මරණයේ ආරංචිය ගෙනෙන උලමා හෙවත් යක් කුරුල්ලා

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,663
    7,024
    113
    United States

    මරණයේ ආරංචිය ගෙනෙන උලමා හෙවත් යක් කුරුල්ලා


    f344707a13e1488cfa374.png


    “උලලේනා” නැත්නම් “යක් කුරුල්ලා” හෙවත් “උලමා” ගැන අපේ ජන සමාජයේ විවිධ බියජනක කතාපුවත් පැතිර තිබෙනවා. විශේෂයෙන් රජරට වියළි කලාපයේ වනගත ගම්මානවල පුරාණයේ පටන් බහුල ව මේ කතන්දර හුවමාරු වුණා. අදටත් උලමා ගැන ඒ ගම්මානවල පැරැන්නන් කතා කරනවා. ඒ ගැන ඉංග්‍රීසි යටත්විජිත කාලෙ විද්වතුන් සොයාබැලීම් රාශියක් කර ලිපි ලේඛන පළ කළා. අපිත් මේ උත්සාහ කරන්නේ යක්කුරුල්ලා කවුද කියා විමසීමක් කරන්නයි.

    උලමා ගේ මාරාන්තික නාදය​

    මිනිසුන් කියන විදිහට උලමා කියන්නෙ ගම්මානවලට මරණය ගෙන එන සතෙක්. රාත්‍රීයේ උලමා ඇඩුවෙත් දවස් 7ක් ඇතුළත අනිවාර්යෙන්ම මරණයක් අහන්න වෙනවා ලු. අතීතයේ ජීවත් වූ ජනතාව උලමා හෙවත් යක් කුරුල්ලා යක්ෂණියක ගේ අවතාරයක් ලෙසයි සැලකුවේ. උලමෙකු ඇහින් දැකපු කෙනෙක් නම් හොයා ගැනීම ලේසි නැහැ. වැඩිපුර ම වාර්තා වෙන්නේ උගේ බියකරු මූසල හඬ අහපු අය ගැනයි. ඒ හඬ අහපු පමණින් බිය වී තොවිල් කරපු අවස්ථාත් පැරණි ගම්වල අහන්න ලැබුණා.

    id1iduSyhdmZuk5e_1.jpg

    ගසක වසා සිටින මහ බකමූණා - tripani facebook page

    එය මිහිරි නාදයක් නොව අප්‍රසන්න, භයංකාර, කනට වදයක් වන මහත් විලාපයක් ලෙසයි ඇසෙන්නේ. කාන්තාවක ගේ ගෙල මිරිකද්දී ඇගේ ළතෝනියට සමාන හඬක් මෙම යක් කුරුල්ලා ගේ නාදයෙන් ද පිටවෙනවා. උලමා යනු නිශාචර පක්ෂියකු වන අතර එම පක්ෂියා දිවා කාලයට දැකිය නොහැකියි. රාත්‍රී කාලයේ පවා මෙම පක්ෂියා දැකීම පහසු නැහැ.

    යක්කුරුල්ලා ගේ මුඛ බන්ධනය කිරීමට ගුරුකම් කරන්නේ ඌ භූත ආත්මයක් බව සලකාගෙනයි.

    WxmEBbX0ALMKq4wb_2.jpg

    උලමා ජීවත් වන වනගත පෙදෙසක් - lk.chm.cbd.net

    අපේ රටේ විතරක් නෙමෙයි, මේ උලමා විශේෂ අද්භූත සතුන් විදියට අයිරිශ් ජාතිකයින් වගේම ඉන්දියානු ජාතිකයින් විසිනුත් සලකනු ලබනවා.

    පක්ෂි විද්‍යාඥ ජී. එම්. හෙන්රි පෙන්වා දී තිබෙන්නේ උලමා ගේ බියකරු නාදය මහ බකමූණා පක්ෂියා ප්‍රජනන සමයේ නගන ආදර ගීතය බවයි. උගේ සාමාන්‍ය නාදය හූවක් සේ ඈතට ඇසෙන්නක් බව ද හෙළි වී තිබෙනවා.

