මමත් ඉස්සර suicide කරගන්න උන්ට, self harm කරගන්න උන්ට හිනා උනා. ඒත් පත බූට් එකක් කෑවට පස්සෙ තේරුන් ගත්ත මිනිහෙක්ගෙ මනස එච්චර තේරුන් ගන්න ලේසි දෙයක් නෙවෙයි කියන එක. ඒ වෙලාවෙ ඒ mentality එක අපිට තිබ්බනම් අපිත් මොනව කරයිද කියල ඔය හෑලි ලියන උන්ට තේරෙන්නෙ නෑ. ලව් එකක් හින්ඳ මිනිහෙක් මරනව කියන එකනම් පට්ට මෝඩ වැඩක් ඒත් ඒ වෙලාවෙ ඒ කොල්ලගෙ හිතේ තිබ්බ මානසික මට්ටම මොකක්ද කියල අපි දන්නෙ නෑනෙ. සමහරවිට දැන් ඌ ඒ ගැන දහස් වාරයක් පසුතැවෙනව ඇති. මොනව උනත් වටින ජීවිත දෙකක්ම නැති උනා.


