මරණ දඬුවම හෙවත් අතීසාරයට අමුඩේ ගැසීම

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මරණ දඬුවම හෙවත් අතීසාරයට අමුඩේ ගැසීම

    මට මතක ඇති ආකාරයට ඒ ප්‍රේමදාස පාලන සමයයි. එවකට දාමරිකයෙකු ලෙස දිවයිනේ ප්‍රසිද්ධව සිටි සොත්ති උපාලි පිළිබඳව, පැවති රජයේ සුවිශේෂී චරිතයක් වූ සිරිසේන කුරේ මහතාගෙන්, මාධ්‍ය විමසුමක් කළේය.


    "ආ.... ඒ අපේ ළමයෙක්නේ" කියමින් සිරිසේන කුරේ කතාව මග හැර ගියේය.


    එදා ලංකාවේ පොදු ග්‍රාමීය චරිතයක් වූ "ගමේ චන්ඩියා" ලංකාවට පමණක් නොව මා සංචාරය කර ඇති බොහෝ රටවල අදටත් දැකිය හැකි සංකල්පයකි. ඉංග්‍රීසි යුගයේ සරදියෙල් මෙන්ම 60-70 දශක වල ප්‍රසිද්ධ වූ මරදන් කඩවල යකඩයා, පොළොන්නරුවේ පොඩි විජේ, සිරිපාල හෙවත් මරු සිරා වැනි චරිත මෙම ගමේ චන්ඩියා ගෙන් ඔබ්බට පිය නැගූ පුද්ගලයෝය. ඔවුන් පවතින නීතියට එරෙහිව කටයුතු කළහ. මිනීමැරුම් සහ මංකොල්ල කෑම් සම්බන්ධයෙන් ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවෝ විය. එහෙත් ඔවුන් පිළිබඳව ජනතාව තුල තිබුනේ "සමාජ විරෝධී දරුණු අපරාධකරුවන්" යන හැඟීමම නොවේ. පසු කලෙක ඔවුන් පිළිබඳව යම් අනුකම්පා සහගත හැඟීම් දනවන ගීත සහ චිත්‍රපටි පවා නිර්මාණය වන්නේ මේ නිසාය.


    එහෙත් 77 රාජ්‍ය පෙරළියෙන් පසු බිහිවන්නේ අති බිහිසුණු සංවිධානාත්මක දාමරික කල්ලිය. එම කල්ලි වල මූලික කාර්ය භාරය වන්නේ පවතින රජයේ කටයුතු වලට එරෙහි වන්නන් මර්දනය කිරීමයි. එයට ගාස්තුව වන්නේ රටේ භිෂණය පතුරවා මුදල් ගැරීමට ඔවුන්ට ලැබුන විවෘත බලපත්‍රයයි. ගෝනවල සුනිල්, සොත්ති උපාලි, අග්ගොන චන්දරේ, නොයෙල් අමරසිංහ, නාවල නිහාල්, කඩුවෙල වසන්ත වැනි චරිත බිහිවන්නේ මෙම පසුබිම තුලයි. මොවුන් විසින් කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරීම, මත්ද්‍රව්‍ය ජාවාරම, එතනෝල් ජාවාරම, පෞද්ගලික ව්‍යාපාර වලින් කප්පම් ගැනීම, ස්ත්‍රී දුෂණය, ගණිකා මඩම් සඳහා ගණිකාවන් සැපයීම, රජයේ කොන්ත්‍රාත් අනිසි ලෙස ලබා ගැනීම, වැලි ජාවාරම ආදී අපරාධ සහ වංචා රාශියක් සමාජ ගත කෙරිණි. අදටත් දේශපාලනයේ නියැලෙන සමහර නායකාදීන් එදා මෙම අපරාධකරුවන්ට චරිත සහතික දෙන්න විය.


    රජය-ජවිපෙ ඇතුළු වෙනත් පාර්ශව කිහිපයකද පූර්ණ දායකත්වයෙන් දියත් වූ 88/89 භීෂණය මෙම අපරාධකරුවන්ට තෝතැන්නක් සකසා දුන්නේය. ගමේ චන්ඩියා සම්පුර්ණයෙන්ම පාහේ වියැකී ගිය අතර රාජ්‍ය අනුග්‍රහය ලැබූ දාමරිකයා වඩ වඩාත් ශක්තිමත් විය. බොහෝ විට ඔවුන්ට ත්‍රිවිධ හමුදාවේද ආශිර්වාදය ලැබුණු බවද නොරහසකි.


