මම හැර සියලු දෙනාම නීතියට යටත්,
තමන් නීතියට යටත් නැති බව ජනාධිපතිම පිළිගත්තා - මංගල සමරවීර
දේශීය 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 17:33
තමන් නීතියට යටත් නැති බව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්ම පිළීගෙන ඇති බවත්, මෙය රටේ ප්රජාතන්ත්රවාදයට සිදු කර ඇති හානිය මනාව හෙළි කරන්නක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පැවසීය. අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා පැවසුවේ ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රකාශයෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසුවේ "මේ රටේ සියලු දෙනා නීතියට යටත්, හැබැයි මම හැර" යනුවෙන් බවත්, මෙයින් විධායක ජනාධිපතිවරයා නීතියටත් උඩින් සිටින බවත් පැවසීය. "මේක රටේ ප්‍රජාතන්තවාදයට එල්ල වී ඇති හානියේ තරම හොඳින්ම පෙන්වන්නක්. ජනාධිපති කියනව මම නීතියට යටත් නැහැ. උඔල කරන ඕනෙ දේකට මම දඬුවම් කරනව. හැබැයි මට විරුද්ධව උඹලට මුකුත් කරන්න බැහැ කියන එක තමයි ඒකෙන් කිව්වෙ. මේකෙන්ම පේනව මේ විධායකය රටේ ප්රජාතන්ත්රවාදයට කොතරම් හානි දායකද කියල. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනව රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් විධායකයට එරෙහිව අපිත් එක්ක එකතු වෙන්න කියල" සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.