මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    99න් බේරුන අවස්තාවක් තියනවා

    මට අවුරුදු 12ක් 13ක් විතර ඇති, ඒ කාලෙ මට බයිසිකල් එකක් අරන්දීල තිවුනා ගෙදරින්
    හැමදාම හවසට ඕක පදිනවා, තව අපේ බාප්ප කෙනෙක්ගෙ පුතෙකුත් එක්ක

    දවසක් හවස අපේ තව බාප්ප කෙනෙක්ගෙ ගෙදර අපි දෙන්න බයිසිකල් වලින් ගියා, ඒ ගෙදර තියෙන්නෙ ප්‍රධාන පාරෙන් ඇතුලට යන්න තියන වැලි පාරක
    ඒ පාරෙ වාහන හරිම අඩුයි ඒක නිසා අපි දෙන්නට ෆුල් ආතල් බයිසිකල් වල යන්න පුලුවන් ෆුල්ම ස්පීඩ් එකෙන් යනවා
    අපි දෙන්න ඒ පාරෙ පුලුවන් තරම් ස්පීඩ් එකෙන් ටිකක් ඈතට ගියා, පාර දෙපැත්තෙම කුඹුරු තියෙන්න, පාර කුඹුරට වඩා අඩි 3ක් විතර උසයි

    ඔහොම යනකොට පොඩි පල්ලමක් තිවුනා පල්ලම ඉවරවෙනකොටම වගේ ටිකක් ලොකු වංගුවක් තිවුන
    මම පල්ලමෙත් බයිසිකලේ පෑගුවා, පාගල වංගුව කපාගන්න බැරි උනා
    උඩින්ම ගිහින් බයිසිකලෙත් එක්ක කුඹුරට වැටුන

    හරියටම වැටිලා තියෙන්නෙ ඒ කුඹුරෙ මැණික් ගරන්න හාරපු පතල් වලකට. වතුර ෆුල්ම පිරිලා තියෙන්නෙ. ඒ වලට ටික කාලෙකට කලින් හරකෙක් වැටිලා මැරිලා (හිතා ගනින්කෝ වලේ සයිස් එක) ඒක නිසා ඒ වල වටේට වැටක් වගේ කිතුල් පටි ගහල තියනවා

    මම අර කිතුල් පටි ටිකට උඩින් ගිහින් පතල් වලේ ගැට්ටෙ නැවතිලා තියෙන්නෙ
    සීරීමක් වත් නැහැ ඉන ගාවට මඩේ එරුන විතරයි

    පට පට ගාල මිනිස්සු ඇවිත් මාවයි බයිසිකල් එකයි ගත්තා. බැරි වෙලා හරි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා කිතුල් පටි උඩට වැටුනා නම් ඒකක් ඇනිලා මැරෙනවා
    පතල් වල මැදට වැටුනා නම් ඉවරම තමයි.

