මරණින් පසු ඉබාගාතේ යන්නෝ

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මරණින් පසු ඉබාගාතේ යන්නෝ

අද වෛද්‍ය විද්‍යාව බොහෝ දියුණු තත්ත්වයක පවතී. රෝගාබාධ හඳුනා ගැනීමට ඉතා සියුම් උපකරණ හා යන්ත්‍ර සූත්‍ර නිපදවා ඇත. එහෙත් මේ ගත වන වර්තමානයේ බලාපොරොත්තු නැති අන්දමේ ලෙඩ රෝග පැතිරෙමින් පවතී. මිනිසා ගේ අවාසනාවක මහත; දැන් දැන් අලුතෙන් වැලඳෙන රෝග බොහොමයක් “තිරිසන්” ඒවා ය. විවිධ මදුරු උණ, ඌරු උණ, මී උණ, ආදි වශයෙනි.

මේවා අතීතයේ අහන්නට පවා නොතිබුණු ඒවාය. පිළිකා, හෘදය රෝග, රුධිර රෝග, ආතෙරෙටීස්, දියවැඩියා මේ ආදි රෝගවලට නිත්‍ය ප්‍රතිකාර තවමත් වෛද්‍ය විද්‍යාවෙන් සොයා ගෙන නැත. කොයි තරම් දක්ෂ, සුප්‍රසිද්ධ වෛද්‍යවරුන්ගෙන්, කොයි තරම් පෝලිම්වල සිට රුපියල් දහස් ගණනින් වියදම් කොට පෙති ගිල්ලත් මේ රෝගවලින් නිත්‍ය සුවයක් ලැබුමෙක් දක්නට නැත.

අද කායිකව හෝ මානසික රෝගීන් නැති නිවසක් හෝ පවුලක් නැති තරමට ම මේ හානි කර තත්ත්වය උදා වී ඇත. මේ පිළිබඳ විමර්ශනයක යෙදෙන අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමි පාණන් වහන්සේ මෙසේ වදාරති.
aw-2.jpg

බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමි

“වර්තමානයේ මිනිස් ජීවිත කෙරෙහි හානිකර අන්දමින් තදින් බලපාන ලෙඩ රෝග බහුලයි. සමහර රෝග තවම හඳුනා ගෙනවත් නෑ. පර්යේෂණ මට්ටමේ. බොහොමයක් රෝගවලට නිත්‍ය ප්‍රතිකාර සොයා ගෙනත් නැහැ. මේ තරම් රෝග සහ මරණ සිදු වෙන්නේ භෞතික හේතූන් නිසා ම නොවෙයි. තවත් විවිධ හේතු තියෙන්නට පුළුවන්. මිනිසා අසීමිත තණ්හාවෙන් ඉවක් බවක් නැතිව ධනය හා බලය සඳහාත්, පුහු නම්බුව සඳහාත් ධර්මයෙන්, දැහැමි ජීවිකාවෙන්, ඈත්වීම හා පරිසර හානිය ප්‍රධාන හේතු වෙලා. මෙසේ අසීමිත තණ්හාවෙන් ද්වේෂයෙන් හඹාගෙන යන ගමන නිසා බොහෝ දෙනෙකුට දෙවියන්ගේ ආශීර්වාදය පමණක් නොවෙයි තමන්ගේ පවුලේ අයගෙන්වත් ආශීර්වාදය ලැබෙන්නේ නෑ.”

“දැනට අවුරුදු විසි පහක තරම් කාලයක සිට මේ රටෙත් දේශපාලන හේතු නිසා, ත්‍රස්තවාදී හේතු නිසා, සුනාමිය ආදි සොබාවික විපත් නිසා, එසේ ම විවිධ අනතුරු නිසා, අකාලයේ මිය ගිය මිනිස් ජීවිත ලක්ෂ ගණනක්. මේ කිසි ;කනෙකු මරණය බලාපොරොත්තුව සිටි අය නොවෙයි. එහෙම නම් ඔවුන් මිය ගියේ නොසංසිඳුණු ආශාවන්ගෙන්. තණ්හාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්. මේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අවසන් හුස්ම හෙළුවේ තදබල අකැමැත්තෙන්. එහෙම නම් ඔවුන් මිය ගියේ මේ ලෝකය අතහැර නොවෙයි. අල්ලා ගෙන මයි.”

