විලෝපිකයෝ රවට්ටන්න,උඩු බැලි අතට වැතිරිලා මැරුණු සතෙක් වගේ අඬු ටික ඉහළට ඔසවගෙන කට පුලුවන් තරම් ඇරගෙන රඟපානවා,ඒ උපාය හරි නොගියොත් විලෝපිකයාව පහුරු ගානවා,හපනවා උගේ ඇගේ වමනේ කරනවා.කඳුකර නිවස ඇතුලේ වතුර මිදෙන තරම් හීතල වේගෙන එද්දී සෙල්සියස් අංශක ඍණ 10 වෙනකම් උෂ්ණත්වය පහළ වැටෙනකම් ජීවිතය රැකගන්න පුලුවන් මුළු ඇගම මිදිලා ගල් ගැහිලා යන්න දීලා.ඒවගේ අඩු උෂ්ණත්වයක් යටතේ ඌට 17 ක් වෙනකම් ඉන්න පුලුවන්.උණුසුම් කාලගුණයක් ආපු ගමන් අලුතින් උපන්නා වගේ නින්දෙන් අවදිවෙලා කෑම හොයන්න යනවා.
මේ කිව්වේ කවුරු ගැනද? හිමායන නින්ද ගැන කෙනෙක් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා දැකලා තමයි මේ සතාව මතක් වුනේ.
මේ ඉන්නේ යෝධ පළගැටියෙක්.ඌ ගැන තමයි අපි මුල්ම ඡේදයේ කතා කලේ.මේ සතා නවසීලන්තයේ දකුණු දූපතට ඒකදේශිත සතෙක්.හැබැයි මූ ඉන්නේ කඳුරකයේ.වෙන පළගැටියෝ වගේ නෙමෙයි මූ ජීවත් වෙන්නේ ගහ කොළ අඩු බෑවුම් ප්‍රදේශවල.මුගේ කඳුකර නිවස කිව්වේ බෑවුම්වල තියෙන ගල් පැලුම්..
මූ නම තමයි Mountain Stone Weta.පේනවානේ සයිස් එක.මුන් පාට දෙකකින් එනවා.කළු සහ කහ පාටවලින්.
මේ සතාගේ තියෙන විශේෂත්වය තමයි කලින් කිව්වා වගේ ශීත කාලයට නිදා ගැනීම.ඉතින් ඔය ශීත රටවල හුගක් සත්තු සීත කාලේ නිදාගන්න එකනේ කරන්නේ! කෙනෙක් එහෙම අහන්නත් පුලුවන්.
ඒත් මේ පළගැටියාගේ නින්ද අතිවිශේෂ එකක්.මේ වගේ දිවි රැකගන්න උපාය මාර්ගයක් කිසිම සතෙක් ගාව නෑ දන්න තරමින්.
අපේ ඇග ඇතුලේ තියෙන වතුර මිදුනොත් මොකක් වෙයිද? ඒ අපේ මරණය තමයි.
මේ අපූරු හැකියාව ලැබිලා තියෙන්නේ පළගැටියාගෙ ලේවල තියෙන විශේෂත්වය නිසා.සමහර කෘමි විශේෂවල රුධිරයේ තියෙනවා ස්වභාවික ප්‍රති-හිමායකයක්.ඒත් අපේ කතා නායකයාට පුලුවන් සෛලවලට හානියක් නැතිව උගේ දේහ තරලයෙන් 82%ක් විතර මිදෙන්න අරින්න.මෙහෙම මිදිලා ගල් ගැහිලා මැරුණා හා සමානව අඩුම ගානේ මාස පහක් වත් මුන්ට ඉන්න පුලුවන්ලු.
හිම දිය වෙලා ගියාට පස්සේ ඌ මෙහෙම මරණයෙන් අවදි වෙනවා.
මුන්ගේ ආරක්ෂක උපක්‍රමය ගැන අපි පටන් ගන්නකොටම කිව්වානේ.මැරුණු පළගැටියෙක් වගේ රඟපාල පෙන්නන එක තමයි මුලින්ම කරන්නේ .ඒ ක්‍රමය වැඩ නොකලොත් හපනවා.
හැබැයි මේ යෝධ පළගැටියෝ මස් කන ඈයෝ නෙමෙයි.මුන් ශාක භක්ෂකයෝ.ඒත් පොඩි පළගැටි විශේෂ ඉන්නවා මාංශ බුදින.
මේ සතාගේ ජීවිත කාලයත් සාමාන්‍යය පළගැටියෙකුට වඩා වැඩියි.තමන්ගේ වර්ගයා බෝ කරන්න තරම් මුන් පරිණත වෙන්න නම් අවුරුදු 4ක් වත් යනවාලු.සමහර පළගැටියන්ට අභිජනන කාල 4ක් වත් ජීවත් වෙන්න පුලුවන් කියනවා.ඒ කියන්නේ අඩු ගානේ අවුරුදු 8ක් වත්.
අපි කතා කරපු යෝධ පළගැටියා දීර්ඝ නින්දකින් අවදිවීම ගැන බීබීසී අර්ත් චැනල් එකෙන් කරපු වීඩියෝ එකක් තමයි තියෙන්නේ.

Last edited: