අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා යොමුකර ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග කියා සිටියි.
ඒ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයේ ජය ශ්රී මහා බෝධිය රුවන්මැලි සෑය වැඳපුදා ගෙන කොළඹ පැමිණි පසු මෙම ලිපිය යොමු කර ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.
හෙට දිනයේ අරලියගහ මැදුරට කැඳවා ඇති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හමුවේ එය ප්රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇතැයි ද සඳහන්ය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් වූයේ යැයි වාර්තා වීමත් සමග අරලියගහ මන්දිරය ඉදිරිපිට කඳවුරු බැඳ සිටි පිරිස් රතිඤ්ඤා දල්වමින් සතුට පළ කරමින් සිටියි.
එම ප්රදේහයේ රැස් වී සිටින ප්රමාණයද ඉහළ ගොස් තිබේ.
අරලිය ගහ මන්දිරය ඉදිරියේ දින කිහිපයක සිට විරෝධතාකරුවන් රැඳී සිටින්නේ අගමැතිවරයා ඉවත් විය බව සඳහන් කරමිනි.
ඔවුන් එම ප්රදේශයේ වාඩිලාගෙන ‘මයිනාගෝගම’ ලෙස ගම්මානයක්ද නම් කරන ලදී.
මේ අතර වාර්තා වන්නේ අරලියගහ මන්දිරයෙන් අගමැති පෞද්ගලික කාර්ය මණ්ඩලය මෙන්ම අග්රාමාත්යවරයා දරන ලද සෙසු අමාත්යංශවලින්ද පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් වීමට කටයුතු කරමින් සිටින බවය.