මරණ‍යේ මිටියාවත

Prothean

Member
Apr 25, 2011
866
93
0
මරණ‍යේ මිටියාවත

මරණ‍යේ මිටියාවත​


ac97856d06b4325aea3d9d40acbf8fdbc3bbe7454a979b1a8be84b46c5591a526g.jpg





අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තේ ගිනිකොණ දෙසට වන්නට නෙවාඩා ප්‍රාන්තයට මායිම්ව සියරා නෙවාඩා කදු පන්තියට ගිණිකොණ දෙසින් පිහිටා ඇති මරණයේ නිම්නය අමරිකාවේ ඉතා ශුෂ්ක ප්‍රදේශයක් වනතර එය බටහිර අර්ධ ගෝලයේ වැඩිම උෂ්ණත්වයක් දක්වා ඇති ප්‍රදේශයක් ලෙසද සැල්කේ. මුහුදු මට්ටමින් අඩි 282 හෙවත් මිටර් 86 පමණ පහලින් පිහිටා ඇති මෙම නිම්නය පුරාතන යුගයේ සාගරයට යටවි තිබිම නිසා වර්තමානයේදි විවිද භූගෝලීය ලක්ෂණ පෙන්නුම් කෙරේ උදාහරණයක් ලෙස දැවැන්ත ලවණ බිම්, විශාල ඛාදණය විමකට ලක් වි ඇති කදු පෙන්වා දිය හැක. වාර්තා වලට අනුව මෙම මරණයේ නිම්නයේ වාර්තා වි ඇති වැඩිම උෂ්ණත්වය 56.7 සෙල්සියස් අංශක ලෙස ෆර්නස් ක්‍රික් නම් මධ්‍යස්තානය 1913 ජුලි 10 වැනි දින වාර්තා කර ඇතැයි සැලකේ. එය ලිබියාවේ 1922 සැප්තැම්බර් 13 වැනි දින 57.8 සෙල්සියස් අංශක උෂ්ණත්වට පමණක් දෙවැනි කොට සැලකිය හැකි බව සදහන්. කෙසේ නමුත් සෑම දාම ඉතා දැඩි උෂ්ණත්වයක් වාර්තා කරන මෙම මරණයේ මිටියාවත ජුලි මාසයේදි එහි උපරිම අගය වාර්තා කරනු ලබයි. මෙම නිමනයේ පිහිටා ඇති බැඩ් වෝටර් නම් ද්‍රෝණිකාව මෙම ස්ථානයේ ඉතා පහත්ම ස්ථානය ලෙස පෙන්වා දිය හැක. මෝහාවි කාන්තාරයේ කොටසක් වන මෙයහි මාරක නිම්න ජාතික උද්‍යානය ඉතා ප්‍රසිද්දියක් උසුලන බව ප්‍රකට කරුණකි. එලෙසම මෙම නිම්නය අන්තර්වාහිනි ද්‍රෝණියන් වන බව අමතර ලෙස සදහන් කළ හැක. එයහි අර්ථය වන්නේ රට තුළ ගලායන ගංගා මහ සයුරට නොවැටි ලවණ බිම් තුළට ගලායාමයි.1933 ට පෙර මෙම ස්ථානය බොරෑක්ස් හෙවත් සෝඩියම් ට්‍රෙට්‍ට්‍රබොරෙට් කැණිමට භාබිතා කළතර එය 1933 දි ජාතික සිහිවටනයක් ලෙසද 1994 දි ජාතික වන උද්‍යානයක් ලෙසද නම් කර තිබේ.වර්ග කිලෝ මිටර 13,650 පුරා පැතිර ඇති මෙම ප්‍රදේශය නෙවාඩා ප්‍රාන්තය දක්වා විහිදි යයි.





4307f7049b6c05b2602f751e59d3ebf003519934f670917181d3f92e2a5a78dc6g.jpg
30f241ff3ad6574355d6b187a7f45120ebc5bb7e4ba517f0c3a5e33eaa39b59f6g.jpg



