පාර අයිනේ ගස්...
ගස් හැදෙන්නේ ගස් වලට ඕන විදියට. හැබැයි අපිට පුළුවන් අපිට ඕන විදියට ගස් හිටව ගන්න. ගස් ගස් වලට ඕන විදියට හැදෙන කොට එතන හැදෙන්නේ කැලෑවක්. ගස් අපිට ඕන විදියට හැදෙන කොට අපි ඒකට උයනක් කියලා කියනවා.
පාරවල් අයිනේ ගස් තියෙන්නම ඕනේ. හැබැයි ඒ උයනක් වගේ. අපිට ඕන විදියට. අපිට ඕන විදියට හදා ගන්න නම්, ගස් ගැන හොයලා බලන්න ඕනේ, හයිය ද දිරල ද බර වෙලාද, මුල් හොඳ ද, අතු බර වෙලානම් ඉවත් කරන්නේ කවුද ? ඒකට බලය තියෙන්නේ කාට ද? දැනුම තියෙන්නේ කාට ද? එහෙනම් ගස් වෙනුවෙන් වැඩපිළිවෙලක් හදන්න ඕනේ.
අපි සිංගප්පූරුව දිහා බලමු. ලී ක්වාන් යූ තමයි ලෝකේ මුල්ම හරිත දේශපාලකයා. රට හදන කොට සැළසුම් සහගතව ගස් හිටවන්න ඕනෙ කියලා 1963 දිම පටන් ගත්තා ගස් හිටවන වැඩ සටහනක්. රටේ භූමියට සැළසුමක් හැදුවා. ඔවුන් ඒකට blueprint එකක් කියලා කිව්වා. ජනවාස ප්‍රදේශ වල උද්‍යාන ඇති කළා. ඒවායේ ගස් දැන් ඔහේ හැදෙන්න බෑ. ඒවා බලා කියා ගන්න ඕනේ.
ඒකට හැදුවා ආයතනයක්. ඒකේ දැන් නම නම් Nparks. ( National Parks) එයා තමයි මේ ගහ කොළ වලට වග කිව යුත්තා. මේ ආයතනය තමයි රටේ උද්‍යානය ටික, පාරවල් අයිනේ ගස් ටික, ජනාවාස වල උයන් කරණය ආදිය පාලනය කරන්නේ. ඔවුන් හැදුවා වැඩසටහන් City in a garden කියලා. ඒ කියන්නේ උයනක තියෙන නගරය කියලා.
මේ ආයතනයෙන් තමයි නියාමනයන් කරන්නේ සහ සැළසුම් කරන්නේ. ඉතිං සිංගප්පූරුවේ තියෙනවා විවිධ උද්‍යානකරණය කරන සහ ගස් කළමනාකරණය කරන සමාගම්. NParks එකට වැඩක් තියෙනවා නම් ඔවුන් මේ තමන් ලඟ ලියාපදිංචි පුද්ගලික උද්‍යානකරණ හෝ ගස් කළමනාකරණ සමාගම් වලට වැඩේ බාර දෙනවා. ඊට පස්සෙ ඒවායින් ඒක කරන හැටි දැඩිව නිරීක්ෂණය කරනවා. ප්‍රමිතියට, සම්මතයන්ට අනුව වැඩේ වෙන්න ඕනේ. එහෙම නොකෙරුණොත් ඒ සමාගමට වන්දි ගෙවන්න වෙනවා.
ඉතිං , මේ NParks එක රටේ තියෙන සැළසුම් සහගතව හිටවපු ගස් මිලියන 2 ක් බලා කියා ගන්නවා. අතු පතර පාලනය කරනවා, කප්පාදු කරනවා, හැඩයක් දෙනවා, පෝර වතුර දානවා, දිරලා නම් අයින් කර ගන්නවා. අයින් කළාට පස්සේ අලුතින් ඒවා හිටවනවා.
අර සමාගම් සතුව ඕනෑම මාදිලියේ ගහක් කළමනාකරණය කරන්න අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් තියෙනවා. ඔවුන් ගහක් කප්පාදු කරන විදිය බලන් ඉන්නත් ආසයි. වැඩේ ඉවර උනහම ඒ වටපිටාව තිබ්බා වගේම සුද්ද කරලා යනවා.ඒ නිසා සිංගප්පූරුවේ මාර්ග දෙපස ඉතා අලංකාර කළමනාකරණය කරන ලද ආරක්ෂා සහිත ගස් පේළී දකින්න පුළුවන්. ආන්න එහෙමයි නගරයක ගහ කොළ බලා ගන්නේ. ඒක කැළේකට වඩා වෙනස්.
මේ ගස් රැක බලා ගන්න අයට, ඒ සම්බන්ධ අධ්‍යාපනයක් සහ ලයිසන් ක්‍රමයක් තියෙනවා.
එංගලන්තයේ ගහක් කපන්න නම් ලයිසන් වර්ග 3 කට එහා ගන්න ඕනේ. ඒ ලයිසන් ඔක්කොම තියෙන අයට Tree Surgeon කියලා කියනවා.
අපේ රටේ නගර සභා ක්‍රමය තුල මේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද දේවල් අලුතින් වෙනස් කරන්න දේශපාලකයන්, නිලධාරීන් මෙන්ම ජනතාවත් ඉඩ තියන්නේ නෑ. වෙනසට බයයි. නියාමනයට අකමැතියි. ක්‍රමවේදයන් අරහං. මේ රට, අපේ ජීවිත අපිළිවෙල වෙලා තියෙන්නේ ඒ නිසාමයි.
ඒ අපිළිවෙල අස්සේ අපි එකා දෙන්නා මැරිලා යනවා. මැරෙන වෙලාවට ප්‍රශ්න කරනවා. ආයේ කරබාගෙන ඊළඟ ගහ වැටෙන කං ජීවත් වෙනවා. ඒ සිස්ටම් එක නඩත්තු කර ගන්නවා. අපි මේ සිස්ටම් එකේම අනුගත උන මිනිස්සු.
ඒ රටේ තවත් අවාසනාවන්ත දවසක ජීවිත 5 ක් අහිමි කරගෙන. අපි කවද්ද හැදෙන්නේ?
මියගිය පුරවැසියන් වෙනුවෙන් බලවත් ශෝකය මෙසේ ප්‍රකාශ කරමි.
පැතුම් කර්නර්
#හරිත