    ක්‍රමයෙන් ව්‍යාප්තවී ගිය මෙම දාමරිකවාදය 2010 පසු කරන විට මුළු සමාජයම වෙලාගත් පිළිලයක් බවට පත්විය. රට තුල තව රටක් බිහිවිය. එය පාතාලය නම් විය. එතෙක් දේශපාලුවාගේ දකුණු අත වූ අපරාධකරුවා දේශපාලුවා බවට පත්විය. ඇමතිතුමාගේ කුඩු ජාවාරම පවත්වාගෙන ගිය පාතාලයා ඇමතිතුමා විය. ඇමතිවරු තම ප්‍රාදේශීය ජාවාරම් වපසරිය වෙනුවෙන් මිනිමරාගන්න විය.


    රටට ගෙන්වූ විශාලම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කියවුනේ අගමැති තුමාගේ නමයි. රටේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් වන චරිතයක් බඩුත් සමග කොටු වූ විට වහා දිව ගොස් ඔහුව වැළඳ ගන්නේ රටේ ජනාධිපතිවරයාය. මේ සමගම නීතියේ ආධිපත්‍ය රකින්නෝ භීතියට පත්විය. ඔවුන්ට තේරීම් දෙකක්
    විය​
    . එනම් පවතින දුෂණයට සහ භීෂණයට අනුගත වී දේශපාලුවාගේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. නොඑසේ නම් රට හැර යාමයි. මේ තත්වය හමුවේ අපරාධකරුවෝ බඩ පිනුම් ගසන්න විය. ප්‍රාදේශීය දේශපාලුවෙක් තමා දැරිවියන් 100 ක් දුෂණය කිරීම සමරනු වස් උත්සව සංවිධානය කළේය.



    අද​
    මුළු සමාජයම අතීසාරයෙන් පෙලෙයි. හොඳට තද කර අමුඩය ගැසීමෙන් මෙම රෝගී තත්වය සුව කරගත හැකි බව දේශපාලුවා යෝජනා කරයි. මෙය නොදන්නා කම නොව තක්කඩි කම බව මගේ හැඟීමයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යනු පවත්නා තත්වය අති උග්‍ර අසාධ්‍ය තත්වයකට පරිවර්තනය කිරීමක් බව පැහැදිලිවම පෙනෙයි.

    මරණ දඬුවම තුලින් අපරාධකරුවා බිය වැද්දීම අසීරු බව එම දඬුවම ක්‍රියාත්මකවන ඇමරිකාව වැනි දියුණු යයි සම්මත රටවල පවා සිදුවන සහාසික ක්‍රියාවන්ගෙන් පැහැදිලිවෙයි. ලංකාව වැනි නොදියුණු රටක බොහෝ විට සිදුවන්නේ මෙම නීතිය තම දේශපාලන ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට යොදා ගැනීමයි. දේශපාලුවාගේ ආදර අනුග්‍රහය ලබන පාතාලයා හෝ දේශපාලුවෙකු වන පාතාලයා මේ දඬුවමට ඔච්චම් කරනු ඇත. තවද නිත්‍යානුකුල මිනීමැරීම තුලින් සමාජයේ මානසික සෞඛ්‍ය තවත් පිරිහීමට ඇති ඉඩකඩ බොහෝය. මේ අන්තරායකර තීරණය ගැනීම කිසිසේත්ම නොකළ යුත්තක් බව මගේ බලවත් හැඟීමයි.


    මගේ අදහස නම් මුළු මහත් සමාජයටම වෙදකම් කල හැකි මානසික වෛද්‍යවරයෙකුගේ සේවය අත්‍යාවශ්‍ය මෙන්ම අනිවාර්ය වන බවයි. මුළු සමාජයේම මානසික ව්‍යුහය වසර 40 කින් පමණ ආපසු හැරවිය යුතුය. ඉන්පසු එය නව මාර්ගයක් ඔස්සේ අනාගතයට යොමු කල යුතුය. මෙය කලයුතු ආකාරය පිළිබඳව ආකෘතියක් ඉදිරිපත් කිරීමට තරම් මා පරිනත නැත. සමහර විට මේ සඳහා බුද්ධි ජාලයක් අවශ්‍ය වනු ඇත.


    සමාජයක් සුව කිරීමේ පළමු මෙන්ම අත්‍යවශ්‍යම පියවර රෝගී තත්වය පිළිබඳව නිවැරදි තක්සේරුවකට පැමිණීමයි. මෙය සියළු දෙනාම මැනවින් තේරුම් ගනීවි යයි මම සිතමි.



    http://chandimagomes.blogspot.com
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මරන දඩුවම අතීසාරයට අබුඩය ගැසීමක් එකගයි..මොකද අපේ නිතියෙ හිල් ගොඩක් තියෙනව පාතාල කාරයෙක්ට උනත් ඔය හිල් වලින් පැනල මරණ දඩුවමින් බේරෙන්ඩ පුලුවන්...එකම විසදුම ආයුධ හොයන්ඩ එක්ක යන එක..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අගමැතියා කුඩු කන්ටේනර් රිලීස් කරන්න නියෝග දුන්න කාලයක් තිබුණා..