GEOLOGY


මරණයේ මිටියාවත එයහි පවතින අති විශේෂ වු භූගෝලියම සාධක අනුව විශේෂ තැනක් ගනි නිදර්ශනයක් ලෙස ප්‍රදේශය පුරා පවතින වැලි කදු, ලවණ බිම්, සහ අමරිකාවේ උතුරු ප්‍රාන්තයන්හි පවතින ආකාරයේ විශාල කදු මෙහි දැක ගැනිමට පුලුවන්. මෙහි ඇති බැඩ් වොටර් නම් ස්ථානය ඉහත සදහන් පරිදි ඉතා පහත්ම ස්ථානය ලෙස සැලකිය හැකිතර එය මුලු අමරිකා එක්සත් ජනපදයේම අඩුම උන්නතාංශය දක්වන ස්ථානය ලෙස සැලකිය හැක. මෙහි දක්නට ලැබෙන ලවණ බිම් සෑදි ඇත්තේ මිට අවුරුදු දහස් ගණනක්ට පෙරාතුව වන බව භූ විද්‍යාඥ්ඥයන් විසින් සදහන් කරනු ලබයි. එය මෙහි පුරාතන යුගයේ පැවති මැන්ලි නම් විලක් ස්භාවික ලෙස හිදිමෙන් සෑදි ඇති බව සැලකේ. එය හිදිමට හේතු වී ඇත්තේ විලට ජලය සපයන ගංගා කාළගුණයේ සිදුවු වෙනස් කම් මගින් නෂ්ඨ වි යාම බව ප්‍රධාන වශයෙන් සදහන් කළ හැක ඉන් පසු පසු කාලයේදි ජලය බැස ගිය පසු ඉතුරු වු ඛනිජ ලවණ තුළින් පස මත සෙන්ටිමිටර කිහිපයක් ඝණකමැති
ලවණ තට්ටු සැදිම මගින් මෙම ලවණ බිම් ආරම්භ වුවා යැයි සැලකේ.





90524ed829db2e1438a893402c688c7b5f10cbeb70207a2372896f9fce07bb5f6g.jpg



CLIMATE


මරණයේ මිටියාවතේ උෂ්ණත්වය සමස්තයක් ලෙස ගත් කළ සෑම දාම ඉතා ඉහළ අගයක් ගන්නතර එය ජුලි මාසයේදි ඉතා ඉහළ අගයකටද ,දෙසැම්බර් සහ ජනවාරි යන ශීත කලයන්හිදි අඩුම අගයක් ගනි. එලේසම රාත්‍රි කාලයෙද මෙහි උෂ්ණත්වය සාපේක්ෂ ලෙස ඉතා පහළ අගයක් ගනි. ආරම්භයේදි සදහන් වී ඇති අන්දමට වාර්තා වි ඇති උපරිම උෂ්ණත්වය 54 සෙල්සියම් ද අවම අගය -9.4 සෙල්සියම යන අගයයන් ගනි. සාමාන්‍යය නියමයක් අනුව පහත් බිම් හිදි උණුසුම ඉතා ඉහළ අගයක් ගනි මෙයට හේතු ලෙස භූමියෙ උන්නතාංසශය අඩුවේන කල්හි සුරයයා ලෝකය මගින් භූමිය උණුසුම් කරණු ලබයි මේ සදහා එයහි ඇති අධෝරක්ත තරංග උපකාරි වේ එලෙසම බහුතර භූමිය සෑදි ඇත්තේ අධි තාප විමෝචක ද්‍රව්‍යයන් මගින් නිසාත් රත්වු භූමිය ඉතා විශාල ලෙස තාපය ඉහළට පිට කරනු ලැබේ තවද ප්‍රදේශය වටකොට ඇති කදු මගින් උණුසුම් වායු දහරා ඇතුළත රදවා ගන්න නිසා ත් උණුසුම සාපේක්ශ ලෙස විශාල ලෙස වැඩි අගයක් ගනි.
ඉතා පහළ භූමියේදි වායු ගෝල පීඩනය ඉතා ඉහළ අගයක් ගනි මෙයට හේතු වන්නේ. පෘතුවියේ ඉහළ අවකාශ‍යෙ සිට භූමියට තිබෙන විස්ථාපනය වැඩිවිමයි. මෙම හේතුව නිසා ඇතිවන පීඩනය හමුවේ උණුසුම් වායු දහරා භූමියේ මතුපිට මත හිර වෙනු ලැබේ එයත් මෙම ප්‍රදේශයේ උණුසුම වැඩිවිමට හේතුවේ.
ප්‍රදේශයේ වර්ෂාපතනය 50mm පමණ අගයක් ගන්න නිසා ප්‍රදේශය පුරා ඇති පාශාණ සහා ලවණ ඉතා දැඩිබවකින් යුක්ත වේ. මෙම නිසා කලින් කළ වසින වැසි ජලය පාශාණ වලට උරා ගැනිමේ දැඩි අපහසුකම් පවති එමගින් ජලය මතුපිට රැදෙනතර මෙය ගංවතුරක් දක්වා වර්ධනය වු අවස්ථා පවා වාර්තා වේ. එවැනි එක් අවස්ථාවක් ලෙස 2004 අගොස්තු මාසයේ සිදුවු සිද්ධිය පැහැදිලි කළ හැක. එමගින් විශාල ලෙස දේපළ, ජිවිත ,හානි කළ කරතර විශාල වශ‍යෙන් මහාමාර්ග අවහිර කරබවත් වාර්තා වේ.මෙහි ඇති වන උද්‍යානය ඉතා දිර්ග කාලයක් වසා තිබිමටද මෙම ඛේදවාචකය ඉවහල් වූ බව සදහන්.





