මයිත්‍රී_ගේ_යෝජනා_Must_Read

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම හිත්න විදියට නම් මෙ වෙලාවෙ හැටියට මෙ දෙන්නටම චන්දෙ දෙන එක මොඩ වැඩක්.මහින්ද ගසා කනවා,ඒකාදිපති කියල ඒක නවත්තන්න මෙත්‍රීට දෙනව කියන්නේ ඉල්ලගෙන කනව වගේ වැඩක්. මොකද මෙත්‍රී එක්ක ඉන්නෙ ඔක්කොම තම තමන්ගෙ පුද්ගලික දේ කර ගන්න බලාගෙන ඉන්න කට්ටියක්. හොදම දේ දෙන්නටම චන්දෙ නොදී ඉන්න එක. මොකද මෙ පර මහින්ද දින්නොත් අයෙත් 2020 ටම චන්දයක් එන්නේ. ඒ වෙනකොට ලන්කාවෙ ප්‍රබල විපක්ශෙ විදියට JVP එක හිටියොත් අයෙත් පොදු අපේක්ශකයෙක් ඕනෙ වෙන එකක් නැ.ඒත් එහෙම නොඋනොත් අයෙත් වෙන්නෙ මහින්දගෙම කෙනෙක් රජ වෙන එක තමා.
    පුද්ගලික මතය....

    :yes::yes:

    මෙකම් තමයි මම හිතන්නෙත්
     
    Last edited:
    Nov 28, 2014
    117
    3
    0
    Must Read

    You should be must read this discussion, because you can learn many things from it for your bright future as well as making a good identification of your self. So please don't ignore and read it.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ශ්‍රීලනිප, එජාප , ජවිපෙ පාක්ශිකයෙක් ලෙස නොව ශ්‍රී ලාංකිකයෙක් ලෙස මේ යෝජනා කියවා හිතකරද නැද්ද යන්න තීරණය කරන්න. සැමට එකලෙස සලකන පොලිසියක් උසාවියක් අපේ ඉල්ලීම් නොව අපේ මූලික අයිතිවාසිකමක් නොවෙද ? අපේ අනාගත පරපුරේ නාමයෙන් මයිත්‍රී ගෙනියන මෙම මානුශික මෙහෙයුම සාර්ථක වේවායි රටට ආදරේ පුරවැසියන් ලෙස අපි සියල්ල පැතිය යුතු නොවේද ?

    1. - දැනට පවත්නා විධායක ජනාධිපති ක‍්‍රමය දින සියයක් ඇතුළත සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක‍්‍රමයක් ස්ථාපිත කිරීම. අලුතින් ඇතිකෙරෙන පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය තුළ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර ජනාධිපති ධූරයට ඊට උචිත වගකීම් සහ බලතල පැවරීමට ද ජනාධිපති ධූරය රටේ ජාතික සමගියේ ප‍්‍රතිමූර්තියක් ලෙස ස්ථාපිත කිරීම.
    2. - 18 වන සංශෝධනය අහෝසි කර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණය සඳහා අත්‍යාවශ්‍ය වන්නා වූ අධිකරණය, පොලීසිය, රාජ්‍ය සේවය, මැතිවරණ බලධාරීන්, නීතිපති, විගණකාධිපති වැනි ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනවල සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය නැවත ඇති කර වඩාත් ශක්තිමත් කිරීම.
    3. - මනාප ඡන්ද ක‍්‍රමය මුළුමනින්ම අහෝසි කර සෑම මැතිවරණ ආසන කොට්ඨාශයකටම තමන්ගේම මන්ත‍්‍රීවරයෙකු ලැබෙන සහ සියලූ ජනකොටස් සහ දේශපාලන මතවලට නිසි නියෝජනයක් ලැබෙන, පැරණි මන්ත‍්‍රී ආසන ක‍්‍රමයේ සහ සමානුපාතික ක‍්‍රමයේ සම්මිශ‍්‍රණයෙන් නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම.
    4. - ජනතාව මත පටවනු ලැබ ඇති අතිමහත් ජීවන බර සැහැල්ලූ කිරීම සඳහා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම, ආර්ථිකයේ කාර්මික, කෘෂිකාර්මික, වැවිලි, ධීවර සහ සුළු කර්මාන්ත වැනි අංශ ශක්තිමත් කිරීම සහ දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම, සමාජයෙන් කොන් වී ඇති සහ දිළිඳු ජනකොටස් ද විශේෂයෙන්ම ස්ත‍්‍රීන්, ළමුන්, වැඩිහිටි ජනයා, විශ‍්‍රාමිකයින් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් ද ඉලක්ක කරගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැළක් ස්ථාපිත කිරීම.
    මීට අමතරව යෝජිත දින සියය තුළදීම පහත සඳහන් ඉලක්ක ජයගැනීම සඳහා ද වැඩපිළිවෙළක් දියත් කෙරේ:
    • - පෙරනොවූ විරූ ආකාරයෙන් සිදුවන මහා පරිමාණ වංචා, ¥ෂණ අල්ලස් ගැනීම් හා කොමිස් ගැනීම් මෙන්ම මහජන මුදල් නාස්තිකාර ලෙස අපහරණය කිරීම වැළැක්වීම සඳහා දැඩි විනිවිදභාවයකින් යුත් වගවීමේ ක‍්‍රමවේදයක් ඇති කිරීම. එසේම සිදු වී ඇති අපහරණයන් පිළිබඳව නීතියට අනුව කටයුතු කිරීම.
    • -නීතියේ ආධිපත්‍යයට ප‍්‍රමුඛස්ථානය දීම, යහපාලනය මත ස්ථිරසාර ලෙස පදනම් වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කිරීම, මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කොට ප‍්‍රවර්ධනය කිරීම, මාධ්‍ය නිදහස සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ද ඇතුළු අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සහ මානව ගරුත්වය ඇතිව ජීවත් වීමට ඇති අයිතිය සහතික කිරීම.
    •- සැමට මානව ගරුත්වය සහිතව ජීවත් වීමට ඇති අයිතිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සුභසාධන රාජ්‍යය නැවත ස්ථාපිත කිරීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍ය සේවාවන් සඳහා සියලු පුරවැසියන්ට ඇති අයිතිය සහතික කිරීම.
    •- සීඝ‍්‍රයෙන් වෙනස්වන ලෝකයේ අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකිවන ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීම සහ විශේෂයෙන්ම ඉහළ මට්ටමේ රැකියාවන් සඳහා තරුණ පරපුර සූදානම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම, සෙසු නිපුණතා සහ පුහුණුව ඔවුන් වෙත ලබා දීම.
    •- සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන ක්ෂේත‍්‍රයන්හි රටේ සියලු පුරවැසියන්ට ගරුත්වය සහ සමාන අවස්ථා සහතික කිරීම.
    •- ශිෂ්ට සම්පන්න සහ සදාචාරමත් සමාජයක් බිහි කිරීමට සහ විශේෂයෙන්ම දැනට සීඝ‍්‍ර පරිහානියකට පත්වී ඇති රටේ දේශපාලන සංස්කෘතිය නඟා සිටුවීම.

    එකඟයි. මේ යෝජනා ඉතාම කාලෝචිතයි. සිදුවිය යුතු, කළ යුතු දේවල්.

    මට මේ ටික කියවද්දි මතක් වුනේ 'මහින්ද චින්තනේ' ගෙනාපු දවස්. ඒක ආවහමත් කට්ටිය සතුටු වුනේ මෙහෙමම තමා.

    යෝජනා වලට චන්දෙ දෙන්න බැහැ. ප්‍රතිපත්ති හා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල (කියපු දේ කරන්නෙ කොහොමද?) කියන එක කිව්වොත්, අපිට ඒකට එකඟ වෙන්න පුළුවන් නම් චන්දෙ එයාට.

    ලoකාවෙ දෙශපාලුවො කොච්චර බොරු කියල තියෙනවද කිව්වොත්, එකෙක්වත් මිනිස්සුන්ට විශ්වාස කරන්න බැරි ගානට ගිහින්. :(
     
    • Like
    Reactions: Gatapolos

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ඔය විධායක බලය හින්දනේ මහින්ද හා වටේ ඉන්න එවුන් ගසා කන්නේ.
    ස්වාධීන කොමිෂන් (අල්ලස් කොමිෂම වගේ) සභා අැති කරල, ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරොත් ඔ්ක වෙනස් කරන්න පුළුවන්.
    එහෙම නැතුව හිටියොත් හැමදාම මේ දූෂණය තියෙයි.
    මගේ අදහස කීවේ.