“එසේ නම් මේ හදිසි මරණවලට පත් වූ අයත්, ජීවත්වීමට කාලය තිබිය දී ප්‍රතිකාර නැති ලෙඩ රෝගවලින් අකාලයේ මරණයට පත් වූ අයත් මරණයෙන් පසු ගියේ කොහේට ද? ඔවුන් නිවන් දැක්කා ද? දෙවියන් අතරට ගියා ද? නැහැ ඔවුන් මරණයට පත් වූ ස්වභාවය අනුව, ඔවුන්ගේ මරණය සිදු වූ ස්වභාවය අනුව, මරා දැමූ ස්වභාවය අනුව, ඒවා හදිසි මරණ ගණයටමයි ගැනෙන්නේ. ඒ මිය ගිය අයගේ ආත්මයට (උපාදානස්කන්ධ සංයුතියට) මොකද වුණේ? ඔවුන් මිය ගියේ අවුල් වූ මනසකින්. කලින් ජීවත්වූ තැන පවා අමතකයි. ඔවුන්ට පාරක් තොටක් පවා අමතකයි. යා යුතු තැනක් නිච්චියක් නෑ. ඔහේ ඉබාගාතේ ඉන්නවා. අපේ ඇසට නොපෙනෙන එසේ ඉබාගාතේ සරිසරන අමනුෂ්‍යයන් අති විශාල ප්‍රමාණයක් ලංකාව පුරා ඉන්නවා.”

“ඉස්සර ඇදුරෝ අමනුෂ්‍යයන්ට දොල පිදේනි දෙන්න අඬ ගැහුවේ ‘තුන් මංසලේ රැක සිටිනා යකුන්නේ - සිවුමංසලේ රැක සිටිනා යකුන්නේ - නාන තොටේ ලෙඩ කරනා යකුන්නේ කියල යි. ඒත් දැන් හැම තැනම හැම අඟලක් ගානෙ ම වගේ ගෙයින් ගෙයට, දොරින් දොරට අකුසලය නිසා අමනුෂ්‍යයෝ වැහි වැහලා. මේ අමනුෂ්‍යයෝ ජීවත්වන්නේ, පවතින්නේ මිනිසුන් අතර පවතින අපවිත්‍ර දෙයින්. ලේ, සැරව, කෙළ, සෙම්, සොටු ආදියෙන්. මස් මාළු කරවල බිත්තර ආදී පිළිහුඩු පුළුටුවලින්. අද තෙල් බැඳුම් නැති ගෙයක් නෑ. ඉතින් අර අමනුෂ්‍යයොත් ඒවායේ ම සැරිසරනවා. ඒ අතරේ ශරීරවලට රිංගනවා. එදා සෘධි බලයෙන් අග තැන්පත්, අග්‍රශ්‍රාවක, මහමුගලන් මහ රහතන් වහන්සේ ගේ කුසටත් අමනුෂ්‍යයෙක් රිංගුවා නම් මේ මස් මාළු පිළිහුඩු පුළුටු කන මිනිස්සුන් ගැන කතා කරන්න දෙයක් නැහැ.”

“මිනිස් ශරීරවලට රිංගා ගන්නා අමනුෂ්‍යයෝ ඒ ඒ ග්‍රන්ථි අල්ලාගෙන ඒවායේ යුෂ උරා බොමින්, ජීවත් වෙනවා. ලෙඩ කරනවා. ඉතින් අද වෛද්‍ය ක්‍රමවලින් ප්‍රතිකාර කරන්නේ රූපයට - කයට විතරයි. වේදනා - සංඥා - සංඛාර - විඤ්ඤාණ කියන ස්කන්ධ හතරට ප්‍රතිකාර කරන්නෙ ම නෑ. බෝධි පූජා - පිරිත් - දාන මාන පිංකම්වලට යොමු වෙන්නේ ලෙඩ දුක් අන්තයට ම ගියාට පස්සෙ. මේ ගැන කවුරුත් නුවණින් කල්පනා කර බලන්නට ඕනෑ”යි ද මහා නාහිමියෝ පැවසූහ.

එපමණක් ද නොවේ දිනපතා මේ මිනිසුන් වෙනුවෙන් ම මසට බෙලි කපන සතුන් ගේ තරහ වෛර වේදනාත් මේ වායුගෝලයේ ම මිනිසාට සාප වෙමින් ක්‍රියාත්මක වේ. මේ අතර තවත් සමහරු යක්ෂයන් කියා කොටසක් නැතැයි ද ඒ මනෝ විකාර යැයි ද මත පළ කරති. මහසෝනා ඇසින් දුටු කෙනෙකු අපි අද ඉදිරිපත් කරමු. ඒ නුගේගොඩ, ජම්බුගස්මුල්ල, හයිලෙවල් පාරේ 1/210 ස්ථානයේ පදිංචි ප්‍රදීප් සමරසිංහ (0714293777) මහතායි. ඔහු කියන කතාව මෙසේ ය.
 
Last edited:
  • Like
Reactions: IcedEarth

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
aw-1.jpg

“ඒ 1989 භීෂණ යුගය අවසන් වූවා පමණි. 1991 වන විට මා සිටියේ විසි එක් වැනි වියේ, එදා මගේ රැකියාවේ සේවා මුරය අවසන් වූයේ රාත්‍රී 10 ටයි. ඒ වන විට බස් ගමනාගමනයක් තිබුණේ නෑ. මා සපුගස්කන්දේ සිට මාකොළටත් එතැනින් මාවරමණ්ඩියටත් එතැන සිට මහ කඩේ දක්වාත් යා යුතු වුණා. ඒ කාලයේ මහ කඩේ පාර දෙපස විශාල ගස් වලින් ගැවසී ගත් ඈතින් ඈතින් ගෙවල් පිහිටි ප්‍රදේශයක්. එදා හොඳින් හඳ පායා තිබුණු නිසා මාර්ගය පැහැදිලිව පෙනුණා.”

“අතර මඟ අතුරු පාරක මළ ගෙදරක සුදු කොඩි දමා තිබුණා. ඒ හරියේ බල්ලන් නොනවත්වා ම උඩුබුරුලන්නට වුණා. මගේ හිතට යම්කිසි චකිතයක් වගෙත් දැනුණා. මන්ත්‍ර ශාස්ත්‍රය හොඳින් දන්නා කෙනෙක් මට දවසක් රතන සූත්‍රයේ ගාථා කීපයක් දුන්නා බුද්ධ මන්ත්‍ර වශයෙන් භාවිත කරන්න ආරක්ෂාවට හොඳයි කියා. එදා රාත්‍රී පාරේ තනියම ගමන් කරන කොට මට ඒ බුද්ධ මන්ත්‍ර තුන සිහිපත් වුණා. මම ගමන් කළේ ඒවා කියමින්.”

“මම මහ කඩේ තුංමං හන්දියට එන විට වේලාව රාත්‍රී 12 වී තිබුණා. එතැන දී ඉතා රතු පැහැ තියුණු ඇස් දෙකක් මා වෙත එල්ල වී තිබුණා. මම දැක්කේ පළමුවෙන් බල්ලෙක් වගෙයි. ඒත් කිට්ටු වෙන කොට වලස් මූණක් තමයි පෙනුණේ. දිව අඩියක් විතර දිගට ඇදී තිබුණා. හිස හොඳින් පැහැදිලිව පෙනුණත් කඳ පෙනුණේ නැහැ. මා රතන සූත්‍ර ගාථා කීම නතර කළේ නෑ. ඒ තියුණු ඇස්වලින් මගේ ඇස් ඉවතට ගන්නවාත් එක්ක ම මගේ ඇඟට කඩා පැන්නා. ඒත් මගේ ඇඟට දැනුණේ නෑ. දුමක් වගේ සුළඟක් ඇදී ගියා. මට තව දුරටත් අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි වුණා. කකුල් දෙක පොළවට ඇලුණා වගේ වුණා. ඒත් මම රතන සූත්‍රය කීම නතර කළේ නෑ. විනාඩි කීපයකින් මා සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. මා එතැනින් ගෝනහේනේ බාප්පලාගේ ගෙදරට ගිහින් සිද්ධිය කීවා. බාප්පා නළලේ අත තියා ගත්තා ඒ මහසෝන් දිෂ්ටිය ය කියා. මම ඒ වන විට මහසෝනා ගැන දැන සිටියේ නෑ. පසුව ඒ ගැන සොයා බලන්න අවශ්‍ය වුණා.”

“මං අසා ඇති පරිදි දුටුගැමුණු රජතුමා ගේ යෝධයකු වූ ගෝඨයිම්බරත්, රිටිගල ජයසේන යෝධයාත් මිත්‍රයෝ. දවසක් ගෝඨයිම්බර ගේ නිවසේ දී ඔහුගේ රූමත් බිරියට ජයසේන නොමනා විහිළුවක් කිරීම නිසා ;කීපයට පත් ගෝඨයිම්බර ගැසූ පා පහරකින් ජයසේන ගේ බෙල්ල කැඩී හිස වෙන් වී විසී වී ගොස් තියෙනවා. පසුව ගෝඨයිම්බර දුක සිතී හිස සොයන්නට ගොස් සොයාගත නොහැකිව, කැලේ සිටි වලසෙකුගේ හිසක් කඩාගෙන විත් බද්ධ කළා යැයි ජන වහරේ පවතිනවා. ජයසේනගේ හිස කරඳ ගසක රැඳී තිබී පසුව හමු වී තියෙනවා. ඒ ප්‍රදේශය දැන් කැකිරාව ආසන්නයේ “ඔලුකරඳ” නමින් හඳුන්වනවා යැයි ද ප්‍රදීප් මහතා කීවේ ය

සත්ත්ව ඝාතනය, සත්ත්ව හිංසාව, හා මස් කෑම හා එහි ආදීනව පිළිබඳ විශ්‍රාමික විදුහල්පති, බිංගිරියේ ඩී. ඇන්. දිසානායක මහතා අප සමඟ පැවසූ සිද්ධියක් මෙසේය.

“මා දන්නා මිනිහෙක් සිටියා. වයස අවුරුදු හතළිහක් පමණ ඇති. මස් මාළු නැතුව කෑම කන්නම බෑ. රස්සාවට කළෙත් මස් කඩේට ගවයින් සැපයීම. ඔහු ගම්මානවල ඇවිද හරක් මිලට ගෙන බස් කඩේට දක්කා ගෙන යනවා.

මෙහෙම දක්කා ගෙන යන බොහොමයක් හරකුන්ට ඉවෙන් වගේ දැනෙනවා මේ මරණයට යන ගමනක් බව. උන් යන්නේ බොහෝ ම අකැමැත්තෙන්. මේ මිනිහා තවත් සගයෙකුත් එක්ක දිනපතා ම හරක් තුන් හතර දෙනෙක් ගම්මාන මැදින් දක්කා ගෙන යනවා. සමහර හරක් යන්න අකැමැත්තෙන් හඬා වැටෙනවා. සමහරු බිම නිදා ගන්නවා. ඒ වේලාවට මේ මිනිහා උන්ට දස වද දෙනවා. පොලු වලින් පහර දෙනවා. ඒත් නොනැගිටින හරක් ඉන්නවා. ඒ වගේ වේලාවට හරකා ගේ වලිගය මේ යකා කටට අරගෙන විකනවා. ඒත් යන්නේ නැත්නම් වලිගය දෙකට නමා කඩන්න හදනවා. මේ වෙලාවට ඒ හරක් නඟන දුක්ඛ දායක විලාපය, අඳෙීනාව අහගෙන ඉන්න බැරි තරම්. දකින අය අනේ! අපොයි! කියා කම්පා වෙනවා.

මෙහෙම මේ ජාවාරම කාලයක් තිස්සේ කැර ගෙන යන කොට මේ මිනිහාට ගොනෙක් ඇනලා දකුණු කකුල කැඩුණා. කුලියාපිටිය රෝහලේ මාස ගණනක් නතර වී ප්‍රතිකාර කළත් කකුල සනීප වුණේ නෑ. කකුල කපා දමන්නට සිදු වුණා. දැන් ඔහු ඇවිදින්නේ කිහිලි කරුවක ආධාරයෙන්. දැන් ඔහු පාරේ හිඟා කනවා. බිරියත් ඔහු අතහැර දැම්මා. පවුලේ අයත් ඔහු අත හැර දැම්මා. දැන් පුංචි පැල්පතක් හදා ගෙන හිඟමනේ ගිහින් තනියම ජීවත් වෙනවා. මෙහෙම ඉඳගෙනත් මස් කෑමට පෙරේතයි. ඒත් හම්බ වෙන්නෙ නෑ. දැන් තනිවම දුක් විඳිනවායි දිසානායක මහතා කීවේය.

මේ මාතර දික්වැල්ලේ ජයන්ත තිලකසිරි මහතා පැවසූ කතාවකි. මාතර නුදුරු ගම්මානයක විසූ පීරිස් අප්පු මස් මාළු කෑමට කෑදරයෙකි. මිල මුදල් හිඟකම නිසා ඔහු කළේ ගඟට ගොස් බිලී පිත්තෙන් හෝ දැලෙන් මාළු අල්ලාගෙන බිරිඳ ලවා උයාගෙන කෑමය. තුන් වේලටම මාළු නැතිව ඔහුට ආහාර ගත නොහැකි විය. සමහර දිනවල මාළු වැඩි පුර ඇල්ලු දිනවල ඔහු බත්වලට වඩා කෑවේ මාළු මය. දිනක් උදේ ගෙදරින් පිටත් වූ ඔහු ආපසු ගෙදර ආවේ නැත. ආගිය තැනක් පිළිබඳ දැන ගන්නට ලැබුණේ ද නැත. දින තුනකට පසු ගඟ පහළ සැතපුම් දෙකක් තරම් දුරින් ඔහුගේ සිරුර ගොඩ ගසා තිබුණි.

ඒ මාළුන් හා කබර ගොයින් විසින් කා දමනු ලැබූ ඇටකටු පමණි. ඔහුගේ පුතා පියසේන ගමෙන් පිට රැකියාවක යෙදී සිටියත් පියාගේ මරණයෙන් පසු රැකියාවට නොගොස් ගෙදරට ම වී කල් ගෙව්වේය. කිළුටු හැඳගෙන නොකා නොබී පෙරේතයෙක් මෙන් ජීවත් විය. ඔහු ද තාත්තා මෙන් ම ගඟේ මාළු මරන්නට ඇබ්බැහි වූයේය. ඔහුගේ බිරිය ද ඔහු අතහැර ගියාය. ගමේ අය කීවේ පීරිස් ගේ පේ‍්‍රතාත්මය පියසේනට වැහී ඇති බව ය. පියසේන පාලමක් මත හිඳ මාළු බාන්නට පුරුදුව සිටි අතර දිනක් පාලම මතින් ගමන් කළ දුම්රියේ හැපී තුවාල වී ගඟට වැටී මළේ ය. ඔහුගේ මළ සිරුර ගොඩ ගන්නා විට ද මාළුන් විසින් කා දමනු ලැබ තිබුණි.

පියසේන ගේ මරණින් පසු ඔහුගේ පුතා සිරිමල් ද පාසල් ගමන අතහැර ගෙදරට වී මාළු බෑමෙහි යෙදුණේය. ඔහු ද එවැනි ම මස් වැද්දකු විසින් ඌරන්ට මානා තබන ලද විදුලි රැහැනක පැටළී මරණයට පත් විය. ඔහුගේ සිරුර ද විදුලිය විසන්ධි වීමෙන් පසු කබරුන් කා දමා තිබිය දී ගම්මුන්ට හමු වී ඇත. දැන් මේ තාත්තාත් පුතාත් මුණුපුරාත් තිදෙනා ම මළ පේ‍්‍රතයන්ව ඉපිද ඇතැයි ගම්මු විශ්වාස කරන අතර සමීප පවුල්වල නිවෙස්හි කොයි තරම් හොඳට ලුණු ඇඹුල් යොදා මස් මාළු ඉවුවත් කිසිම රහක් නැතැයි ද කියති.

මතුගම
මහින්ද විජේතිලක
 

butter cake

Member
Sep 29, 2010
111
8
0
83 කළු ජූලිකාරයොත් බන කියනවා..:lol::lol::lol::lol:


මුත්ත‍යා මුලදිරන් ලගදිත් කිව්වා 1983 සිංහල අ‍ය එ ගොලොන්ට ආරක්ශාව සැප‍යුවා කි‍යලා, අනික් බන් එ වගෙ දෙ‍යක් අ‍යෙත් වෙන්න ඉඩ තිබ්බෙත් නැහැ.
තොට 1983 විතරද පෙන්නෙ උබලාගෙ පල්ලිවල ට අවිත් තොපිලා පෙති ගහලා මරුවා නෙද උන්. තොගෙ පොන්න කම නිසා නෙද එවා පෙන්නෙ නැත්තෙ.උබලටත් සාම‍යෙන් ඉන්න පුලුවන් අපි ‍යුද්දෙ දින්න හින්දා, අනික ලොකෙ වැඩිම මිනිස්සුන්ගෙ බෙලිකපන උන් එනව අපිට කි‍යලා දෙන්න.