80faa0ae97fea20415c5896ae5199a59a38069fda10ca27be00d6579d5cf5d056g.jpg



ANIMALS and PLANTS

ANIMALS


ඉතා ශුෂ්ක ප්‍රදේශයක් වුවත් මෙහි යම් කිසි ආකාරයක ජෛව විවිධත්වයක් දක්නට ලැබේ.එය ඉතා විශාල පරාසයක් දක්වා විහිදියනතර ප්‍රධාන වශයෙන් නිජ්භුමි කරගත් මැමල් විශේෂ 307 ක්ද, පක්ෂි විශේෂ 307 ක්ද, උරග විශේෂ 36 ක්ද, ඇමිබාකාර විශේෂ 3ක්ද, ප්‍රධාන මත්ස්‍යය විශේෂ 5ක්ද සහ උප විශේෂ 1ක් දක්වා සැලකිය හැක. මෙහි ජිවත්වන කාන්තාර ඉදිබුවා අවුරුදු 80 දක්වා වසන අතර සත්වයා ජිවිතයේ වැඩිකාලයක් පොළවයට බෙනයන්හි නිදාගෙන කාලය ගතකරනු ලබයි. මෙහි වසන සත්ව වර්ගයන්හි ලැයිස්තුවක් පහතින් සදහන කර ඇතිතර එය පරිශිලිනයෙන් වැඩි තොර්තුරු ලබාගත හැක.