    උලමා ගේ හඬ ඇසෙන දිසාව අනුව එයින් අත්වන ප්‍රතිඵල නිමිත්තක් සේ සමහර පළාත්වල සලකා තිබෙනවා. උතුරින් ඇසුණොත් නෑදෑයන් පැමිණීම ද, දකුණින් නිකුත් වුණොත් මරණයක් ද, බටහිරින් නම් වැසි ලැබීම ද, නැගෙනහිරින් ධන ලාභ ද ලෙස එය වර්ග කර තිබෙනවා.

    zPGSgISX34acnVCW_3.jpg

    දහවලට සැඟව සිටින උලමා - tripani facebook page

    උලමා ගැන ජන කතා​

    උලමාගේ උපත පිළිබඳ කතා කිහිපයක් විවිධ පෙදෙස්වලින් අසන්නට ලැබෙනවා. මේ ඒ අතර වඩාත් ප්‍රකට කතාවයි:

    අතීතයේ ඉතා ළෙන්ගතු බැඳීමකින් කල් ගෙවූ වැදි සහෝදරයන් දෙදෙනකු සිටියා. ඔවුන් මහ වනයේ ගල් ලෙනක් තුළ ජීවත් වුණා. ඒ අතරින් බාල වැදි සහෝදරයා විවාහකයට එළඹුණා. ඔහු විවාහ වී ඇත්තේ ඉතා රූමත් තරුණියක සමඟයි. මෙම විවාහය පිළිබඳ වැඩිමල් වැදි සහෝදරයා පසුවුණේ අසතුටින්. දිනක් දෙදෙනා මී වද කඩන්නට මහ වනයට ගොස් ඇති අතර අතරමගදී වඳුරකු දඩයම් කිරීමට බාල සහෝදරයා ගසකට නැඟ තිබෙනවා. තමන්ට සහෝදරයා ගේ බිරිය ලබාගැනීමට හොඳම අවස්ථාව මෙය බව වැඩිමල් වැදි සහෝදරයා සිතුවා. ගසේ සිටි ඔහුට ඊතලයකින් විද ඝාතනය කළා.

    වැදි සිරිතට අනුව සහෝදරයා මිය ගිය පසු ඔහු ගේ බිරිය අනෙක් සහෝදරයාට හිමි වෙනවා. සහෝදරයා මිය ගිය බවට සාක්ෂි වශයෙන් ඔහු ගේ සිරුරින් ඇඟිල්ලක් කපා ගෙන රැගෙන යා යුතුයි. වැඩිමල් වැදි සහෝදරයා මරා දැමූ බාල සහෝදරයාගේ සුළැඟිල්ල කපා බුලත් මඩිස්සලයේ දමා ගෙන රැගෙන යනවා. මේ අතර බාල පුතු ගේ පමාව පිළිබඳ වැදි මව සැලකිලිමත් වෙනවා. පමා වී ලෙනට පැමිණෙන වැඩිමහල් පුතුගෙන් සහෝදරයා ගැන විමසුවත් ඔහු නිසි පිළිතුරක් දෙන්නේ නැහැ.

    ඒ අතර ශෝකයෙන් සිටින මව බුලත් විටක් කන්නට ලොකු පුතා ගේ බුලත් මඩිස්සලය අවුස්සනවා. එහිදී තමන්ගේ පොඩි පුතු ගේ සුළැඟිල්ල ඇයට හමුවෙනවා. බාල පුතු මරා දමා ඇති බව ඇයට තේරුම් යනවා. ඇය මර ළතෝනි දෙමින් විලාප තියමින් මහ වනයට දිව යනවා. අතරමඟදී ඇය මිය ගිය බවත් පසුව ඇය උලමා නම් යක්ෂණිය වී නැවත ඉපදුණු බවත් සඳහන් වෙනවා. ගම්මාන තුළට රාත්‍රියේ ගොස් තම පුතු මියගිය ශෝකයට විලාප තියන්නේ ඒ උලමා ගේ අවතාරය බව පැවසෙනවා.

