මරණ මංචකයට පැමිණි කල... කෙසේ නම් නොභියව මරණයට මුහුණ දිය හැකිද....

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කැමති අය වටකරගෙන, කැමති දේවල් කරමින්, කැමති ගමන් බිමන් යමින්, කැමති ආහාර ගනිමින්... ජීවිතය ආත්මීය වශයෙන් මුලාවෙන් වැසී සිටින කෙනෙක්ට...
    කිසිවකුත් නොමැතිව... තමන්ගේම අතපයවත් සොලවන්නට බැරිව.. තනිව කිසිවක් කරගන්නට බැරිව... තනිවම...
    මරණ මංචකයට පැමිණි කල...
    කෙසේ නම් නොභියව මරණයට මුහුණ දිය හැකිද....
    අවසන් මොහොතේ සිතට නැඟෙන්නට..
    තමන් වඩවා ගෙන ඇති සිත කුමක්ද....

    නැඟෙන්නට බුදු රුවක් මනසට.. වඩවා ගෙන තිබේද මැරුවත් නොසෙල්වෙන ශ්‍රද්ධාවක්...!

    මෙනෙහි වන්නට අනිත්‍ය, අනාත්මය...පුහුණු කරගෙන ඇතිද යෝනිසෝ මනසිකාරයක්..!

    කායික වේදනා යට කරන් සිත සමාධිමත් කරන්නට... පුහුණු කර ඇතිද එක් විනාඩි දහයක හෝ නොපිරිහෙන සමාධියක්...!!!

    කෙතරම් අසරණද මරණ මංචකය අභියස ඔවුන්...!!!
    හෙට මැරුණත් අද ජොලි කරන්නට යැයි පස් පවට බිය නොවූ ඔබේ ඊළඟ භවය
    කොහේදැයි සිතුවාද....!!!

    මරණය අභියසත් එසේ සතුටින් මිය යන්නේ සිත දියුණු කරගත් උතුම් මිනිසුන් පමණි...!
    මහ පොළොවේ පස් අතරින් නිය සිලට ගත් ප්‍රමාණයක් පමණක් බව විශ්වාස කරන්න...!
    මන්ද එය තථාගත බුදු වදන බැවිනි...!!!
    අප්‍රමාදීව මරණානුස්සතිය වඩන්න..මරණයට සිත සූදානම් කරගන්න....
    අවට ඇති සියළු දේ ඔබ කැමති වූවත් අකමැති වූවත් නියත වශයෙන්ම අත් හැර යන්නට වෙනවාමය....!
    අභීතව, සන්සුන්ව එයට මුහුණ දීමට සිත පුහුණු කරන්න...
    එසේ නොවූවොත් මේ මිනිස් ජීවිතය අපතේ ගියා නොවේද
     
    • Like
    Reactions: sachinaussie

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    937
    715
    93
    මැරෙන කෙනෙක් නැති කල භය වෙන්නෙ කවුද? ... යහපතක්ම වේවා!