මරණින් පසු ඉබාගාතේ යන්නෝ
අද වෛද්‍ය විද්‍යාව බොහෝ දියුණු තත්ත්වයක පවතී. රෝගාබාධ හඳුනා ගැනීමට ඉතා සියුම් උපකරණ හා යන්ත්‍ර සූත්‍ර නිපදවා ඇත. එහෙත් මේ ගත වන වර්තමානයේ බලාපොරොත්තු නැති අන්දමේ ලෙඩ රෝග පැතිරෙමින් පවතී. මිනිසා ගේ අවාසනාවක මහත; දැන් දැන් අලුතෙන් වැලඳෙන රෝග බොහොමයක් “තිරිසන්” ඒවා ය. විවිධ මදුරු උණ, ඌරු උණ, මී උණ, ආදි වශයෙනි.
මේවා අතීතයේ අහන්නට පවා නොතිබුණු ඒවාය. පිළිකා, හෘදය රෝග, රුධිර රෝග, ආතෙරෙටීස්, දියවැඩියා මේ ආදි රෝගවලට නිත්‍ය ප්‍රතිකාර තවමත් වෛද්‍ය විද්‍යාවෙන් සොයා ගෙන නැත. කොයි තරම් දක්ෂ, සුප්‍රසිද්ධ වෛද්‍යවරුන්ගෙන්, කොයි තරම් පෝලිම්වල සිට රුපියල් දහස් ගණනින් වියදම් කොට පෙති ගිල්ලත් මේ රෝගවලින් නිත්‍ය සුවයක් ලැබුමෙක් දක්නට නැත.
අද කායිකව හෝ මානසික රෝගීන් නැති නිවසක් හෝ පවුලක් නැති තරමට ම මේ හානි කර තත්ත්වය උදා වී ඇත. මේ පිළිබඳ විමර්ශනයක යෙදෙන අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමි පාණන් වහන්සේ මෙසේ වදාරති.
බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමි
“වර්තමානයේ මිනිස් ජීවිත කෙරෙහි හානිකර අන්දමින් තදින් බලපාන ලෙඩ රෝග බහුලයි. සමහර රෝග තවම හඳුනා ගෙනවත් නෑ. පර්යේෂණ මට්ටමේ. බොහොමයක් රෝගවලට නිත්‍ය ප්‍රතිකාර සොයා ගෙනත් නැහැ. මේ තරම් රෝග සහ මරණ සිදු වෙන්නේ භෞතික හේතූන් නිසා ම නොවෙයි. තවත් විවිධ හේතු තියෙන්නට පුළුවන්. මිනිසා අසීමිත තණ්හාවෙන් ඉවක් බවක් නැතිව ධනය හා බලය සඳහාත්, පුහු නම්බුව සඳහාත් ධර්මයෙන්, දැහැමි ජීවිකාවෙන්, ඈත්වීම හා පරිසර හානිය ප්‍රධාන හේතු වෙලා. මෙසේ අසීමිත තණ්හාවෙන් ද්වේෂයෙන් හඹාගෙන යන ගමන නිසා බොහෝ දෙනෙකුට දෙවියන්ගේ ආශීර්වාදය පමණක් නොවෙයි තමන්ගේ පවුලේ අයගෙන්වත් ආශීර්වාදය ලැබෙන්නේ නෑ.”
“දැනට අවුරුදු විසි පහක තරම් කාලයක සිට මේ රටෙත් දේශපාලන හේතු නිසා, ත්‍රස්තවාදී හේතු නිසා, සුනාමිය ආදි සොබාවික විපත් නිසා, එසේ ම විවිධ අනතුරු නිසා, අකාලයේ මිය ගිය මිනිස් ජීවිත ලක්ෂ ගණනක්. මේ කිසි ;කනෙකු මරණය බලාපොරොත්තුව සිටි අය නොවෙයි. එහෙම නම් ඔවුන් මිය ගියේ නොසංසිඳුණු ආශාවන්ගෙන්. තණ්හාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්. මේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අවසන් හුස්ම හෙළුවේ තදබල අකැමැත්තෙන්. එහෙම නම් ඔවුන් මිය ගියේ මේ ලෝකය අතහැර නොවෙයි. අල්ලා ගෙන මයි.”
