අම්මාගේ ආදරය කියන්නෙ මහ පුදුම දෙයක් වෙන්නැති. ඒක තමන්ගෙ දරුවාට විතරක් තියෙන අසමසම ආදරයක් වෙන්නැති. මං එහෙම ආදරයක් හෙව්වා. නාඳුනන ගැහැනුන්ට ආත්මාර්ථය විසිකර දමා ආදරය කළා. නාඳුනන ගැහැනුන්ට ‘අම්මේ’ කියල දණගහල වැන්ද. ඒත් ඒ හැම කෙනෙකුගෙම ආදරය යට අළු යට ගිනිපුපුරු වගේ ආත්මාර්ථය තිබුණ. ඒවා මෙළවිලා ඇවිලිලා ගිනි ජාලාවක් වෙලා මාව පිච්චෙනකොට ‘අනේ, අම්මේ!’ කියල හිසකෙස් පහුරුගාගෙන මම ඇඬුවා.
මේක කියවන ඔබ නොලැබුණ හුඟක් දේවල් ගැන දුක් මහන්සි වෙනව ඇති. තියෙන දේවල් ගැන අගයක් නැතිව ඇති. මට නම් ජීවිතයේ හුඟක් දේවල් ලැබුණ. රාජසිංහ රජ්ජුරුවන්ගෙ මාලිගාවටත් වඩා ලොකු ලස්සන මාලිගාවක් වගේ ගේක ජීවත්වෙන්න ලැබුණ. ඒත් මට එකක් ලැබුණෙ නෑ. ඒක ආයෙ ලබන්නත් බෑ. ඒ අම්මාගේ ආදරය. ඒක ඔබ ලබල ඇති. ඔබ දිනුම්. මං පරාදයි. ඔබ මගෙන් ඇහැව්වොත් ඔබද ලක්ෂපති? මමද ලක්ෂපති? කියල, ඔබ ලක්ෂපති. මං හිඟන්නෙක්.....
Read More