යක්ශයින් අතර බලගතුම රීරි යකා-𝗥𝗜𝗥𝗜 𝗬𝗔𝗞𝗔

ඔහුගේ උපත
රිලා මූණක් ඇති මොහු තම මව වන ලේ මාලි බිසවගේ හා මාලියාගේ පුතු වේ.
සිය මවගේ ළමැද පලාගෙන උපන් මොහු රීරි නම් විලේ විසූ හෙයින් රීරි යකා ලෙස නම් දැරීය.
මෙ ඔහුගෙ උපත කියවෙන එක් ජනප්‍රවාදයක් පමනයි.
ඔහුගෙ උපත මෙසේද විස්තර කරනවා
ඔහුගේ උපත විස්තර කරන විට රාවණා යුගය දක්වා ඉතිහාසය දිවෙන නිසා මම කෙටියෙන් කියන්නම්
රාවණා රජු සීතා දේවිය තම රථයෙ ගෙනියන කල සීතා දේවියගෙන් වැටුන ලේ වලින්ද,තවද මරු නම් රීරි යක්ෂණියගේ කුසෙන්ද ,රාහු යක්ෂයා සූර්යා ගිල දමන මොහතේ වැටුන ලේ වලින්ද,කුවේණියගේ දිව කැපූ ලේ වලින්ද,ලේ විල් රාක්ශ දේවතාවියගේ කුසයෙන්ද උපත සිදු වී ඇත.
දැන් ඔබ බලනව ඇති කී දෙනෙක්ගෙන් මොහුට උපත සිදු වෙලාද කියලා.
ඇත්තටම කියුවොත් මෙම ඊරි යකාගෙ අවතාර තමයි මෙහම උපත ලබල තියෙන්නේ.
හරියට විශ්නු දෙවියන්ගෙ අවතාර වගේ මේ ඊරි යකාටත් අවතාර තියනව මෙ අවතාර තමයි මෙහම උපත ලබල තියෙන්නෙ.
විශ්නු දෙවියන්ද මොහුගේ උපතට හේතු වූ නිසා මොහුද විශ්නු දෙවියන් මෙන් බලගතු රාක්ශයෙක් විය අපි බලමු මෙම ඊරි යකාගෙ අවතාර 10
1.අවමංගල රීරි යකා
2.තොටුපළ රීරි යකා
3.කඩවර රීරි යකා
4.සොහොන් රීරි යකා
5. ගොපලු යකා - ලේ මල් කෝවිලේ උපන්
6. විෂ්ණු රීරි යකා -විෂ්ණු විද්ධ හියෙන් උපන්
7. දළ රීරි යකා
8. තනිපොළ රීරි යකා
9. වැදි රීරි යකා
10. පුලුටු රීරි යකා
මොහු කොතරම් බලගතුද කිවහොත් මොහුව දමනය කිරීමට හෝ නැවත්වීමට කිසිඳු රාක්ෂයෙකුට හෝ දෙවියෙකුට හැකි නොවීය.
මොහුව දමනය කර ඇත්තේ විෂ්ණු දෙවියන් විසින් බව සඳහන් වෙයි.
--රීරි යකාගෙ හැඩරුව හා ගති පැවතුම්--
ඔහු අත් හතරක් තිබෙන වඳුරු මුහුණක් සහිත පුංචි ප්‍රමාණයේ ඇඟක් ඇති යකෙකි.
වැඩි පුරම ජීවත් වන්නේ සොහොන් සහ මි|නී කනතු අසලයි.
වල් ඌරෙක් පිට ගමන් කරන මොහුගේ එක් අතක ලේ වැගිරෙන කුකුළෙක්ද,තවත් අතක කඩුවක්ද,තව අතක ලේ වැගිරෙන ගිරවෙක්ද,අනෙක් අතේ පන ගැහෙන මිනිස් ඔලුවක්ද ඇත.
(මොහුගේ රථය විටක ඌරෙක් හෝ රතු ගොනෙක් කියා කතා දෙකක් ඇත)
රුධිරය ප්‍රිය කරන මොහු මිනිසුන්ට රුධිරය ආශ්‍රිත රෝග ගෙන එයි.
ලේ සම්බන්ධ විවිධ ලෙඩ රෝග, පීනස, ඔලුවේ කැක්කුම, ඇස් නොපෙනීම, හා කාන්තාවන්ට විශේෂයෙන් වැළදෙන සමහර ලෙඩ රෝගත් රීරි යකා විසින් ඇති කරන බව පිළිගැනේ. කිල්ලක් ඇති වූ විට, ස්ත්‍රීන් ඔසප් වූ විට, හා දරු උපතක දී රීරි යකාගේ බැල්ම වැටෙන බව කියයි.
"රීරි පත්මනම් නුවරේ උපන් යකා
රීරී ඔරුව පැදගෙන මෙගොඩ වර යකා
රීරී උරා රතු සැවුලන් උරන යකා
අදත් මෙරග බැසවර මහ රීරී"
ජනප්‍රවාදයට අනුව රීරි යකාගෙ බැල්ම වැටුනු පුද්ගලයන්ට සිහිනෙන් ම|ස් කෑම ලේ බීම වැනි දේ සිහිනෙන් පෙනෙයි.
මෙම රීරි යක් දෝෂයට හසු වන්නේ කාන්තාවන්ය මෙසේ මෙම දෝෂයට හසු වූ කාන්තාවන් සඳහා සෙත් ශාන්තිය සලසන්නේ ශාන්තිකර්ම මගිනි.
ඒ සඳහා රතු වස්ත්‍ර භාවිතා කරන අතර ලේ බිල්ලක් ලෙස සැවුලෙකු දෙයි.
ජනප්‍රවාදයට අනුව මෙම ශාන්තිකර්මයන් සිදු කිරීමෙන් රීරි යක් දෝෂය පහව යයි.
රීරි යකා රතු පාටයි,අතේ කුකුළෙක් සිටිනවා රීරි යකා හැඳින්වීමට නම් හතක් තිබෙනවා
රීරි යක්ෂයා
රීරි රජා
අගුරජා
පුලුතජා
රීරි ගොප්ල්ලා
රීරි බුධියා
රීරි වතමාරු
රීරි යකගේ භාර්යාව වන්නේ ගිණිමුරි යක්ෂණියයි.
ඉතින් මේ හනුමන්තා දේශයේ හෙවත් වර්ථමාන නුවර එළියේ වාස භූමිය කරගත් මෙම රීරි යකා ගැන ඔබ හිතන්නෙ කුමක්ද?
ඔයාගෙ නුවර එළියෙ යාලුවා Mention කරල බලන්න සමහර විට එයා මෙ රීරි යකාගෙ දුරින් නෑයෙක් වෙන්න පුලුවන්
From FB
තරූ විතානවසම්