9397c276b7ae48ea3cb5e5a9a47434a2dbcda375c0b568be0075c87dcabecbac6g.jpg


c591cc351a6d2aa743d9c600605f4d7a99ebfde106058cc56e21cabe22f023556g.jpg


7186287d5f47efb9820f327cd3c38f362827242f8d1535f9e7b6003166fb5f256g.jpg


c7f8adfbd6303e00fbd35b3b81b82eef2945c5b1a124b749b2e954a1f805c3df6g.jpg


80e0f99069d1f992e8f7acb8cfbfedc7f6827cd9b52174613af350b6e2326c906g.jpg


814648f8ba58bca32a129d57c42d3e2ad553944c8836cf36b06fadcc6da685556g.jpg


b1b957e642b63474e093cf8fd6494068b1e8eb3635402865fd717c1babc42ed76g.jpg


1c0bb2c2cc6bd0441b4dc4a641168e918426f8feb9e93cf36958355e0284fc4e6g.jpg


c442a94d5a0a15f555b8f83729c3b43b167a5a551a20d64425546c8b6eda637e6g.jpg


e56f53c3f2c98ab8e01e2070311f919ae441e1f944dd44a5fa2519d31ee0cd706g.jpg


846c489c775de05982b5672b4df3ce6911015f8f09b053cf1ddae307312ddb8e6g.jpg


318f12582dfb2fec445391641126815be6f7222140e8aedaae376944c2efa02d6g.jpg


d6e59189d68f8f273bc49e33b027cdb9d5f66ea38e7b5017d8af05bcfa72bba06g.jpg


ececd4a1fd657ecda6feb23f3a476d651a5deb03e05bf9c4addc00084b37c9456g.jpg


682cabe8657f8505853d0a33cd2613b46e35b75a3606ad16cc61df4c8d1aa0166g.jpg


0a044da509831bd1053c38a21afab112fe5598f79303d66b858b9febf616867b6g.jpg


0b3f658273589be85bed969f69d9fa64aedbbffb3efadd7357c0c0bb9e226d6f6g.jpg


323d7ff23a6e6b07cae7b2328350dececba0ccbe0cd9e4ed55e44db5a95322256g.jpg


4532541b7e38d7cb76271d221e1751884c9f19c9af10b4f1a741ac776d1358646g.jpg


0482983fa197ce7bd7d59bebd708a45809ad7f29a4e720adf545270e01aba4756g.jpg


745c023e48bd0fc638783f71d5183421fd924dc609860170b31a504d2eba31b96g.jpg


0daae39049bc548d3d11177aef2fef8989b1af44fadc9bdbf2cf067500671fff6g.jpg


8cc9dadacf58e2f6807b84798a8f7e6fe8c085ff6de4fb64a9bbdf3f803c10946g.jpg


2e48538089e32a4fbd71c9b8607d8761afe7d68d3db43fe4bda35c68838654366g.jpg


9b0c47e216a96e1a05350dff28c21738a7b0c1fd873ce656e47d220c70fdd44e6g.jpg






PLANTS

සත්ව විශේෂයන්ට අමතර ලෙස මෙහි ශාඛ විශේෂ ද විශාල වශයෙන් පවතිනු ලැබේ. එවා ප්‍රධාන වශයෙන් කදුකරයන් හි සහ ජලය පවතින සෑම තැනකම විසිරි පවති. මෙම ප්‍රදේශයේ කදුකරයට සාමාන්‍යයෙන් වැඩි වර්ෂාපතනයක් පතිතවනතර එය අගල් 15 ක් පාමණද පහත් භූමියන්හි එය අගල් 1.9ක් දක්වා ඉතා අඩුඅගයක් ගනි. නමුත් වර්ෂාව නිරතුරුවම බාලපොරොත්තුවිය නොහැකි බැවින් ශාඛ ඝණත්වයේ අඩුබවක් දක්නට ලැබේ. ප්‍රධන වශයෙන් ශාඛයන් ලෙස creosote bush,desert holly,shadscale, blackbrush, Joshua tree, pinyon-juniper, යානාදි ශාඛ දක්නට ලැබේ.ඒවා වන පුෂ්ප සහ පතොක් ආදි ප්‍රධාන වශයෙන් කාණ්ඩ කළ හැක. පහත වගුව මගින් එකි ශාඛයන් දක්වා ඇතිතර එය පරිශිලිනයෙන් ශාඛයන් පිළිබදව යම් අවබෝදයක් ගැනිමට හැකිවේ.


e05ae98ebe1f6c5e75ac2b1ce43bf1861219864b9388f6f7a5b078aa2ca3736e6g.jpg

ad88bcc84604e46d8fb1602a64dbb9c986fd8ddf2b522cd9c52dfc647572adc76g.jpg

56de53b85ca05a8b1e73b6c02be245fedeea1c77b26d4ed9e7afd354542e15b16g.jpg

1cb8ed69920dc0521f17bc290e9f654f3707aa9c9d37a87beb746a71dc916c946g.jpg
 
Last edited:

Prothean

Member
Apr 25, 2011
866
93
0
20-Mule-Team-02.gif



Why death valley is called death valley?


මෙම ප්‍රදේශයට මරණයේ මිටියාවත යැයි ව්‍යවහාර කිරිම පිළිබදව ඉතා අගනා පසුබිම් කථාවක් ඇත. එය ආරම්භ වන්නේ රන් කැණිම සදහා පිටත්ව ගිය තවලම් කණ්ඩායමක් ඇසුරින් යැයි සදහන් වේ. 1848 හෙවත් ශ්‍රීලංකාවට නිදහස ලැබිමට අවුරුදු සියයකට පෙර කැලිෆෝනියා ප්‍රාන්තයේ sutter's mill නම් ස්ථානයේ රන් ආකාර සොයාගන්නා ලදි. මෙය කණවැකුණු මුළුමහත් අමරිකා එක්සත් ජනපදයේ සෑම ප්‍රදේශයේකම ජනයා ඔවුන්ගේ දෑ රැස්කර පවුල් පිටින්ම කැලිෆෝනියා ප්‍රාන්තයේ sutter's mill නම් ස්ථානය බළා 1849 යේදි ගමනාරම්භ කරන ලදි.බටහිර දෙසට වන්නට පිහිටි කැලිෆෝනියා ජනපදයට යාමට ඔවුන්ට ප්‍රධාන වශයෙන්ම සියෙරා නෙවාඩා නම් කදු පන්තිය තරණය කළ යුතු වේ මේ සදහා ඌටා ජනපදය හරහා ගිය කණ්ඩායමක් ගමනේ දීර්ග බව සලකලාඑහි ඇති Salt Lake City නම් නගරයේ නවාතැන් ගන්නා ලදි. මෙමගින් ඔවුනට විවේක ගැනිමට අවස්ථාව ලැබෙනතර දිර්ග වු ගමනට අවශ්‍යය අහාර සහ ජලය රැස් කර ගැනිමේ පහසුවද ලැබේ. ප්‍රධාන වශයෙන් සදහන් කලොත් කැලිෆෝනියා ප්‍රාන්තය යට යන මේම ගමන ලෙහෙසි එකක් නොවේ මක්යත් මග දිගට ම ඉතා විශාල කාන්තාර සහ ශුෂ්ක ප්‍රදේශ පසුකිරිමට අවැසි නිසා වේ. මෙම ගමන කෙටියෙන් කිවහොත් පන්සිය පනස් ජාතකයේ එන අපණ්ණක නම් වු කථා වස්තුවේ බොසතුන් ගැල් රැසක් තබාගෙන වෙළදාමේ ගිය ගමනට සමාන හෝ ඊට වඩා දරුණු ස්වරූපයක් ගනි. Salt Lake CIty යෙහි නවාතැන් ගෙන සිටි මෙම මිනිසුන්ට සියෙර නෙවඩා කදු පන්තිය තරණය කිරිමට අපහසු වුවේ දැනටමත් ශිශිර සෘතුවේ හිම පතිත වීම ආරම්භ වි ඇති බැවින් නිසා වේ. හිම පතනය මැද කදු පන්තිය තරණය කිරිම ඉතා දුෂ්කර මාර්ගයක් වු බැවිනුත් මොවුන්ට තවත් මාස කිහිපයක් Salt Lake CIty යෙහි නවාතැන ගෙන සිටිමට සිදුවිමත් ඉතාමත් ගැටලු සහගත තත්වයක් වේ. මෙම ගැටලුවේ නිමග්නව සිටි පිරිසට අහඹු ලෙස තවත් මාර්ගයක් පිළිබද අසන්නට ලැබිනි. එය අතීතයේ ස්පාඥ්ඥ වරුන් විසින් කැලිෆෝනියා ප්‍රාන්තය සදහා යෑම සදහා භාවිතා කල එකක් බව දැන ගත පිරිස නගරය පුරාම ඊට අවැසි මගපෙන්වන්නෙක් සොයා යන ලදි. අවසානයේදි දැඩි පරිශ්‍රමයකින් පසු එකෙකු සොයාගතු කණ්ඩායම තමගමන සදහා Salt Lake නගරයෙන් පිටත් වෙන ලදි. එක කණ්ඩායක් මෙම ස්පාඥ්ඥ වරුන්ගේ මගන් මගෙන් මිදි වෙනත් දිශාවක් බලා ගමනාරම්භකළතර එය සදහා කණ්ඩායමේ සිටි මුරණ්ඩු සමාජිකයන් ගේ කෙටිමාර්ගයක් යන අදහස ඉවහල් වන්නට ඇතැයි සැලකේ. කෙසේ හෝ මුල් කාණ්ඩායමේ නායකත්වය ගෙන සිටි කපිතාන් ජෙෆර්සන් නම් පුද්ගලයා දිගටම එම ස්පාඥ්ඥ වරුන්ගේ මගහි යමට තිරණය කරන ලදී. විවිධ බාදක වලට මූනපෑ කෙටි මාර්ගයක් සොයාගිය මුරණ්ඩු කණ්ඩායම අවසාන‍‍යේදි මෙම මරණයේ මිටියාවත නම් වු ස්ථානයටට ළගාවෙන ලදි. අවසානයේදි මිටියවත තරණය කළ පිරිස් එයට good bye death vallye යැයි කියා තවත් දවස් 23 පමණ මොහාවි කාන්තාරය පසුකර කැලිෆෝනියා වේ සැන් ෆැන්සිස්කෝවට ළගාවෙන ළදී. එම මිටියවතට එසේ කිමට ශුද්ධවු බයිබලයේ The Psalms 23 වැනි සදහන බලපෑ ඇතැයි සදහන් කළ හැක. එය ශුද්ධවු බයිබලයේ මෙසේ වෙයි.


31741Holly%20bible4.jpg



The LORD is my shepherd; I shall not want.
He maketh me to lie down in green pastures:
he leadeth me beside the still waters. Rev. 7.17
He restoreth my soul:
he leadeth me in the paths of righteousness for his name's sake.
"Yea, though I walk through the valley of the shadow of death, "
I will fear no evil: for thou art with me;
thy rod and thy staff they comfort me.
Thou preparest a table before me in the presence of mine enemies:
thou anointest my head with oil;
my cup runneth over.
Surely goodness and mercy shall follow me all the days of my life:
and I will dwell in the house of the LORD for ever.