    ඒත් මට ගානක් නැහැ වටේ මිනිස්සු බනිනකොට තමයි මටත් ටිකක් වැඩේ තත්වෙ තේරුනේ
    දැන් ඒක ගැන කල්පනා කරනකොට තමයි ඇත්තටම කොයි තරම් ලක් එකක්ද මට ඒ වෙලාවෙ තිවිලා තියෙන්නෙ කියලා හිතෙන්නෙ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මම හයේ පන්තියේ ඉන්දැද්දී රුමටික් ෆිවර් හැදිලා ලේඩි රිජ්වේ එකේ සති තුනක් හිටියා. ඒ රෝහලේ සහ සෞක්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන මගේ ඥාතීන් කිහිපදෙනෙකුගේ නොයෙකුත් දැන හැඳුනුම්කම් සහිතව හිටපු මට VIP සැලකිලි ලැබුනා (ඒක කිව්වේ සෝබනේට නොවෙයි, තව පොඩ්ඩෙන් මාව මැරෙන්නේ ඔය vip treatment නිසායි). හෙදියක් වූ මගේ පුංචි අම්මාත් එකල මහ රෝහලේ සේවය කල අතර ඇයගේ බැච් මේට් හොඳම මිතුරියත් සේවය කලේ මං හිටි වාට්ටුවේමයි. මාව සති තුනක්ම රෝහලේ තියා ගත්තේ ගෙදර ගියොත් එම රෝගයට ප්‍රතිකාර වලට අමතරව bed rest කිරීම නොකෙරෙන බව හැමෝම දන්නා නිසයි. තත්පරයක්වත් නිකං ඉන්නේ නැතිව දඟලපු ඒ වයසේදී , මට සති තුනක්ම ඇඳක ලැගලා ඉන්න වීම පෙර පවක්. ටිකට් කපා ගෙදර යන්න රෝහලේ කොරිඩෝ දිගේ ඇවිදගෙන යනකොට මට කලන්තයක් හැදිලා වමනේ ගියා. . ඒකට හේතුව ඉතාම ක්‍රියාශීලීව හිටපු මාව සති තුනක් ඇඳට සීමා කිරීම නිසා මිසක් වෙන ලෙඩක් නොවන බව කාටත් තේරුනා. කොහොම උනත් පෙරකී හැඳුනුම්කම් නිසා මාව ආපහු වාට්ටුවේ පරණ ඇඳටම දාලා අද රෑ ත් ඉඳලා හෙට උදේට ඇවිත් එක්ක යන්න කියලා අම්මලාව ගෙදර ඇරියා. මේ වෙනකොට හවස හයට විතර වෙලා දවල් නර්ස්ලා ගෙදර යන වෙලාව. ගෙදර යන්න ලැස්ති වෙච්ච් නර්ස් කෙනෙක් මට පෙති දෙකක් දීලා 'මේක බීලා බුදියා ගනිං පුතා' කියලා මට දීලා එයා ගෙදර ගියා. එතකොටම වාගේ පුංචි ගේ බැච් මේට් නර්ස් ඇන්ටි නයිට් ඩියුටි ඇවිත්, මොකද කොල්ලෝ තාම මෙහෙ? කියලා මගෙන් විස්තර ඇහුවා. ඊට විනාඩියකට පස්සේ එයා ඇවිත් පෙති දෙකක් දීලා මේක බොන්න. හෙට උදේට ගෙදර ගියහැකි කිව්වා. මං ඒකත් ගසලා ඇරියා. මං දන්නේ එච්චරයි. ඇහැරෙනකොට ඇඳ වටේට හැටක් විතර පිරිලා ඉන්න බවත් සේලයින් දීලා අත බැඳලා තියන බවත් මට ඇහිපිල්ලන් ගහනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කල නොහැකි බවත් තේරුනා.
    වෙලා තියෙන්නේ මැරෙන වැඩක්. මට දීලා තියෙන්නේ මොනවා හෝ නිදි පෙති වර්ගයක්. (මම මේ බෙහෙත් ගැන දන්නේ නැති උනාට, දන්නා උන්ට මේක උනේ 1971 දී කියලා කියන්නම් ). වාට්ටුවේ (මං හිතන්නේ එකල මේවා නිතර සිදුවෙන දේවල්)නිදි පෙති වල ළමා පෙති ඉවරවෙලා වැඩිහිටි පෙති ඒ බෝතලේට දාලා නෝට් එකක් දාලා තිබිලා. මගේ වයස අනුව ළමා පෙති දෙකක් දිය යුතු උනත් මගේ බර අනුව මට එක පෙත්තක් සෑහෙන වලු. වැඩිහිටි පෙති නම් කාලක් හොඳටම ඇතිලු. පෙති හතරක් ගැහුවාම කොහොමද සනීපේ ??
    මාව discharge කරලා නිසා දෙන බෙහෙත් ලියන්න bed head card එකකුත් නැහැනේ. ඒ ඇරත් මට හැමෝම vip treatment දෙන නිසා, doctor's prescription නැතිව මට අර නර්ස්ලා දෙන්නාම නිදි බේත් දුන්න බව එකිනෙකාට කියලා තියෙන්නේ පහුවෙනිදා උදේ. දීලා තියෙන්නේ adults tablets කියලා දැකලා තියෙන්නෙත් එතකොටයි. හොඳ වෙලාවට එතකොටත් මට පණ තිබිලා. තව සතියකට පස්සේ මම ගෙදර ගියා. :yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    math podi kale andurana kenek gedara gihin innakota bulb holder ekakata yakada kambiyak damma athl ekata switch dala tibila thiyenne.. mawa wisi una adi deka thunak gal wela wage hitiya tikak wela yanakan...oya wage case godak wela thiyanwa :(

    Current එක අනිත් මාරකය..අපේ ලොකු අම්මගේ පුතා ඒ දවස්වල ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩා .මම ඒ කාලේ 3 වසරේ වගේ.මිනිහගේ කාමරේ කෑලි බෑලි පිරිලා..ඉතිං මම කරන්නේ කවුරුත් ගෙදර නැතිවෙලාවක් බලලා පොරගේ කාමරේට රිංගලා LED පාට පාට bulb ටිකක් උස්සනවා..ඊට පස්සේ මගේ කාමරේට ඇවිත් එකින් එක wall-power outlet එකට ගහනවා .. “පොප්” ගාල එක පාරක් LED එක පත්තුවෙලා නිමිලා කළු වෙලා යනවා ..ඕක අත්හදා බලන්න මම හෙන ආසයි ..ඔය වැඩේ කරන්න ගිහින් 7-8 පාරක් Current එක වද්දගෙන තියෙනවා...
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මටත් ඔහොම අවස්ථා දෙකක් වෙලා තියනවා.

    1.අපි ඒ ලෙවල් වලට බයෝ වලට ක්ලාස් ගියා සන්ධ්යා කියලා මිස් කෙනෙක්ගෙ. ක්ලාස් ඇරිලා ගොඩක් දවසට ටව්න් එකට යන්නෙ රේල් පාර දිගේ ප්යින් ඇවිදන්. එක දවසක් හොදටම වැස්සෙ මමයි තව යාලුවෙකුයි කුඩත් ඉහලගෙන රේල් පාරෙ ඇවිදන් ගියා. අපි කතා වෙවි ගියෙ කෝච්චියක් ආවොත් ඇහෙන්නෙත් නෑ නේද කියලා. ඒ හරියෙ තියනවා පොඩි මුඩුක්කු ටයිප් ගෙවල් කීපයක්. ඒ කිට්ටුවින් යද්දි ඒ ගෙදරක ඉදල කෙල්ලෙක් කෑ ගැහුවා "කෝච්චිය" කියලා. අපි දෙන්න පස්ස හැරිල බැලුවම කෝච්චියක් එනවා අඩි 20ක් වගෙ දුර තිබුනෙ. දෙන්න එක්ක දෙපැත්තට පැන්නා. පස්සෙ අර කෙල්ලට පින් දිදී ආවා.

    2.දවසක් කොල්ලො සෙට් එකක් එක්ක එච්චර ගැබුරත් නැති ඇලකට නාන්න ගියා. ගිහින් ටින් එකක් පාස් කර කර කට්ටිය සෙල්ලම් කලා. කොහොම හරි දන්නෙම නැතුව ටිකක් ගැබුරු හරියකට යැවුනා. එක පාරටම මාව කලබල වෙලා වතුරෙ ගිලුනා. දැන් යටට යනවා ආපහු උඩ එනවා. මම ට්‍රයි කලාට නොගැබුරු හරියට එන්නම බෑ. අරුන් සෙට් එකට එච්චර මීටර් නෑ මම ගිලෙනවා කියලා. දෙපාරක් තුන් පාරක් මම ට්‍රයි කරලා ඉබීටම මට ජීවිතේ අත ඇරලා දැම්මා වගේ උනා. කොහොම හරි ඒ වෙලාවෙම එකෙක් මාව දැකලා ඇදල ගත්තා. ඒ තමයි ඒ වගෙ තැන් වල නාන්න ගිය අන්තිම දවස.

    උබගේත් වෙලාව හොඳවෙලා තියෙනවා වාසනාවකට ...ආපහු ඔය ඇලවල් වල නාන්න යන්නේ නැති එක නම් හොඳයි...අපි දන්නේ නෑ නේ බන් අපි නාන හරියට පෑව්වට ඕවා පටන්ගන්න තැන් වලට වහිනවද නැද්ද කියන්න...
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මේවා කියවද්දි හුඟක් කතා මතකයට එනවා. ඒ වගේම මෙහෙම අත්දැකීම් නැති උන්ට ඔහොම දේවල් කරන්න යන්න කලින් දෙපාරක් හිතන්න පුළුවන් වෙනවා. හොඳ වැඩක්...

    :yes::yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    99න් බේරුන අවස්තාවක් තියනවා

    මට අවුරුදු 12ක් 13ක් විතර ඇති, ඒ කාලෙ මට බයිසිකල් එකක් අරන්දීල තිවුනා ගෙදරින්
    හැමදාම හවසට ඕක පදිනවා, තව අපේ බාප්ප කෙනෙක්ගෙ පුතෙකුත් එක්ක

    දවසක් හවස අපේ තව බාප්ප කෙනෙක්ගෙ ගෙදර අපි දෙන්න බයිසිකල් වලින් ගියා, ඒ ගෙදර තියෙන්නෙ ප්‍රධාන පාරෙන් ඇතුලට යන්න තියන වැලි පාරක
    ඒ පාරෙ වාහන හරිම අඩුයි ඒක නිසා අපි දෙන්නට ෆුල් ආතල් බයිසිකල් වල යන්න පුලුවන් ෆුල්ම ස්පීඩ් එකෙන් යනවා
    අපි දෙන්න ඒ පාරෙ පුලුවන් තරම් ස්පීඩ් එකෙන් ටිකක් ඈතට ගියා, පාර දෙපැත්තෙම කුඹුරු තියෙන්න, පාර කුඹුරට වඩා අඩි 3ක් විතර උසයි

    ඔහොම යනකොට පොඩි පල්ලමක් තිවුනා පල්ලම ඉවරවෙනකොටම වගේ ටිකක් ලොකු වංගුවක් තිවුන
    මම පල්ලමෙත් බයිසිකලේ පෑගුවා, පාගල වංගුව කපාගන්න බැරි උනා
    උඩින්ම ගිහින් බයිසිකලෙත් එක්ක කුඹුරට වැටුන

    හරියටම වැටිලා තියෙන්නෙ ඒ කුඹුරෙ මැණික් ගරන්න හාරපු පතල් වලකට. වතුර ෆුල්ම පිරිලා තියෙන්නෙ. ඒ වලට ටික කාලෙකට කලින් හරකෙක් වැටිලා මැරිලා (හිතා ගනින්කෝ වලේ සයිස් එක) ඒක නිසා ඒ වල වටේට වැටක් වගේ කිතුල් පටි ගහල තියනවා

    මම අර කිතුල් පටි ටිකට උඩින් ගිහින් පතල් වලේ ගැට්ටෙ නැවතිලා තියෙන්නෙ
    සීරීමක් වත් නැහැ ඉන ගාවට මඩේ එරුන විතරයි

    පට පට ගාල මිනිස්සු ඇවිත් මාවයි බයිසිකල් එකයි ගත්තා. බැරි වෙලා හරි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා කිතුල් පටි උඩට වැටුනා නම් ඒකක් ඇනිලා මැරෙනවා
    පතල් වල මැදට වැටුනා නම් ඉවරම තමයි.

    ඒත් මට ගානක් නැහැ වටේ මිනිස්සු බනිනකොට තමයි මටත් ටිකක් වැඩේ තත්වෙ තේරුනේ
    දැන් ඒක ගැන කල්පනා කරනකොට තමයි ඇත්තටම කොයි තරම් ලක් එකක්ද මට ඒ වෙලාවෙ තිවිලා තියෙන්නෙ කියලා හිතෙන්නෙ

    පොඩි කාලේ බයිසිකල් කියන්නේ කොල්ලෙක්ගේ ආසම දෙයක්නේ බං ...මටත් තිබ්බා රතු පාට mountain bike එකක්..මාත් හෙන ආසයි පල්ලම්වල හයියෙන් පැදගෙන යන්න… ඕනේ තරම් තුවාලවෙලා තියෙනවා ඔහොම වේගේ වැඩිවෙලා පාරෙන් එලියට කපන්න ගිහිං ..
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම හයේ පන්තියේ ඉන්දැද්දී රුමටික් ෆිවර් හැදිලා ලේඩි රිජ්වේ එකේ සති තුනක් හිටියා. ඒ රෝහලේ සහ සෞක්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන මගේ ඥාතීන් කිහිපදෙනෙකුගේ නොයෙකුත් දැන හැඳුනුම්කම් සහිතව හිටපු මට VIP සැලකිලි ලැබුනා (ඒක කිව්වේ සෝබනේට නොවෙයි, තව පොඩ්ඩෙන් මාව මැරෙන්නේ ඔය vip treatment නිසායි). හෙදියක් වූ මගේ පුංචි අම්මාත් එකල මහ රෝහලේ සේවය කල අතර ඇයගේ බැච් මේට් හොඳම මිතුරියත් සේවය කලේ මං හිටි වාට්ටුවේමයි. මාව සති තුනක්ම රෝහලේ තියා ගත්තේ ගෙදර ගියොත් එම රෝගයට ප්‍රතිකාර වලට අමතරව bed rest කිරීම නොකෙරෙන බව හැමෝම දන්නා නිසයි. තත්පරයක්වත් නිකං ඉන්නේ නැතිව දඟලපු ඒ වයසේදී , මට සති තුනක්ම ඇඳක ලැගලා ඉන්න වීම පෙර පවක්. ටිකට් කපා ගෙදර යන්න රෝහලේ කොරිඩෝ දිගේ ඇවිදගෙන යනකොට මට කලන්තයක් හැදිලා වමනේ ගියා. . ඒකට හේතුව ඉතාම ක්‍රියාශීලීව හිටපු මාව සති තුනක් ඇඳට සීමා කිරීම නිසා මිසක් වෙන ලෙඩක් නොවන බව කාටත් තේරුනා. කොහොම උනත් පෙරකී හැඳුනුම්කම් නිසා මාව ආපහු වාට්ටුවේ පරණ ඇඳටම දාලා අද රෑ ත් ඉඳලා හෙට උදේට ඇවිත් එක්ක යන්න කියලා අම්මලාව ගෙදර ඇරියා. මේ වෙනකොට හවස හයට විතර වෙලා දවල් නර්ස්ලා ගෙදර යන වෙලාව. ගෙදර යන්න ලැස්ති වෙච්ච් නර්ස් කෙනෙක් මට පෙති දෙකක් දීලා 'මේක බීලා බුදියා ගනිං පුතා' කියලා මට දීලා එයා ගෙදර ගියා. එතකොටම වාගේ පුංචි ගේ බැච් මේට් නර්ස් ඇන්ටි නයිට් ඩියුටි ඇවිත්, මොකද කොල්ලෝ තාම මෙහෙ? කියලා මගෙන් විස්තර ඇහුවා. ඊට විනාඩියකට පස්සේ එයා ඇවිත් පෙති දෙකක් දීලා මේක බොන්න. හෙට උදේට ගෙදර ගියහැකි කිව්වා. මං ඒකත් ගසලා ඇරියා. මං දන්නේ එච්චරයි. ඇහැරෙනකොට ඇඳ වටේට හැටක් විතර පිරිලා ඉන්න බවත් සේලයින් දීලා අත බැඳලා තියන බවත් මට ඇහිපිල්ලන් ගහනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කල නොහැකි බවත් තේරුනා.
    වෙලා තියෙන්නේ මැරෙන වැඩක්. මට දීලා තියෙන්නේ මොනවා හෝ නිදි පෙති වර්ගයක්. (මම මේ බෙහෙත් ගැන දන්නේ නැති උනාට, දන්නා උන්ට මේක උනේ 1971 දී කියලා කියන්නම් ). වාට්ටුවේ (මං හිතන්නේ එකල මේවා නිතර සිදුවෙන දේවල්)නිදි පෙති වල ළමා පෙති ඉවරවෙලා වැඩිහිටි පෙති ඒ බෝතලේට දාලා නෝට් එකක් දාලා තිබිලා. මගේ වයස අනුව ළමා පෙති දෙකක් දිය යුතු උනත් මගේ බර අනුව මට එක පෙත්තක් සෑහෙන වලු. වැඩිහිටි පෙති නම් කාලක් හොඳටම ඇතිලු. පෙති හතරක් ගැහුවාම කොහොමද සනීපේ ??
    මාව discharge කරලා නිසා දෙන බෙහෙත් ලියන්න bed head card එකකුත් නැහැනේ. ඒ ඇරත් මට හැමෝම vip treatment දෙන නිසා, doctor's prescription නැතිව මට අර නර්ස්ලා දෙන්නාම නිදි බේත් දුන්න බව එකිනෙකාට කියලා තියෙන්නේ පහුවෙනිදා උදේ. දීලා තියෙන්නේ adults tablets කියලා දැකලා තියෙන්නෙත් එතකොටයි. හොඳ වෙලාවට එතකොටත් මට පණ තිබිලා. තව සතියකට පස්සේ මම ගෙදර ගියා. :yes:
    :shocked::shocked::eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    58ක්ද අංකල් වයස :baffled:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,360
    568
    113
    උබල එන්නද ?
    Current එක අනිත් මාරකය..අපේ ලොකු අම්මගේ පුතා ඒ දවස්වල ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩා .මම ඒ කාලේ 3 වසරේ වගේ.මිනිහගේ කාමරේ කෑලි බෑලි පිරිලා..ඉතිං මම කරන්නේ කවුරුත් ගෙදර නැතිවෙලාවක් බලලා පොරගේ කාමරේට රිංගලා LED පාට පාට bulb ටිකක් උස්සනවා..ඊට පස්සේ මගේ කාමරේට ඇවිත් එකින් එක wall-power outlet එකට ගහනවා .. “පොප්” ගාල එක පාරක් LED එක පත්තුවෙලා නිමිලා කළු වෙලා යනවා ..ඕක අත්හදා බලන්න මම හෙන ආසයි ..ඔය වැඩේ කරන්න ගිහින් 7-8 පාරක් Current එක වද්දගෙන තියෙනවා...

    Mata thama hithaganna ba bang man eda berune kohomada kiyala :oo:
    Oya wage wada kihipayakma wela thiyanwa.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,234
    1
    61,642
    113
    Mother Earth
    දවසක් බස් එකේ කට කපල සෙනඟ. ඇතුලට ගිහින් චොර වෙනවට වඩා ෆුට්බෝඩ් එකේ නැගල එල්ලිල යන එක හොඳයි කියල හිතුණා. එක කකුලයි ෆුට් බෝඩ් එක උඩ තියා ගන්නත් පුළුවන්. බර වැඩි කමට සමහර වළවල් තියෙන තැන් වල ෆුට් බෝඩ් එකේ ෆ්ලෝ බෝඩ් එක බිම වදිනව බස් එක බම්ප් වෙනකොට. :rofl: මූ 50-60 ට විතර යනවා හරකා වගේ. එකපාරට දඩෝං ගාල බස් එකේ ෆුට් බෝඩ් එක කඩන් වැටුණා. කොහෙන් ආපු ගැම්මක්ද මන්දා මම පට ගාල ජනේලෙ අස්සෙ උඩ තියෙන පොල්ලක එල්ලුනා. මට කෑ ගැහුනා බස් එක නවත්තන්න කියල. ඌ ක්ෂණික නැවැත්තුවා. මම එල්ලුන නිසා මට කිසි අවුලක් නෑ. මිනිස්සු දෙන්නෙක්ගෙ කකුල දෙකට කැඩිල. තහඩු වලට කපල ගිහින් එක ලේ විලයි. පස්සෙ මම උන්ට පුළුවන් විදිහට උදව් කරා. මගේ බෝතලෙන් උන්ට වතුර ටිකක් බොන්න දීල, පට ගාල ඒ යන වාහන දෙක තුනක් නවත්තල දුන්න උන්ව ඉස්පිරිතාලෙට දාන්න කියල.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එදා විශේෂ දවසක්. මගේ වයිෆ්ට පුතා හම්බෙලා රෝහලේ හිටියේ. මම දැන් ඒ දෙන්නා බලන්න හොස්පිටල් එකට යන ගමන්. මම බස් එකේ නැගලා ඩ්‍රයිවර්ට පිටිපස්සේ තියෙන සීට් එකේ වාඩි වෙලා ගමන යනවා. සීට් එකේ ජනේලේ අයිනේ තව පිරිමි කෙනෙක් හිටියා.

    මෙහෙම යද්දී එක පාරම පිටිපස්සෙන් ආපු ට්‍රේල් බයික් එකක් බස් එක ඉස්සර කරලා, පාර හරස් කරල නැවැත්තුවා. ඊට පස්සේ බයික් එකේ ආපු මිනිහා ඩයිවර්ගේ සීට් එක ලග තියෙන ටයරය උඩට නැගල තුවක්කුවක් අරං වෙඩි තිබ්බ බස් එක ඇතුලට.

    මට එහා පැත්තේ හිටපු කෙනාගේ කට පාසරු කර ගෙන උණ්ඩයක් ගියා. ඒ මනුස්සා කට අල්ල ගත්ත. ලේ විදිනවා.

    මම එහෙම්ම බස් එකෙන් පැනලා දිව්වා. හොස්පිටල් එකටම පිස්සෙක් වගේ දුවගෙන ගියේ. මගේ ඇගේ ලේ හැම තැනම. සෙරෙප්පු, පර්ස් එහෙම කොහෙද දන්නේ නැහැ. කමිසය උඩට ඇවිල්ල එකෙත් ලේ.

    ජිවිතේ බේරුනේ අනු නමයෙන්.

    මේක උනේ 88/89 භීෂණ සමයේදී. ජේවීපී කෙනෙක් ඇවිත් වෙඩි තියලා තියෙන්නේ.

    උබ තම දැන් එලකිරියෙ ඉන්න වයසකම එකා.:D