“එසේ නම් මේ හදිසි මරණවලට පත් වූ අයත්, ජීවත්වීමට කාලය තිබිය දී ප්‍රතිකාර නැති ලෙඩ රෝගවලින් අකාලයේ මරණයට පත් වූ අයත් මරණයෙන් පසු ගියේ කොහේට ද? ඔවුන් නිවන් දැක්කා ද? දෙවියන් අතරට ගියා ද? නැහැ ඔවුන් මරණයට පත් වූ ස්වභාවය අනුව, ඔවුන්ගේ මරණය සිදු වූ ස්වභාවය අනුව, මරා දැමූ ස්වභාවය අනුව, ඒවා හදිසි මරණ ගණයටමයි ගැනෙන්නේ. ඒ මිය ගිය අයගේ ආත්මයට (උපාදානස්කන්ධ සංයුතියට) මොකද වුණේ? ඔවුන් මිය ගියේ අවුල් වූ මනසකින්. කලින් ජීවත්වූ තැන පවා අමතකයි. ඔවුන්ට පාරක් තොටක් පවා අමතකයි. යා යුතු තැනක් නිච්චියක් නෑ. ඔහේ ඉබාගාතේ ඉන්නවා. අපේ ඇසට නොපෙනෙන එසේ ඉබාගාතේ සරිසරන අමනුෂ්‍යයන් අති විශාල ප්‍රමාණයක් ලංකාව පුරා ඉන්නවා.”
“ඉස්සර ඇදුරෝ අමනුෂ්‍යයන්ට දොල පිදේනි දෙන්න අඬ ගැහුවේ ‘තුන් මංසලේ රැක සිටිනා යකුන්නේ - සිවුමංසලේ රැක සිටිනා යකුන්නේ - නාන තොටේ ලෙඩ කරනා යකුන්නේ කියල යි. ඒත් දැන් හැම තැනම හැම අඟලක් ගානෙ ම වගේ ගෙයින් ගෙයට, දොරින් දොරට අකුසලය නිසා අමනුෂ්‍යයෝ වැහි වැහලා. මේ අමනුෂ්‍යයෝ ජීවත්වන්නේ, පවතින්නේ මිනිසුන් අතර පවතින අපවිත්‍ර දෙයින්. ලේ, සැරව, කෙළ, සෙම්, සොටු ආදියෙන්. මස් මාළු කරවල බිත්තර ආදී පිළිහුඩු පුළුටුවලින්. අද තෙල් බැඳුම් නැති ගෙයක් නෑ. ඉතින් අර අමනුෂ්‍යයොත් ඒවායේ ම සැරිසරනවා. ඒ අතරේ ශරීරවලට රිංගනවා. එදා සෘධි බලයෙන් අග තැන්පත්, අග්‍රශ්‍රාවක, මහමුගලන් මහ රහතන් වහන්සේ ගේ කුසටත් අමනුෂ්‍යයෙක් රිංගුවා නම් මේ මස් මාළු පිළිහුඩු පුළුටු කන මිනිස්සුන් ගැන කතා කරන්න දෙයක් නැහැ.”
“මිනිස් ශරීරවලට රිංගා ගන්නා අමනුෂ්‍යයෝ ඒ ඒ ග්‍රන්ථි අල්ලාගෙන ඒවායේ යුෂ උරා බොමින්, ජීවත් වෙනවා. ලෙඩ කරනවා. ඉතින් අද වෛද්‍ය ක්‍රමවලින් ප්‍රතිකාර කරන්නේ රූපයට - කයට විතරයි. වේදනා - සංඥා - සංඛාර - විඤ්ඤාණ කියන ස්කන්ධ හතරට ප්‍රතිකාර කරන්නෙ ම නෑ. බෝධි පූජා - පිරිත් - දාන මාන පිංකම්වලට යොමු වෙන්නේ ලෙඩ දුක් අන්තයට ම ගියාට පස්සෙ. මේ ගැන කවුරුත් නුවණින් කල්පනා කර බලන්නට ඕනෑ”යි ද මහා නාහිමියෝ පැවසූහ.
එපමණක් ද නොවේ දිනපතා මේ මිනිසුන් වෙනුවෙන් ම මසට බෙලි කපන සතුන් ගේ තරහ වෛර වේදනාත් මේ වායුගෝලයේ ම මිනිසාට සාප වෙමින් ක්‍රියාත්මක වේ. මේ අතර තවත් සමහරු යක්ෂයන් කියා කොටසක් නැතැයි ද ඒ මනෝ විකාර යැයි ද මත පළ කරති. මහසෝනා ඇසින් දුටු කෙනෙකු අපි අද ඉදිරිපත් කරමු. ඒ නුගේගොඩ, ජම්බුගස්මුල්ල, හයිලෙවල් පාරේ 1/210 ස්ථානයේ පදිංචි ප්‍රදීප් සමරසිංහ (0714293777) මහතායි. ඔහු කියන කතාව මෙසේ ය.

Last edited: