මරණ_සතිය_වඩමු

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්. හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්. සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ට පුළුවන්. සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක් අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ මොහොතේම වුනත් මම මැරිල යන්න පුළුවන්.
    මේ විදිහට මම මැරෙන විට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහා විපතක්මයි. මම මැරෙන විට රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.
    ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…, ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි…, ජීවිතය අනිත්‍යයි…, මරණය නියතයි… (නැවත නැවත ආරම්භයේ සිට සිහි කරන්න)
    සාදු…! සාදු…!! සාදු…!!!


     
    • Like
    Reactions: Optimus Prime

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Qw2vTcY.gif