    විදායක බලය කලින් ඉදලම තිබ්බනෙ බන්.18 වෙනි එකට මමත් එකෙන්ම කැමති නැ.ඒත් ඉතින් උබල අපි ඉපදෙන කාලෙ ඉදන් ඔය 17 වෙනි එක ක්‍රියාත්මක වෙලා තිබ්බනෙ. දැන් මෙතන වෙලා තියෙන්නේ අලුත් සටන් පාටයක් නෑ.මෙත්‍රී සහ එයගේ පිරිස කියන්නේ විදායක බලය අහොසි කරනවා,රනිල් අගමැති වෙනවා,ජනදිපතිවරයකුට තිබිය යුතු බලතර සමග මෙත්‍රී ජනාතිපති වෙනවා. එතකොට මෙ කට්ටිය රටක් දුයුනු කරන්න මොනවද කරන්නේ කියල තාම කියන නැනේ.ඊයේ අත්සන් කරපු යොජනා කරන විදියක් තාම කිවුවෙ නෑනේ?
    :oo:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28

    18න් කරේ 17 අහෝසි වුණ එකනෙ. ස්වාධීන කොමිසන් නැත්තටම නැතිවුණා.
    විධායකය එ් කාලෙ ඉදල තිබ්බට කවුරුත් මේතරම් එ්ක වැරදියට පාවිච්චි කරේ නෑ.
    වැරදියට පාවිච්චි කරා කියමුකො ගොඩක් අය. විධායකයේ බලතල වැඩි කරල වාර දෙකකට වඩා ජනපති වෙන්න හදන එක අනුමත කරන්න බෑ.
    ස්වාධීන කොමිෂන් නැති කරපු එක අනුමත කරන්න බෑ.

    රනිල් අගමැති වුණා කියල විධායක බලතල නැහැනෙ. පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලයට වග කියන පුද්ගලයෙක් වෙන්නේ.
    සර්ව පාක්ෂිකව තමා අැමතිවරු පත්වෙන්නේ. එ්ක නිසා පක්ෂයක් රට පාලනය කරන සම්ප්‍රදාය වෙනස් වෙනව.
    10 ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනව කියල වගේ මතකයි. :dull:
    රනිල් නම් කීව එයාගෙ අරමුණ රැකියා අැති කිරීම කියල රට තුළින්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මහින්ද චින්තනේ ඔයිට වඩා ලසන්නයි
    එත් මහින්ද කරපු වැඩ අජුවයි
    මයිත්‍රී ගේත් එහෙම වෙයිද කියලා සැකයි
    මම නම් චන්දේ දන්නේ නැහැ.
    දෙන්නගෙන් එකෙක්ට වත්

    මු ඔක්කොම පන්නලා වික්ලයක් ගේන්නේ ඕනි වෙනම පක්ෂයක්
    රටට අදරේ කරන
    :yes:
    මෛත්‍රී කියන්නෙත් රනිල්ට දෙවනි නැති ගෝබ්බ ඩයල් එකක් බං..
    මමත් මරාට දෙන්නෙත් නෑ.. මෛත්‍රීට දෙන්නෙත් නෑ..
    මෛත්‍රී කොච්චර කෑගැහුවත් දිනන් බෑ කියලා නම් මං දන්නවා..
    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes:
    මෛත්‍රී කියන්නෙත් රනිල්ට දෙවනි නැති ගෝබ්බ ඩයල් එකක් බං..
    මමත් මරාට දෙන්නෙත් නෑ.. මෛත්‍රීට දෙන්නෙත් නෑ..
    මෛත්‍රී කොච්චර කෑගැහුවත් දිනන් බෑ කියලා නම් මං දන්නවා..
    :rofl:

    මම දෙන්නේ නැහැ කොහොමත් කාටවත්
    එත් සහෝ ඔය ගොබ්බ ඩයල් එකක් රැවුල නැහැ, කොට් අදිනවා ළමයි නැහැ
    ඔයවගේ හේතු මනින්න එපා කාවවත්.

    මිනිහෙක්ගේ

    විශ්වාශය
    පෙර වැරදි
    රැකියාව
    සදරනත්වය

    ඕව ගැන හිතලා තායි චන්දේ දෙන්න ඕනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එකඟයි. මේ යෝජනා ඉතාම කාලෝචිතයි. සිදුවිය යුතු, කළ යුතු දේවල්.

    මට මේ ටික කියවද්දි මතක් වුනේ 'මහින්ද චින්තනේ' ගෙනාපු දවස්. ඒක ආවහමත් කට්ටිය සතුටු වුනේ මෙහෙමම තමා.

    යෝජනා වලට චන්දෙ දෙන්න බැහැ. ප්‍රතිපත්ති හා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල (කියපු දේ කරන්නෙ කොහොමද?) කියන එක කිව්වොත්, අපිට ඒකට එකඟ වෙන්න පුළුවන් නම් චන්දෙ එයාට.

    ලoකාවෙ දෙශපාලුවො කොච්චර බොරු කියල තියෙනවද කිව්වොත්, එකෙක්වත් මිනිස්සුන්ට විශ්වාස කරන්න බැරි ගානට ගිහින්. :(

    :yes::yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මහින්ද චින්තනේ ඔයිට වඩා ලසන්නයි
    එත් මහින්ද කරපු වැඩ අජුවයි
    මයිත්‍රී ගේත් එහෙම වෙයිද කියලා සැකයි
    මම නම් චන්දේ දන්නේ නැහැ.
    දෙන්නගෙන් එකෙක්ට වත්

    මු ඔක්කොම පන්නලා වික්ලයක් ගේන්නේ ඕනි වෙනම පක්ෂයක්
    රටට අදරේ කරන

    ඡන්දේ නොදා ඉන්න එපා මචන්. වෙන්න ඔන හැමදාම ඡන්දේ දාලා රැවටිලා ඉන්නේ නැතුව අපි පත්කරගන්න නියෝජිතයාගෙන් අපි පත්කරපු කාරණාව ඉෂ්ට කරගන්න ඕන. ඒකට සාමූහිකව පාරට බැහැලා අරගල කරන්න ඕන. නැතුව නම් මේ system එක වෙනස් කරන්න බැරිවෙයි. හැමදාම කාට හරි බැන බැන තමයි ඉන්න වෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඡන්දේ නොදා ඉන්න එපා මචන්. වෙන්න ඔන හැමදාම ඡන්දේ දාලා රැවටිලා ඉන්නේ නැතුව අපි පත්කරගන්න නියෝජිතයාගෙන් අපි පත්කරපු කාරණාව ඉෂ්ට කරගන්න ඕන. ඒකට සාමූහිකව පාරට බැහැලා අරගල කරන්න ඕන. නැතුව නම් මේ system එක වෙනස් කරන්න බැරිවෙයි. හැමදාම කාට හරි බැන බැන තමයි ඉන්න වෙන්නේ.

    අනේ මන්ද බන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිර ගෙදරදි ඉපදී වයස අවුරුදු 18 වන තෙක් එහිම හිඳ වයස අවුරුදු 18 දී සිරෙන් නිදහස් වී පසුව සිරගතව සිටි තම මව බේරාගත් පුතෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙයි.
    ලෝකය පුරා ජනමාධ්‍යවල මේ කතාව හැඟීම් දනවන මානුෂීය කථාවක් සේ පැතිරෙයි.
    ඉන්දියාවේ කාන්පුර්හි විජායි කුමාරි මිනීමැරුමට සැක පිට රිමාන්ඩ් බන්ධනාගාර ගත බව විට ගැබිණියක්ව සිටියාය.
    පසුව ඇය සිරගෙදරදීම පුතකු ප්‍රසූත කළ අතර දෙදෙනාම සිටියේ සිර ගෙදරය. ඒ ඇප මුදල් ගෙවා ගත නොහැකි වීම නිසාය.
    පසු කලෙක ඇගේ සැමියා ද ඇය අතහැර දැමුවේය.
    වයස අවුරුදු 11 වන තෙක් තම මව සමග සිරගෙදර සිටි පුතා පසුව ලන්නම් බන්ධනාගාරයට මාරු කළ අතර වයස අවුරුදු 18 වන තෙක් එහි සිට පසුව නිදහස් විය.

    සිරෙන් නිදහස් වූ මේ පුතා ඇඟළුම් කම්හලක සේවය කොට උපයා ගත් මුදල් රැගෙන අලහබාද් මහාධිකරණය වෙත ගොස් තම මව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

    උසාවි නියෝගය ගැනීමෙන් පසු කහපාට සාරියක් මිලයට ගත් ඔහු එයත් රැගෙන බන්ධනාගාරයට ගියේ තම මව සිරෙන් නිදහස් කර ගැනීමට.
    පුංචි අවදියේදී තම දරුවා වෙන් වූ නිසා අයට තම පුතාගේ මුහුණුවර අමතකවී තිබිණි.
    පසුව ඇය තම පුතා හදුනාගෙන අඔහු බදාගෙන හැඬුවාය.
    දැන් මේ පුතා කන්නියා සහ ඔහුගේ මව විජායි කුමාරි එකම ගදරක වසති. ඒ අතීතය අමතක කරමිනි.

