20-55. එයින්(මහපොළොවෙන්) අපි නුඹලා මැව්වෙමු. තවද ඒ තුළටම නුඹලා ආපසු යවන්නෙමු. තවද ඒ තුළින්ම යළිත් වරක් නුඹලා බිහිකරන්නෙමු.
එනම්, “සෑම මිනිසකුටම අවස්ථා තුනක් පසු කිරීමට සිදුවෙයි.
(1) උපතේ සිට මරණය ද,
(2) මරණයේ සිට මළවුන් කෙරෙන් නැගිටුවීම ද,
(3) කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දවසේ සිට සදාකාලික ජීවිතය දක්වාද වේ.” මේ ආයතය අනුව, මේ අවස්ථා තුනම මහ පොළොව මත දී සිදුවනු ඇත.
22-5. ජනයිනි, (මරණින් මතු ජීවිතයේ) මළවුන් කෙරෙන් නැගිටුවීම ගැන නුඹලා සැකයෙහි නම්, නියතවශයෙන් අපි (මුලින්) පසින්ද, පසුව ශුක‍්‍රාණු බිඳකින්ද, ඉන්පසුව ලේ කැටියකින්ද පසුව හැඩ ඇති හෝ හැඩ නැති මස් පිඩුවකින්ද නුඹලා මැව්වෙමු. අපි (මෙසේ යථාර්ථය) නුඹලාට පැහැදිලි කරන්නෙමු. (ශූක‍්‍රාණු බිඳුව) අපට අභිමත කාලයක් තුළ ගර්භාෂවල රඳවා තබන්නෙමු. පසුව බිළිඳකු ලෙස අපි නුඹලා බිහි කරන්නෙමු. අනතුරුව නුඹලා නුඹලාගේ තරුණ වියට පත්වනු සදහා (අපි නුඹලා පෝෂණය කරන්නෙමු.) තවද නුඹලා අතුරින් (වඩා කල් ඇතිව) මරණයට පත්වනු ලබන අය සිටිති. තවද ඔහු දැනගත හැකි සියල්ල දැනගත් පසු, කිසිවක් නොදන්නාසේ වයසින් ඉතා මහලු වියට පමුණුවන ලබන අයද නුඹලා අතර සිටිති. පොළොව වියළි (සහ නිසරු) ලෙස නුඹ දකින්නෙහිය. නමුත් ඒ මතට අප (වැසි) දිය ලබාදුන් විගසම එය(පණ ලබා) විකසිත වෙයි. තවද සෑම වර්ගයකම (අතු ඉති විහිදී සැපට වැඩෙන) ගස්වැල් (ජොඩු) බිහි කරයි.
22-6. එය එසේමය. පරම සත්‍යය වනුයේ නියතවශයෙන් අල්ලාහ්ය. තවද ඔහුය නියතවශයෙන් මළවුන් පණ ගන්වන්නේ, තවද සියලු දෑ කෙරෙහි ඔහු අති බලසම්පන්නය.
22-7. අස්සාඅත්(මළවුන් කෙරෙන් නැගිටුවීමේ දිනය) නිසැකයෙන්ම එළැඹෙයි. ඒ ගැන සැකයක් නැත. තවද මිනීවලවල වැතිර සිටින අය නියතවශයෙන් අල්ලාහ් නැගිටුවන්නේය. (ඒ බවට මෙය සාක්ෂියකි.)
22-8. කිසිම දැනුමකින් තොරවද, යහමඟ (පෙන්වීමක්) නොමැතිවද, දීප්තිමත් දේව ග‍්‍රන්ථයක් නෙැමැතිවද අල්ලාහ් ගැන විවාද කරන පිරිසක් ජනයා අතර වෙති.
22-9. අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) නොමඟ යවන්නට. ඔහු (උදාරම් ලෙස) තමාගේ ඇලයෙන් නැමෙන්නේය. ඔහුට මෙලොවදී නින්දාව අත්වෙයි. මළවුන් කෙරෙන් නැගිටුවන දිනයේ දැවෙන(ගින්නේ) වේදනාවේ රස විඳින්නට අපි ඔහුට සලස්වන්නෙමු.
22-10. මේ, නුඹේ අත්වලින් නුඹම ඉදිරිපත් කළ දෑ නිසාය. නියතවශයෙන් අල්ලාහ් (තම) ගැත්තන්ට අසාධාරණ නොකරන්නකු(යි ඔහුට කියනු ලැබේ)
22-66. නුඹලාට ජීවය ලබා දුන්නේත්, පසුව නුඹලා මරණයට පත් කරන්නේත් ඉන්පසුව නුඹලාට (නැවත) ජීවය ලබා දෙන්නේත් ඔහු(අල්ලාහ්)මය. (එසේ තිබියදීත්) නියතවශයෙන් මිනිසා (සත්‍යය) ප‍්‍රතික්ෂේප කරන්නෙක්මය.