මේසේ ගමන 1849 නමයේදි ආරම්භ වු බැවින් මෙයට The Lost '49ers යන්ගේ කථාව යැයි පවසනු ලැබේ. 1849 නම‍යෙදි පටබැදි මෙම නාමය අදටද
මෙම මිටියාවතට එසේම භාවිතාකරනු ලැබේ.





33bda8ed383b7fd7ccec4e49dbe9bf0549ac669e02c0aa8963a6fe59e257505e6g.jpg



දැනුම පිරික්ශීම


ඔබ දැන් කියවු මිටියාවතට කියන නම කුමක්ද?
මෙම මිටියාවතේ සිටින ආවේණික මැමල් වරුන් 3 දෙනෙකු නම් කරන්න.?
මෙම මිටියාවතේ ස්වරූපය සැකවින් දක්වන්න?
මිටියාවතේ ශාඛ ප්‍රජාව ගේ ස්භාවය කෙබදුද?
මිටියාවතේ භූගෝලීය ලක්ෂණ 3 නක් සදහන් කරන්න?
බයිබල‍යේ මෙම මිටියාවත සදහා නම වැටිමට හේතුවු පාඨය පමණක් උපුටා දක්වන්න.?
අමරිකාවේ මෙම මිටියාවත පිහිටන්නේ කුමන ජනපදයේද?
සියෙරා නෙවාඩා කදු පන්තිය දිවයන ප්‍රාන්ත කුමක්ද?
මෙම මිටියාවතේ පිහිටි උන්නතාංශය අඩුම ස්ථානය කුමක්ද?


creative_commons.jpg



by Prothean for Elakiri.com
Under Creative Common License.
Permission is granted If the URL to this article was included wherever the article is republished.
 
Last edited:
  • Like
Reactions: Rushie510

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    එල මචන්. මමත් දෙසම්බරේ ඔය පැත්තේ කරක් ගැහුවා.

    පොඩි නිවැරදි කිරීමක්: "මොජාවී" නෙවේ මචන් "මොහාවී". මෙක්සිකන් එවුන් J අකුර H විදියට ශබ්ද කරන්නේ. (e.g. fajita කියන එක කියන්නේ ෆහිත කියල)
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ඔය ගොල්ලන් ප්‍රශ්ණ වලට උත්තර දෙන එක මගහැරලා වගේ. :P
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    එල මචන්. මමත් දෙසම්බරේ ඔය පැත්තේ කරක් ගැහුවා.

    පොඩි නිවැරදි කිරීමක්: "මොජාවී" නෙවේ මචන් "මොහාවී". මෙක්සිකන් එවුන් J අකුර H විදියට ශබ්ද කරන්නේ. (e.g. fajita කියන එක කියන්නේ ෆහිත කියල)

    yeah like "Baja" :yes:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    දැනුම පිරික්ශීම


    ඔබ දැන් කියවු මිටියාවතට කියන නම කුමක්ද?
    මෙම මිටියාවතේ සිටින ආවේණික මැමල් වරුන් 3 දෙනෙකු නම් කරන්න.?
    මෙම මිටියාවතේ ස්වරූපය සැකවින් දක්වන්න?
    මිටියාවතේ ශාඛ ප්‍රජාව ගේ ස්භාවය කෙබදුද?
    මිටියාවතේ භූගෝලීය ලක්ෂණ 3 නක් සදහන් කරන්න?
    බයිබල‍යේ මෙම මිටියාවත සදහා නම වැටිමට හේතුවු පාඨය පමණක් උපුටා දක්වන්න.?
    අමරිකාවේ මෙම මිටියාවත පිහිටන්නේ කුමන ජනපදයේද?
    සියෙරා නෙවාඩා කදු පන්තිය දිවයන ප්‍රාන්ත කුමක්ද?
    මෙම මිටියාවතේ පිහිටි උන්නතාංශය අඩුම ස්ථානය කුමක්ද?

    :lol:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ඔය ගොල්ලන් ප්‍රශ්ණ වලට උත්තර දෙන එක මගහැරලා වගේ. :P

    හෆොයි. මගේ නම් ඔය ගසුයි, කොලයි, මලුයි මතක තියෙන වයස ගිහිල්ල තියෙන්නේ බන්.:P