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එකඟයි. මේ යෝජනා ඉතාම කාලෝචිතයි. සිදුවිය යුතු, කළ යුතු දේවල්.

    මට මේ ටික කියවද්දි මතක් වුනේ 'මහින්ද චින්තනේ' ගෙනාපු දවස්. ඒක ආවහමත් කට්ටිය සතුටු වුනේ මෙහෙමම තමා.

    යෝජනා වලට චන්දෙ දෙන්න බැහැ. ප්‍රතිපත්ති හා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල (කියපු දේ කරන්නෙ කොහොමද?) කියන එක කිව්වොත්, අපිට ඒකට එකඟ වෙන්න පුළුවන් නම් චන්දෙ එයාට.

    ලoකාවෙ දෙශපාලුවො කොච්චර බොරු කියල තියෙනවද කිව්වොත්, එකෙක්වත් මිනිස්සුන්ට විශ්වාස කරන්න බැරි ගානට ගිහින්. :(
    එකගයි. එදා මහින්ද එනකොට හිතුවෙත් ජාතියේ ඉටු දේවතාවා කියලා. කවුද හිතුවෙ මෙහෙම වෙලා නවතියි කියලා. කවුරුහරි ඇවිල්ලා අඩුගානෙ රටේ නීතිය දූෂණය වංචාවට විරුද්ධව වැඩ කරනවා නම් අපිට ඕනි එච්චරයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සිර ගෙදරදි ඉපදී වයස අවුරුදු 18 වන තෙක් එහිම හිඳ වයස අවුරුදු 18 දී සිරෙන් නිදහස් වී පසුව සිරගතව සිටි තම මව බේරාගත් පුතෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙයි.
    ලෝකය පුරා ජනමාධ්‍යවල මේ කතාව හැඟීම් දනවන මානුෂීය කථාවක් සේ පැතිරෙයි.
    ඉන්දියාවේ කාන්පුර්හි විජායි කුමාරි මිනීමැරුමට සැක පිට රිමාන්ඩ් බන්ධනාගාර ගත බව විට ගැබිණියක්ව සිටියාය.
    පසුව ඇය සිරගෙදරදීම පුතකු ප්‍රසූත කළ අතර දෙදෙනාම සිටියේ සිර ගෙදරය. ඒ ඇප මුදල් ගෙවා ගත නොහැකි වීම නිසාය.
    පසු කලෙක ඇගේ සැමියා ද ඇය අතහැර දැමුවේය.
    වයස අවුරුදු 11 වන තෙක් තම මව සමග සිරගෙදර සිටි පුතා පසුව ලන්නම් බන්ධනාගාරයට මාරු කළ අතර වයස අවුරුදු 18 වන තෙක් එහි සිට පසුව නිදහස් විය.

    සිරෙන් නිදහස් වූ මේ පුතා ඇඟළුම් කම්හලක සේවය කොට උපයා ගත් මුදල් රැගෙන අලහබාද් මහාධිකරණය වෙත ගොස් තම මව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.

    උසාවි නියෝගය ගැනීමෙන් පසු කහපාට සාරියක් මිලයට ගත් ඔහු එයත් රැගෙන බන්ධනාගාරයට ගියේ තම මව සිරෙන් නිදහස් කර ගැනීමට.
    පුංචි අවදියේදී තම දරුවා වෙන් වූ නිසා අයට තම පුතාගේ මුහුණුවර අමතකවී තිබිණි.
    පසුව ඇය තම පුතා හදුනාගෙන අඔහු බදාගෙන හැඬුවාය.
    දැන් මේ පුතා කන්නියා සහ ඔහුගේ මව විජායි කුමාරි එකම ගදරක වසති. ඒ අතීතය අමතක කරමිනි.

    man u allright ?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කරනවා කියන්න හැමෝටම පුලුවන්.. කරන්නේ කොහොමද කියන එකයි වැදගත්?
    17 ඉඩම් හා පොලිස් බලතල නැතුව ගෙනැල්ලා ස්වාධීන කොමිශන් සභා ටික ඇතිකරොත් ඇති:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    man u allright ?
    පන්තිය අපෙ ටුවෙල් සී
    කොල්ලො ටික ෆුල් නොයිසී
    "මචංලා අර කම් සී "
    හදිසියේ එක් අයෙක් පැවසී

    එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය
    හක්ක පනිනා ගානය
    දික් කරපු අත මානය
    බැලුව අප කිමදැයි විකාරය

    අර එපිට කොරිඩෝරය
    පන්තියට අපෙ පාරය
    කොනෙන් මතු වුන සාරිය
    දැක සියලු සිත් ෆුල් බකල් විය

    ටක ටකස් හැඩ පැතිරී
    විය අපේ කන් බිහිරී
    අයිස්චර්යත් පදිරී
    අලුත් ටීචර් නමින් මිහිරී

    ගමනෙ තාලෙට පැද්දෙන
    උකුල එහෙ මෙහෙ විසිවෙන
    කුමට ඇස් මේ නොදකින
    දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන

    පොත් මිටිය ගෙන වමතට
    රැගෙන සාරිය දකුණට
    ඔතා රවුමක් ඉනවට
    සිනා සලමින් ආව ඇතුලට

    නොවී පමනක් දෑසට
    මිහිර දැනුනා නහයට
    පිබිදුනා හිත සුවඳට
    වැස්ස වාගෙයි වැටුන කතරට

    සිනාසෙන ඇගෙ දෙතොලේ
    ගෑවිලා වගෙ අමු ලේ
    රෝස පාටයි කොපුලේ
    අහසෙ පාටයි දෙනෙත් සඟලේ

    හමා සුළඟක් පැමින...
    කෙස් කළඹ මන බඳින...
    දුටු විටදි හැටි සැලෙන...
    තාලෙටම මගෙ හිතත් නටන...

    අදින් පසුනං පාසැල...
    වගෙයි මටනං පංසල...
    නිවන් දකිනා මංසල...
    ඇයයි වේලෙන අපට දන්සැල...

    සුර ලොවින් ආ කිඳුරී
    වගෙයි අප හට මිතුරී
    කලඹනා සිත මධුරී
    වනමි මේ ලෙස ටීච මිහිරී
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    පන්තිය අපෙ ටුවෙල් සී
    කොල්ලො ටික ෆුල් නොයිසී
    "මචංලා අර කම් සී "
    හදිසියේ එක් අයෙක් පැවසී

    එක්ස්ප්‍රෙෂන් උගෙ මාරය
    හක්ක පනිනා ගානය
    දික් කරපු අත මානය
    බැලුව අප කිමදැයි විකාරය

    අර එපිට කොරිඩෝරය
    පන්තියට අපෙ පාරය
    කොනෙන් මතු වුන සාරිය
    දැක සියලු සිත් ෆුල් බකල් විය

    ටක ටකස් හැඩ පැතිරී
    විය අපේ කන් බිහිරී
    අයිස්චර්යත් පදිරී
    අලුත් ටීචර් නමින් මිහිරී

    ගමනෙ තාලෙට පැද්දෙන
    උකුල එහෙ මෙහෙ විසිවෙන
    කුමට ඇස් මේ නොදකින
    දෙරණෙ මිස් ශ්‍රී ලංකා සිහිවෙන

    පොත් මිටිය ගෙන වමතට
    රැගෙන සාරිය දකුණට
    ඔතා රවුමක් ඉනවට
    සිනා සලමින් ආව ඇතුලට

    නොවී පමනක් දෑසට
    මිහිර දැනුනා නහයට
    පිබිදුනා හිත සුවඳට
    වැස්ස වාගෙයි වැටුන කතරට

    සිනාසෙන ඇගෙ දෙතොලේ
    ගෑවිලා වගෙ අමු ලේ
    රෝස පාටයි කොපුලේ
    අහසෙ පාටයි දෙනෙත් සඟලේ

    හමා සුළඟක් පැමින...
    කෙස් කළඹ මන බඳින...
    දුටු විටදි හැටි සැලෙන...
    තාලෙටම මගෙ හිතත් නටන...

    අදින් පසුනං පාසැල...
    වගෙයි මටනං පංසල...
    නිවන් දකිනා මංසල...
    ඇයයි වේලෙන අපට දන්සැල...

    සුර ලොවින් ආ කිඳුරී
    වගෙයි අප හට මිතුරී
    කලඹනා සිත මධුරී
    වනමි මේ ලෙස ටීච මිහිරී
    මාස පෝය කාලෙට සමහරුන්ට ඔහොම වෙනවා. අවුලක් ගන්න එපා මචන්
    11.gif