    ඒ හා සම්බන්ධ තවත් ජන කතාවක් කියවා බලමු:

    මසට ගිජු වූ එක්තරා පවුලක වැඩිහිටියන් මස් නොමැතිව එක වේලක්වත් කෑවේ නැහැ. වැඩට යන වැඩිහිටි දෙදෙනාට උයා-පිහා දුන්නේ ගෙදර සිටි අරක්කැමි ඥාති ස්ත්‍රියක්. දිනක් පිසීමට මස් තිබුණේ නැහැ. මේ නිසා තමන්ට එල්ලවන චෝදනාවෙන් ගැලවීමට ස්ත්‍රිය පවුලේ ම බිළිඳු දරුවා මරා උයා තිබෙනවා. වෙනදා නැති රසයක් එදා මස්වල තිබුණා. මස් බුදින මවට දරුවාගේ ඇඟිල්ලක් හැපුණා. ඒ තම දරුවා ගේ බව ඇයට වැටහෙනවා. ඒ ගැන විමසූ විට අරක්කැමි කාන්තාව ගෙයින් එළියට පැන දුවනවා. ඇය පසුපසින් හැන්ද ඔළුවේ ගසාගෙන “මගේ දරුවා කෝ...?’’ කියා ළතෝනි දෙමින් මව ද දුවන්නට පටන් ගන්නවා. මිය ගොස් උපන් ඇය ගේ දෙවැනි උපත උලමා නම් පක්ෂියායි. අදත් උලමා ගේ හිසේ හැඳි ලකුණ දිස් වෙනවා.

    8TBorOImXAAtFhoe_spittle.png

    උලමා ගැන සෙවූ ආර්. එල්. ස්පිට්ල් - dailynews.lk

    බකමූණු වර්ගයක්​

    එක අතකින් මේ උලමා කියන්නේ බකමූණු වර්ගයක්. අපේ රටෙත් ගොඩක් ප්‍රදේශවල ජීවත් වෙන විවිධ නම්වලින් හඳුන්වන පක්ෂි විශේෂයක්. ඉන්දියානු, අයිරිශ් ජනප්‍රවාදවලත් මේ උලමා විවිධ නම්වලින් හඳුන්වනවා. උලමා කෑගහන එක ඉතාමත්ම දුර්ලභ දෙයක් බවයි කියවෙන්නේ. ජිම් කෝබට් නම් ලේඛකයා තමන්ගේ “Tales from the Indian jungles” කෘතියේ උලමුන් ගැන සඳහන් කරනවා. ඒ පොතේ තියෙන විදියට ඔහුට ජීවිත කාලෙට ම උලමා ගේ සද්දේ ඇහිලා තියෙන්නේ තුන් පාරක් වගේ අඩු වාර ගාණක්. ලංකාවේ ඉංග්‍රීසි පාලන කාලෙ හිටපු පක්ෂීන් ගැන උනන්දු විද්වතුන් යක් කුරුල්ලා හෙවත් උලමා ගැන විවිධ මත පළ කර තිබෙනවා. ආර්. එල්. ස්පිට්ල්, ඩල්ගස් කෙලි, ඩබ්ලිව්. ඩබ්ලිව්. ඒ. පිලිප්ස්, ජි. එම්. හෙන්රි යන ඒ අතරින් කැපී පෙනෙනවා.

    AfzQnEZrHB4VuMDk_5.jpg

    ඉන්දියාවේ උලමා - Thepapyrus.in
    ඩග්ලස් කෙලී වනයට ආසන්නයේ පිහිටි බගවන්තලාව බංගලාවේ සිටිය දී එක් රාත්‍රියක උලමා ගේ ළතෝනිය ඇසී තිබෙනවා. එය බෙල්ල තද කරමින් මරුමුවට පත්කරන ගැහැනියක ගේ හඬට සමානයි. ඔහු මිදුලට පාත්වූ ඒ පක්ෂියාට වෙඩි තබා තිබෙන අතර ඒ මහ බකමුණා (Forest eagle owl) යි. ස්පිට්ල් පිළිගන්නේ උලමා ලෙස හඬන්නේ මහ බකමුණා බවයි. ප්‍රෙඩ්රික් ලුවිස් සඳහන් කරන්නේ ඒ වන බකමූණා (brown wood owl) බවයි. ඔහු 1898 දී ඒ ගැන මෙසේ ලියා තිබෙනවා:

    එක් සඳපහන් රැයක මට අඩි කිහිපයක් ඉදිරියෙන් පිඹීමක් සමඟ කොක් හඬලා සිනාසෙන ශබ්දයක් ද අනතුරුව කෙඳිරිල්ලක් ද ඇසිණි. ඊට පසු දුකින් පිරුණු අඳෝනාවක් පිට විය. එය අවසන් වූයේ වේදනාත්මක කෑගැසීමකිනි. මට ඉහළින් වූයේ විශාල බකමූණෙකි. ඌ ශරීරය සොලවමින් ශබ්ද නගන සෑම විට ම පිහාටු පුම්බනු පෙනිණි.

    v7lAuZiy2VMUmZ6A_6.jpg

    සමහරුන් උලමා ලෙස හඳුන්වන වන බකමූණා- Wikipedia.org

    උලමකු ගේ නාදයක් සවන් වැකුණු තවත් වැවිලිකරුවකුට පසුදින ඒ ගමේ ගම්මුලාදෑනියා ගෙන් අසන්නට ලැබුණු ලොමුදැහැගන්වන කතාවක් ද ස්පිට්ල් සඳහන් කරනවා:

    ඊයේ රෑ අපේ ගමේ කාන්තාවක් දරුවකු ලැබෙන්න ගොස් මළා. ඇගේ ආත්මය නිසැකයෙන් ම උලමකු වෙලා උපදින්න ඇති. උලමකු හඬනවා මීට පසු ඇසුණොත් ඒ ස්ථිරව ම විලිරුදාවෙන මළ ගැහැනියකගේ ආත්මට බව තේරුම් ගන්න. නාදය ඇසුණු විගසම බිම වැතිරි ගන්න. (ලක්බිමේ තවත් යුගයක් - ආර්. එල්. ස්පිට්ල් පරි. ප්‍රේමචන්ද්‍ර අල්විස්).

    මහ බකමූණා​

    දෙහිවල සතුන් වත්තේ දී නිශාචරයන්ට වෙන්වුණු කූඩු පරිශ්‍රයේ උලමා නමින් හැඳින්වෙන පක්ෂියකු අපට දැකගැනීමට ලැබෙනවා. උගේ නම මහ බකමූණායි ( Spot- bellied Eagle / Forest Eagle). Bubo nipalensis යන සත්ව විද්‍යාත්මක නාමයෙන් තමයි ඌ හඳුන්වන්නේ. මංජුල විජේසුන්දර ගේ සිංහල කුරුළු විශ්වකෝෂයෙත් උලමා නම ලබාදී ඇත්තේ මහ බකමූණාටයි. මෙරට ලොකු ම බකමූණු විශේෂය වන්නේ මහබකමූණායි. ඌ අතිශයින් වනචාරී නිශාචර කුරුල්ලකු නිසා දැක ගැනීම අසීරුයි.

    CXqDuw2hdRIfTBef_7.jpg

    දෙහිවල සතුන් වත්තේ කූඩුවක සිටින උලමා - facebook

    මොවුන් ඉන්දියාවේ බහුලව වෙසෙන අතර අප රටේ කඳුවල හා අඳුරු විශාල තුරු ගොමුවල සිටින පක්ෂියකු නිසා එළිපහලියට එන්නේ නැහැ. මෙම පක්‍ෂියා ගේ හිස මුදුනේ බොකුටු හැන්දක ආකාරයට කුඩා පිහාටු සුළියක් දකින්න ලැබෙනවා. කළු, දුඹුරු පිහාටු හා කළු වයිරන් බඩ යට අළු පාටට පිහිටා තිබෙනවා. ගැහැනු සතාට වඩා පිරිමි සතා කුඩායි. ගස් ගෙම්බන්, කෘමීන්, මීයන් ආහාරයට ගන්නවා.

    mtPw7cWXPE4nDFbG_8.jpg

    ගොදුරකට ඉව අල්ලන මහ බකමූණෙක් - tripani facebook page

    ජන කවි​

    මේ බියකරු නාදය නිකුත් කරන සත්වයා පිටුපස ගෙතුණු ශෝකී කතා මුල්කරගෙන ජනකවි පද බැඳී තිබෙනවා. ඒ වගේම ගීතත් ලියැවි තිබෙනවා. විශාරද ගුණදාස කපුගේ ගයන රන්බණ්ඩා සෙනෙවිරත්ත රචනා කළ පාළුව දෙවනත් කරනා නාඬන් උලලේනෝ ගීතය ඉතා ජනප්‍රියයි. මේ උලලේනා ගැන ඇසෙන ජනකවියක්:
    උලලේනෝ නාඬ බොලේ’

    කවරයේ පින්තූරය - “උලලේනා” නැත්නම් “යක් කුරුල්ලා” හෙවත් “උලමා”

    මූලාශ්‍ර:

    ශ්‍රී ලංකාවේ යක් කුරුල්ලෝ - ආර්. එල්. ස්පිට්ල් පරි. ඩග්ලස් ඩී. රණසිංහ

    ලක්බිමේ තවත් යුගයක් - ආර්. එල්. ස්පිට්ල් පරි. ප්‍රේමචන්ද්‍ර අල්විස්

    සිංහල කුරුළු විශ්වකෝෂය - 1 කාණ්ඩය, මංජුල විජේසුන්දර

    සත්ව-භූත ජන විශ්වාස සොබා - මාමිනියාවේ ඉලංගසිංහ, සිළුමිණ 2018 ජූලි 21
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    උලමගෙ සද්දෙ අහගෙන ඉන්න අමාරුයි මචං..හරි තීව්‍ර සද්දයක් තියෙන්නෙ.හවස් වෙලාවට තමයි ගොඩක් වෙලාවට ඌ කෑගහනව ඇහෙන්නෙ.කලාතුරකින් ඇහෙන්නෙ.කෑගහන දිහාවක් හොයාගන්න බෑ.ඇත්තම කිව්වොත් ඌ කෑගහන සද්දෙට ඔක්කොම නිශ්චල වෙනව වාගෙ.කන්දක් උඩ ඉඳන් කෑගැහුවම ගම පුරාම සද්දෙ රැව් පිලිරැව් දීගෙන යන්නෙ නිකං අර මුහුදු රැල්ලක් එනව වාගෙ.මුළු ගම සිසාරා යනව වාගෙ..ගම්වල මිනිස්සු බයයි තමයි.දුරට හූවක වගෙත්,ළඟ ඉඳන් කෑගැහුවොත් පොඩි ලමයෙක්ගෙ,ගෑනියෙක්ගෙ යටි උගුරෙක් මරලතෝනියක් දෙනව වාගෙ දැනෙන්නෙ...හොඳට දන්න එවුන් මේකෙ තවත් ඇති.. :yes: :lol:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    අපි ඔය කුරුල්ලා පොඩි කාලෙ ඉදන් අහල තියෙනවා අපේ අම්ම කොට්ටව කැලේ හරියෙ ගමක නිසා අපිට ඌ ගැන කියනවා. මට අද වගේ මතකයි දවසක් තුන වසරෙදි කුරුල්ලො 5 කගේ නම් ලියන්න දුන්නම මන් උලමා ත් ලිව්වා. යකෝ මිස් මට බැන්නනේ එහෙම සතෙක් ඉන්නවද කියල දඩ වැරැද්දකුත් දැම්මා. 🤣🤣🤣
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    mona පචද mee dannne

    මරණයේ ආරංචිය ගෙනෙන උලමා :lol:


    okunta bari una ne Tsunami news kalin genna
    okunta bari una ne Corona news kalin genna

    ඇමෙරිකාවේ මිනිස්සු මරුන විදිහට ඕකුන්ට පඩත් යන්න ඕනේ එහෙනම් :lol: , දැන් ලංකාවේ 200 මැරෙනවා හැමදාම කෝ යකෝ එකක් වත් නැ හුවක් වත් දෙන්න :oo:, අර මංගල ගොයියා මරුනේ , කෝ උන් එකෙක් හිටියද :baffled: