරු ගොඩක් හිටියා. ඒ නිසයි පීකොක් මන්දිරය කියා නම දැම්මේ.

ප‍්‍රශ්නය:- මේ මන්දිරය ඔබ හදපු එකක්ද? නැත්නම් මිලදී ගත්තාද?
පිළිතුර:- මං හැදෙව්වේ. ජෙෆ්රි බාවා කියන ලෝක ප‍්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියා තමා වැඩ කටයුතු කළේ. දියවන්නාව ගලා යන්නේ මගේ නිවෙස දෙපැත්තෙන්. කොළඹ තිබෙන අලංකාරම මන්දිර දහයෙන් එකක් තමයි මේක. ලංකාවේ තානාපතිවරුන්ගෙන් සියයට අනූවක් පමණ මේකට ඇවිත් ඇති.
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
ප‍්‍රශ්නය:- නිවෙස හදන්න කොපමණ කාලයක් ගියාද?
පිළිතුර:- අවුරුදු එක හමාරක් පමණ යන්න ඇති.

ප‍්‍රශ්නය- මේ මන්දිරයේ ඔබ කොපමණ කාලයක් පදිංචිව සිටියාද?
පිළිතුර:- වසර ගණනක් හිටියා. මේ මන්දිරය ඉතා වාසනාවන්ත මන්දිරයක්. මට ගොඩක් දේවල් ලැබුණේ මේකට ආවට පස්සේ.

ප‍්‍රශ්නය:- ඔබ මන්දිරය මහින්දට දෙන්නේ කුලියටද? පරිත්‍යාගයක් ලෙසද? නැතිනම් ඔප්පුවකින් ලියා දෙනවාද?
පිළිතුර:- මීට පෙර මා මේ මන්දිරය මාසෙකට ලක්ෂ හතරකට කුලියටදී තිබෙනවා. මහින්ද මැතිතුමාගෙන් සල්ලි ගන්නේ නෑ. එතුමාට උදව්වක් විදියට නැවතිලා ඉන්නයි දෙන්නේ. මෙහි ටික දවසක් සුදු මහත්තයෙක් නැවතිලා හිටියා. ඔහු ඉන්න කාලේ බොහෝ දෙනෙක් මන්දිරයට ඇවිත් තියෙනවා. ඔවුන් සියලූ දෙනාම කිව්වේ තමන් දැකපු ලස්සනම මන්දිරය මෙය බව. සමහරු මේකට මාලිගාවක් කියනවා. ඒ තරම්ම ලස්සනයි. ඇවිල්ලම බලන්න ඕනෑ මේකේ ලස්සන.

ප‍්‍රශ්නය:- දේශපාලන වැඩ සඳුහා නේද මන්දිරය ලබා දෙන්නේ?
පිළිතුර:- නැහැ. නැහැ. දේශපාලන වැඩ සඳහා නොවෙයි ලබා දෙන්නේ. එතුමාටත් පවුලේ උදවියටත් නවතින්න. මේ ගැන වරදවා වටහා ගන්න එපා. මේ රජයෙන් මට ගහන්නේ නැති වෙයි කියා මා හිතනවා. මොකද මං දන්නවා මේ රජය මෙය හරියට තේරුම් ගනියි කියලා. මිතුරකු උදව්වක් ඉල්ලූවාම අහක බලාගෙන ඉන්න බැහැනේ. හිතවතකුට කරන උදව්වක් මේක.

ප‍්‍රශ්නය:- ඔබේ පක්ෂයත් මහින්දට පූජා කළේ ඇයි?
පිළිතුර:- මං කලිනුත් කිව්වා වගේ ඔබ මගේ හිතවතෙක් නම් උදව්වක් ඉල්ලූවාම නොකර ඉන්නේ නැහැනේ. අනිවාර්යයෙන් කරනවා. අන්න ඒවගේ තමයි. මොනවා වුණත් මං විශ්වාස කරනවා අවසානයේ මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වෙයි කියලා.

ප‍්‍රශ්නය:- නක්ෂත‍්‍රකරුවන් ඇවිත් මේ දවස්වල පීකොක් මන්දිරිය පරීක්ෂා කරන බව සමහරු කියනවා?
පිළිතුර:- මීට පෙර සමහරුන් ඇවිත් බැලූවා. ඔවුන් නක්ෂත‍්‍රකරුවන්ද කියා මං දන්නේ නෑ. දැන් ඒවා ඉවරයි. තව දවස් හය හතකින් හිටපු ජනාධිපතිතුමා ඇවිත් පදිංචි වෙයි.

ප‍්‍රශ්නය:- මහින්දට ඉල්ලන්න ඔබේ පක්ෂයේ ලකුණ නෙළුම්මල ලෙස වෙනස් කරන්න යන බව කියනවා?
පිළිතුර:- අපි මැතිවරණ කොමසාරිස්ගෙන් ඉල්ලීමක් කළා අපේ පක්ෂයේ ලකුණ ලෙස _දෑකැත්තයි මිටියයි දැමීමට. ඔහු කිව්වා එය ජාත්‍යන්තර කොමියුනිස්ට් ලාංඡුනය නිසා එය දෙන්න බැහැ කියලා. මොණරා ලකුණ අවශ්‍යනම් දෙන්නම් කිව්වා. කොමසාරිස්තුමා කිව්වා පක්ෂෙක ලාංඡුනය වෙනස් කරනවා නම් ක‍්‍රමවේදයක් තිබෙන බවත් ඡුන්දයක් ප‍්‍රකාශයට පත් කර සතියක් ඇතුළත ඉල්ලීමක් කරන ලෙස කිව්වා.


