බුර බුරා නැගෙන ගිනි දැල් වටා දැවටෙනා...
අයිස් කදු දිය කරන හිරු වටා සරමිනා.........
සියොලගම සලිත වී දහදියෙන් තෙත් වෙනා.....
හද ගැස්ම නවතිනා නිමේශය පැමිණුනා.........
උඩු අතට වැතිර ඉමි මේ පාළු සයනයේ..
අදුරටම පමණි ඉඩ කුටිය තුල පැවතියේ....
වේදනා කම්පිතව කෙදිරිලන නාදයේ...
මල ගීය තනන්නද සුසුම් ගැස්සී ගියේ.......
අවර හිරු බැස යන්න සැදෑ කල එළඹිලා.........
ගෙනා ආයුශ පමණ එපමණකි සිහිකලා....
රුධිර බිදුවක පවා නැවතීම ලියවිලා......
මරු තුරුළු කර නිදයි ආත්මය සැගවිලා.........
පිපාසය ගැහෙන ගත පතුරුවා සැලෙමිනා....
ඇට මිදුළු පිපිරෙනා වේදනා වෑහුනා...
පිණි බිදුව තුරු මතින් ඇසිල්ලෙන් නික්මෙනා...
ලෙස පියා ගත් නෙතින් ආත්මය නික්මුනා...
කදුළු පිරි දෙනෙත් බිම බලා සගවයි හැඩුම්....
ඉකි ගැසුම් හඩ හෙමින් සවත් පත් මත වැකුම්....
සසර බැදුමක ලිහුම සනිටුහන් වෙයි මෙතින්....
අනේ මා හැර පියා සිත් හදා ගන් ඉතින්........