***මම හේනේ ඉද්දි කතා***

bokka123

Member
May 30, 2011
35
12
0
***මම හේනේ ඉද්දි කතා***

ඔන්න මම හේනට ගිය පලවෙනි දවස ටිකක් බයයි ඒ උනාට දන්න කියන කට්ටිය ටික නිසා ගනනක් නෑ කතාව එකපාරටම කියන්න අමාරැයි හෙමිහිට කියන්නම් ඉතින්..වැඩ පුරැදුවෙනකල් ඉතින් දවස් 2ක් විතර බලා ඉන්න තමයි උපදෙස් ලැබුනේ..පලවෙනි දවසෙ නම් බඩ පැලෙනකල් කාලා හොදට නිදා ගත්තා..දන්නවනේ ඉතින් කන්න බොන්න තියෙන්නේ මොනවද කියල..දොල පාරනම් කිට්ටුයි දොලේ වලක් කපල මොටර් වලින් තමයි වතුර ගහන්නේ ..ඒ දවස් වල තමයි ඇතිවෙන්න මස් කෑවේ..තුන් වේලටම වේලපු මුව මස්..ගෝන මස්..ඌරැ මස් තමයි කන්න උනේ..ඉදල හිටල රෑට දඩයමක් උනොත් තමයි මස් උයල කන්නේ..ඉතිරිවා තම්බලා ලුනු ස්වල්පයක් දමා වේලනවා...උම්බලකඩ සයිස් එකටම වේලනවා..රෙප් එකක් හරි බම්පියෙක්ගෙන් හරි දීලි සහයෝගයක් දෙන්න
 
Last edited:

bokka123

Member
May 30, 2011
35
12
0
dde

දඩයමේ යන හැටිත් කියන්නම්කො දෙයියනේ කියල මහ එකාටත් මතුරල සතා සිවුපාවුන්ගෙන් කරදර නොවෙන්න ආරක්ශාවක් දමාගෙන තමයි යන්නේ හොද ටොච් එකක් තියෙන්නම ඔන ආයිත්තම් වශයෙන් තුවක්කු 3ක්..පතුරම්..පිහි..ලනු.. අරගෙන තමයි යන්නේ උපරිම උනොත් 4දෙනයි යන්නේ මේවා කැස්කොට එහෙම නෙවෙයි(වෙඩිබෙහෙත් ඊයම්කැට මිශුණයක් දමා කොටා වෙඩි තැබිය හැකි තුවක්කුවක්..ගිනිගලකින් තමයි උන්ඩය ඇවිලෙන්නෙ)...වරහන් ඇතුලේ දැම්මේ කැස්කොට ගැන ඒත් ඒව නෙවෙයි අපිට තිබුනේ කට්ටිය දැකල ඇතිනෙ පතුරම් තුවක්කු අන්න ඒවා..ඒවට දමන පතුරමට කියන්නේ දොලහ කෑල්ල කියල..සතෙකුට වැදුනොත් නම් සුවර් ශොට් ඒත් හාවෙක් වගේ පුන්චි සතෙකුට තිව්වොත් සමහර වෙලාවට කන්න දෙයක් නෑ..සතෙක් ටොච් එලියට ඇස් දුන්නොත් ඒ සතාගේ අවසානය තමයි බොහො වෙලාවට..මේ අතර උන රසබර භයානක සිද්දි පසුවට කියන්නම්..