ප‍්‍රශ්නය:- පක්ෂය හා මන්දිරය මහින්දට පූජා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තර්ජන එහෙම ආවද?
පිළිතුර:- කිසිම තර්ජනයක් ආවේ නෑ. වෙන රජයක නම් තර්ජන එන්න තිබුණා. මේ රජය ඇත්ත තේරුම් අරගෙනයි තියෙන්නේ. මට මේ රජය එක්ක කිසිම තරහක් නෑ. මමත් ඇත්ත වශයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ගරුකරනවා. එතුමා සමග ඉන්නවා. පැවැති රජයේ වැරැුදි තිබුණු නිසානේ ජනතාව පැරැද්දුවේ. එහෙම පරද්දපු එකත් එක අතකින් හොඳයි. මහින්ද රාජපක්ෂ මහතාට එය තේරුම් ගන්න හොද අවස්ථාවක්.

ප‍්‍රශ්නය:- මහින්ද පැරැුද්දුවේ වටේ හිටපු අය බව සමහරු කියනවා?
පිළිතුර-:- ඇත්තටම ඔව්. රටේ ප‍්‍රශ්න ගැන ජනාධිපතිතුමා දැනුම්වත් කළේ නෑ. එතුමාට වැරැුදි උපදෙස් දුන්නා. ප‍්‍රශ්න ගැන දැනුම්වත් කළා නම් එතුමාට සොයා බලන්න තිබුණා.

ප‍්‍රශ්නය-:- මහින්ද වගේම මෛත‍්‍රීත් ඔබෙන් උදව්වක් ඉල්ලූවොත් කරනවාද?
පිළිතුර:- ඔව් අනිවාර්යෙන් කරනවා. මං එතුමාත් එක්ක ඉන්නවා. ඔහු මගේ හිතවතෙක්. එතුමාගේ මෑණියන්ගේ අභාවය වෙලේ පැදුරු සාජ්ජෙන් ලොකු දෙයක් කරන්න පුලූවන් වුණා. දවසක් මං කොණ්ඩෙ කපන්න ගිහින් ඉද්දි එතුමත් ආවා කොණ්ඬේ කපන්න. මට ඒ වෙලාවේ ස්තුති කළා. මං ඒ ගමන්ම දුවට කෝල් එකක් අරගෙන කිව්වා මෙතුමා ඇවිත් ඉන්නවා ඉක්මනින් මෙතනට ඇවිත් එතුමාගෙන් ආශිර්වාද ගන්න කියලා. දුව ඇවිත් වැඳලා ඔහුගේ ආශිර්වාද ගත්තා. එතුමා ඉතා හොඳ කෙනෙක්. මං එතුමාට ගහන්නවත්, එතුමා එක්ක තියෙන තරහකටවත් නොවෙයි මහින්ද මහත්තයාට උදව් කරන්නේ.

ප‍්‍රශ්නය:- අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර:- මං ඉල්ලන්නේ මේ මං කරන්න යන දේ ගැන වරදවා වටහා ගන්න එපා කියලයි.
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,895
    9,693
    113
    මිතුරකු උදව්වක් ඉල්ලූවාම අහක බලාගෙන ඉන්න බැහැනේ...අයියෝ මහින්ද..:lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    මන්දිර බද්දෙන් නිදහස් උනා එහෙනම්...
    හිටපු ජනාධිපතිකෙනෙකුට ලැබෙන වරප්‍රසාද මෙයාට තමයි හොඳටම ප්‍රයෝජනවත් වෙන්නේ

     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මන්දිර බද්දෙන් නිදහස් උනා එහෙනම්...
    හිටපු ජනාධිපතිකෙනෙකුට ලැබෙන වරප්‍රසාද මෙයාට තමයි හොඳටම ප්‍රයෝජනවත් වෙන්නේ


    ඔය ගෙදර රාජසන්තක කරගන්න තමයි ඔය මිනිහා හදන්නේ.
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    දැන් මැදමුලානේ බයියො ටික රාජගිරියට ඇවිල්ලා අඩන්න වැලපෙන්න පෝලිමේ පටන් ගත්තොත් තව ඇඩෙන්න කඳුලු ගෑස් පාරවල් හම්බ වෙයි.:lol:
     

    zsdx

    Member
    Apr 2, 2015
    13
    0
    0
    meka muge marketing trick ekak.mu kohomath land sale kaarayane.muta dan oya ge wikunanna puluwan value eka wage dethun gunayak wadiyen.ai mahinda pawa hitapu gedarane.free publicity ekath hambuna.ada wenakan mokekwath danne nahane ohoma geyak thibba kiyala.kohomada tikiri mole.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    මන්දිර බද්දෙන් නිදහස් උනා එහෙනම්...
    හිටපු ජනාධිපතිකෙනෙකුට ලැබෙන වරප්‍රසාද මෙයාට තමයි හොඳටම ප්‍රයෝජනවත් වෙන්නේ



    Mage Mey post ekata bayyonta ridila rep kapalaa :lol: