මම ලියපු පරණ එකක්
ඈත අහසින් බසින හිරු අද
මට එවයිදෝ මගේ පුන් සඳ
හිරුත් නැත රෑ තරුත් නැත
නුබ ගැබට ලැබුවද අද අමාවක
කුමුදු මල් විකසිත කරන්නට
සඳෙහි කිරණක් නොමැති යාමෙක
මගේ හදපිරි පැතුම් ගොන්නට
නොහැක ඉඩදිය මිලින වන්නට
වලා තීරය ඉරා නුබ ගැබ
තාරකා මල් පතුරවන්නට
මගේ හිත මට හොරා දිව යයි
නුඹේ රුව රහසින් බලන්නට
ඈත අහසින් බසින හිරු අද
මට එවයිදෝ මගේ පුන් සඳ
හිරුත් නැත රෑ තරුත් නැත
නුබ ගැබට ලැබුවද අද අමාවක
කුමුදු මල් විකසිත කරන්නට
සඳෙහි කිරණක් නොමැති යාමෙක
මගේ හදපිරි පැතුම් ගොන්නට
නොහැක ඉඩදිය මිලින වන්නට
වලා තීරය ඉරා නුබ ගැබ
තාරකා මල් පතුරවන්නට
මගේ හිත මට හොරා දිව යයි
නුඹේ රුව රහසින් බලන්නට