මරණ_දඩුවම_දෙන්නත්_බෑ
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවෙයි
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වනු ඇති බව යුරෝපා සංගමය අනතුරු අඟවා ඇත.
වසර 42 කට පසු ශ්‍රී ලංකාව නැවත වරක් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජී.එස්.පී ප්ලස් ඇතුළු වෙළෙඳ සහන අහිමි වනු ඇති බවට යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා යුරෝපා සංගමයත් බිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, කැනඩාව, සහ නෝර්වේ යන රටවල්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගියදා ලිපියක් යවා තිබිණි.
ජී.එස්.පී ප්ලස් සහනය යනු මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුව කටයුතු කරන සංවර්ධනය වෙමින් පවතින රටවලට යුරෝපා සංගමය ලබාදෙන තීරුබදු සහනයකි. මානව හිමිකම් කඩකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නිසා 2010 දී ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වූ අතර නව රජය බලයට පත්වීමෙන් පසුව එය නැවත ස්ථාපිත කරන ලද්දේ පසුගිය වසරේ මැයි මාසයේදීය.
ජී.එස්.පී ප්ලස් වෙළෙඳ සහනය නිසා ශ්‍රී ලංකාව වාර්ෂිකව ආසන්න වශයෙන් යූරෝ මිලියන 300ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 350)ක ප්‍රතිලාභයක් හිමිවන බව යුරෝපා සංගම් රාජ්‍ය තාන්ත්‍රිකයෝ පවසති.
ඒ.එෆ්.පී
Source