මරණයෙන් පසු ජීවිතයක් පවතීද ?

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මරණයෙන් පසු ජීවිතයක් පවතීද ?

    මේ ගැටලුව ඇවිල්ලා විශිෂ්ට ගැටලුවක් ගොඩක් අය තේරුම් ගත්තෙ නැතිවුණත්. මොකද යම් යම් ස්ථාන වල දකින්න පුළුවන් සමහර අය ආගම් වලට හේතු විස්තර කරලා තියෙනවා. අන්තර් ජාලයේත් සමහර තැන් වල මේ දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ හේතු දක්වලා දෙන උත්තර ඇවිල්ලා අර අද තියෙන විද්‍යාත්මක දැනුම අල්ලා ගෙන දෙන උත්තර. උදාහරණ විදියට යම් යම් භෞතික සිදුවීම් තේරුම් ගැනීමට නොහැකි වීම. අකුණු ගැසීම ඉර පෑයීම, නියං වර්ෂා වගේ දේ පිළිබදව. (මේ කරුණු වලදී කතා කරන විද්‍යාව කියන්නේ මේ අලුතින් කරුණු හොයමින් යන විදයාත්මක ක්‍රම වේදය නොවෙයි. මෙහිදී අදහස් කළ විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ සියලු දැනුම් සොයා බලමින් ඈදා ගෙන යන දැනුම් පද්ධතියක්. අද විද්‍යාව මෙයට අනුකූලද නැද්ද යන්න වෙනමම සාකච්ඡා කල යුතු දෙයක්. නමුත් මෙහිදී විද්‍යාව කියන්නේ අද තියෙන බටහිර විද්‍යාත්මක දැනුම කියන එක.)

    outofbody1-550x345.jpg


    නමුත් අපි පොඩ්ඩක් වැඩිපුර හිතලා බැලුවොත් මේ ආගම් ඇති වීමට හේතුවුණු මූලික කරුණු මොනවද කියා මේ මේ ඉහත දක්වපු දේ මේකට සැබැවින්ම හේතු කාරක වෙයිද? උදාහරණයක් විදියට පරිණාම වාදය අනුව සලකමු. ඒකට අනුව හිතුවොත් සත්තු පරිණාමය වෙලා මිනිස්සු බවට පත්වනකනුත් ඔය ස්වභාවික සංසිද්ධි මේ ලෝකේ තිබුණා. මොකද්ද තර්කය වෙන්නේ මේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න බැරි නිසා හිටි හැටියේ ආගම් ඇති කළා සහ අද මිනිස්සු ඊට වෙනස් කියන්න. එදා මිනිස්සුත් යම් යම් විශිෂ්ට නිර්මාණ සිදු කළා, ඉතා විශිෂ්ට ඉංජිනේරු ශිල්ප ක්‍රම භාවිතා කරලා. ස්භාවධර්මය එක්ක ගැටුණා විතරක් නෙමෙයි එම සටනින් බොහෝ දුරට ජයගත්තා. කල්පනා කරන්න යම්යම් දේ තේරුම් ගන්න පුළුවන් අද මිනිස්සුන්ට විතරද? මේ කතා කරන්නේ යම් යම් ඇදහීම් පිළිබදව නෙමෙයි ආගම් පිළිබදව.

    මිනිස්සුන්ට ආගම් ඇති කරන්න හේතු වුණු හෝ මිනිස්සුන්ට ආගමක් අවශ්‍ය වුණු කරුණු ඉහත ආකාරයට අද තියෙන විද්‍යාත්මක දැනුම නොමැති වීම නෙමෙයි. එදත් අදත් අනාගතයෙත් යම් ආගමක් බිහි වෙනවද යම් ආගමක් වෙත මිනිසුන් ඇදී යනවද ඊට හේතු කාරණා වුණු ප්‍රධානම මූලිකම හේතුව මෙන්න මේ ජීවිතයයි මරණයයි අතර ඇති ගැටලුව. හැමදාමත් අදත් අනාගතයෙදීත් සියලු මිනිස්සු මොන කතා කිවුවත් මරණයට බයයි. ඒක ඉදිරියේ කම්පා වෙනවා ඒක ඉදිරියේ වෙව්ලනවා ඒක ඉදිරියේ කදුළු හල හල අඩා වැටෙනවා. ඒ වගේම මරණ වේදනාව හමුවේ කම්පනය වෙනවා අනකේ සියලු වේදනාවන් ඒකට යටයි. ඕක තමා මිනිස්සුන්ට තිබුණු ලොකුම ගැටලුව. නියං සායක් ආවත් ගං වතුරක් ආවත් සතුරු ප්‍රහාර ආවත් බිය වන මූලික වුණු හේතුව මෙයයි. මෙන්න මේ ඓතිහාසික ගැටලුවට පිළිතුරු හෙවීම සදහා ආගම් යනුවෙන් දෙයක් බිහිවූ බව මම කියනවා.



    සමහරුන් කිව්වා මේ ජීවිතය මෙතනින් ඉවරය් පුළුවන් තරම් සැප හොයපල්ලා කියලා, සමහරුන් කිව්වා නෑ මේක කොහොම හරි ඇද ගෙන මැරෙන තැනට පලයල්ලා ඊට එහායින් මෙන්න මේ මරණයක් නැති සදහාකාලික ජීවිතය නුඹලාට ලැබෙනවා කියලා. කොහොම හරි මේ පිළිතුරක් නැති ගැටලුවට පිළිතුරු හොයාගෙන ඔන්න ඔය තෙරක් නොමැති දෘෂ්ඨි සංකල්ප බිහි වුණා. ඒවා අතර ගැටුම් ඇති වුණා ඒ තුළින් වෙනස් වුණා අලුත් අලුත් දෘෂ්ඨි බිහි වුණා. දෙවිවරුන් මතුවුණා. යක්ෂයින් මතුවුණා. ඊට පස්සේ එදිනෙදා ජීවිතයටත් මේ අය සම්බන්ධ වුණා. ඔන්න ආගම් කින දේ ලෝකය තුළ පැතිරුණා. (මේ කතා කරන්නේ ආගම් පිළිබදව මිසක් බුදු දහම පිළිබදව නෙමෙයි.) ඒ අනුව අදටත් දෙවියන් සහ යක්ෂයින්ව පිළිගන්න අය ඉන්නවා, ඒ කියන්නේ ඔවුන් මරණින් පසු ජීවිතයක් ගැන විශ්වාස කරනවා.

    නමුත් අද බොහෝ දෙනෙක් මේ විද්‍යාව අල්ලා ගෙන ඒකත් එක්ක මේ ආගම් සංසංදනය කරන වැඩක් කර ගෙන යන බවක් පහැදිලිව පේනවා. නමුත් ඔවුන් තේරුම් නොගන්න ප්‍රධාන කරුණ මේ මනුෂ්‍ය සංහතියේ ප්‍රධානම බියට නැතිනම් ගැටලුවට පිළිතුරු ලබා දෙන්න අද විද්‍යාවට හැකි වෙලා නැති බව. අතීතයේදීත් මිනිස්සු තමුන්ගේ දෛනික අවශ්‍යතා සදහා යම් යම් විද්‍යාත්මක ක්‍රම වේදයන් තාක්ෂණයන් භාවිතා කළ ඒ තුළින් නව නිර්මාණ සිදු කළා. තමුන්ගේ ගොවිතැන් කටයුතු සිදු කර ගත්තා. නමුත් අර උත්තරයක් නොමැති ගැටලුවට සරණ හොයා ගෙන ආගම් වෙත යොමු වුණා. අදත් මිනිස්සු තමුන්ගේ එදිනෙදා කටයුතු සදහා විද්‍යාව හා තාක්ෂණය යොදා ගන්නවා ඒ තුළින් ජීවත් වෙනවා නමුත් අර උත්තරයක් නොමැති ගැටලුව සදහා ආගම් වෙත යොමු වෙනවා. අතීතයෙයි අදයි වෙනසක් වෙලා තියෙනවද?

    මේක වැරදියි කියන යම් පුද්ගලයෙක් ඉන්නවා නම් විද්‍යාව තුළින් ඔහුගේ පළවෙනි කාර්යය විය යුත්තේ ඉහත ගැටලුව සදහා පිළිතුරු ලබා දීම සදහා පර්යේෂණයක් යෝජනා කිරීම. මෙන්න මෙතෙන්දී දැන් යම් කෙනෙකුට තර්කයක් ගේන්න පුළුවන් මරණයට පත්වුණු අයෙක් ගෙන් යමක් පිටවන බවක් සොයා ගත නොහැකියි, එය උපකරණ වලට හෝ ඉන්ද්‍රියයන්ට ප්‍රත්‍යක්ෂ වන්නේ නැහැ, ඒනිසා විද්‍යාත්මකව මා කියනවා මරණින් පසු ජීවිතයක් නැතැයි කියා. නමුත් මිස්ටර් අයින්ස්ටයින්, මේ සම්බන්ධයෙන් මුලින් කියන්න ඕනෑ මේක සරල ගැටලුවක් මේ සම්බන්ධයෙන් පැන නැගෙන ගැටළුත් බොහොමයක් තිබෙන බවත් නමුත් මෙහෙම අහන ඔබ මූලිකව මෙවැනි කාරණයකුත් විද්‍යාත්මකව පැහැදිලි කළ යුතු වෙනවා. ජීවී අජීවී යන කොටස් දෙකෙන් අජීවී බව තුළින්ද ජීවය ඇති වුණේ? එසේ නම් ඒ අජීවී බව තුළින් ජීවය ඇති වන්නේ කෙසේද? විද්‍යාව තුළින් මේ ගැටලු සදහා පිළිතුරු සෙවීමට උත්සාහ නොකිරීමෙනුත් පැහැදිලියි අද විද්‍යාවේ කර්තව්‍ය මෙය නොවන බව. එය ජීවිතය පහසු කර ගැනීම සදහා භාවිතා කරන මෙවලමක් විතරයි.

    ඔබට පැහැදිලිව පෙනිය යුතුයි අද විද්‍යාව අල්ලාගෙන ආගම් වලට අභියෝග කරන බොහෝ දෙනෙක් නොදන්නා දේ විද්‍යාව තුළත් ඒ ආගම් වලින් සෙවීමට උත්සාහ කල දේ සදහා පිළිතුරු නොමැති බව. එ නිසාම දෝ ඔය තරුණ වයස් වල නිර්ආගමික ආදී සංකල්ප වල හිටපු සමහරු වයසට යන කොට වල පයයි ගොඩ පයයි පේන්න පටන් ගන්න කොට ඔන්න මුකුත් හිතා ගන්න බැරුව අතරමං වෙනවා. කොහේ හරි ආගමකට හේත්තු වෙනවා. මේ තියෙන ලිස්ට් එකේ සමහර අය මේ වගේ.
    http://en.wikipedia.org/wiki/List_of_former_atheists_and_agnostics
    http://en.wikipedia.org/wiki/List_of_converts_to_Christianity_from_atheism
    අද පිරිසත් ඔය ගොඩේම තමා. ඔය කථා කරන විද්‍යාව පස්සේ දොරෙන් පැනලා යනවා… මාරයා ඇවිදිල්ලා පිටට තට්ටුවක් දාන කොට.

    අනිත් දවසේ ඒක නිසා යම් පුද්ගලයෙත් ඔබේ ආගම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවානම් අද විද්‍යාත්මක දැනුම අල්ලා ගෙන, ඔහුට කෙළින්ම කියන්න මෙන්න මේ ගැටලුව ඔබ අද විද්‍යාත්මක දැනුම් පද්ධතියෙන් පැහැදිලි කරන්න නැතිනම් ඔබේ දැනුම් පද්ධතියෙන් මේ සදහා පර්යේෂණයක් යොජනා කරන්න මම මේක මෙතනම අත හරින්නම් කියලා.

    නමුත් බුදු දහම සම්බන්ධයෙන් කතා කළොත් බුදු දහම මේ ආගම් කියන සංකල්පයෙන් බැහැර වුණා, විශ්වාසයට තැනක් දුන්නේ නැහැ, ඉතාමත් විශිෂ්ට විද්‍යාත්මක ක්‍රමවේදයක් ලබා දුන්නා ජීවිතය /මරණය, ආගම්, ලෝකය/ විශ්වය හා දැනුම් පද්ධති ආදී සියල්ලේම යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීමටත් හැමදාමත් මිනිසුන් බියපත් වූ ඒ මරණයෙන් සදා කාලිකව ගැලවෙන ආකාරයත්. අනෙක් ආගම් වල අය පොරොන්දු වුණු ලෙස අපි දිව්‍ය ලෝකේ ගියා කියන්න ආපහු පොළවට ආවේ නැතත් මේ ජීවිතයේදීම මරණයෙන් නිදහස් වුණු නොයෙක් වාසනාවන්තයින්ගේ අනේක ප්‍රීති වාක්‍ය අසන්න බුදු දහම තුළින් මිනිසුන්ට හැකිවුණා.

    ajan+cha+sitting+91-550x380.jpg


    මේ ගැන යම් තර්කයක් නගන්නට පෙර හොදින් අවබෝධ කර ගන්න එදිනෙදා ඇදහීම්, විශ්වාස වල වෙනස් කම් පිළිඹදව මළවුන් පිළිඹදව හොල්මන් අවතාර හා දෙවිවරුන් ඉහත ගැටලුවට සම්බන්ධ වන ආකාරය පිළිබදව.

    ගත්තේ මෙතනින්
    රංග නානායක්කාර
    මරණයෙන් පසු ජීවිතයක් පවතීද ?
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    Me kathawata sampurnayen ekagai machan.
    Widyawa = Technology newei. Technology kiyanne eka aramunak wenuwen witharak kepa una deyak. eke prathiwipaka gena salakanne nehe. Ada oya DCD prashna, kruminashaka prashna okkoma technology eka nisa apuwa. Technology eka me lawkika loke diyunuwata upakara wena deyak. Widyawa kiyanna budu hamuduruwo deshana karapu hethu pala dahama.
    Technology kiyana wachaneta sinhala wachane widyawa kiyala dapu kenage athin wechcha weradimak meka.
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Me kathawata sampurnayen ekagai machan.
    Widyawa = Technology newei. Technology kiyanne eka aramunak wenuwen witharak kepa una deyak. eke prathiwipaka gena salakanne nehe. Ada oya DCD prashna, kruminashaka prashna okkoma technology eka nisa apuwa. Technology eka me lawkika loke diyunuwata upakara wena deyak. Widyawa kiyanna budu hamuduruwo deshana karapu hethu pala dahama.
    Technology kiyana wachaneta sinhala wachane widyawa kiyala dapu kenage athin wechcha weradimak meka.

    :D