මර්වින්ට ‍මොකද වු‍නේ........

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මර්වින්ට ‍මොකද වු‍නේ........

    මේ දවස් වල රටේ මහත් ආන්දෝලනයට පත් ප්‍රවෘත්තිය බවට පත්ව තිබෙන්නේ අමාත්‍යා මර්වින් සිල්වා මහතා සහ කෑළණිය ප්‍රාදේශිය සභා සභාපතිවරයා ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඇතිව තිබෙන යුද්ධයයි. මෙය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පුලුල් වශයෙන් ප්‍රචාරණය වූ අතර විවිධ උදවිය විවිධ අර්ථනිරූපණයන් මේ සම්බන්ධයෙන් නිකුත් කරමින් සිටියි.

    මේ අනුව මේ වන විටත් අමාත්‍ය මර්වින් සිල්වා නම් පාතාල නායක කප්පන්කරුවාගේ ග්‍රහණයෙන් බුදුන් වැඩි කැලණිය බෙිරා ගැනීමටත් අනතුරුව කැළණියේ ජනතාවගේ ස්වෛරීත්වය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් යළි තහවුරු කරන්නටත් ඒ ඔස්සේ රටේ භෟමික අඛණ්ඩතාවය වර්ධනය කිරීමත් මින් ඉදිරියට කෑලණියේ ජනතාවගේ ජන ජීවිතය යස ඉසුරින් බර කරන්නටත් තමන් ඇතුලු ප්‍රාදේශිය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් දිවි හිමියෙන් සටන් වදින බවටත් වූ ප්‍රකාශයන් ජන මාධ්‍ය ඔස්සේ නිකුත් කරණ ආකාරය අප දුටිමු. මෙතෙක් දවසක් අමාත්‍ය මර්වින් සිල්වාගේ මැර කම් ජඩකම් කුප්පකම් තමන් ඉවසාගෙන සිටියේ ජීවිතයට ඇති ආශාවත් මරණයට ඇති බියත් නිසාවෙන් යැයි මේ මර්වින්ට එරෙහිව යුධ වදින කණ්ඩායම ප්‍රකාශ කරයි. තව දුරටත් මර්වින් සිල්වාගේ කප්පන් ගැනීම සම්බන්ධ සියලු ලිඛිත සාක්ෂි තමන් සතුව තිබෙන් බවටත් ප්‍රකාශ කරමින් මේ උදවිය දැනි ප්‍රසිද්ධියේ සිය පැරණි අතිජාත මිත්‍රයාට එරෙහිව සටනට අවතීර්ණ වී සිටියි.

    මේ සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කරණ අමාත්‍ය මර්වින් සිල්වාගේ ස්වරූපය වෙනදාට වඩා බොහෝ වෙස්ව ඇති බවත් අප දුටිමු. අනෙක් අතට රටම බිය වද්දන්ට තමන්ට හැකියාව ඇතැයි සිතා සිටි මර්වින් වැනි අයෙක් මෙවැනි ප්‍රාදේශීය සභා මණ්ත්‍රීවරුන් හමුවේ මේ තරම් අසරණව ඉදින්නේ ඇයි? අනෙක් අතට මර්වින්ට එරෙහිව යුධ වදින්නට මේ පුංච් මණ්ත්‍රීවරුන්ට ආත්ම ශක්තිය ලබා දුන්නේ කුමන බලවෙිගයක් විසින් ද? අමාත්‍ය මර්වින් සමග එක්ව වැඩ කරමින් මර්වින් සමග අනවරත සම්බන්ධතාවයක් ගොඩ නගා ගනිමින් ගසට පොත්ත මෙන් සිටි සිය සහචරයන්ගේම කෲර විවෙිචනයට බදුන් වීමට ධනවාදයේ නාමයෙන් මර්වින් සිල්වා සිදු කළ පාපකර්මය කුමක් ද? කෙලී රාජා මහේන්ද්‍රන් ගේ සිරස රූපවාහිනියට අනුව මේ මණ්ත්‍රීවරුන් මර්වින් සිල්වාට එරෙහිව ආරම්භ කළ මේ යුද්ධය නිසා ලංකාවේ ස්රෛීභාවය, භෞමික අඛණ්ඩතාවය, දකුණු ආසියාවේ ආශ්චර්ය උදා වීමේ සුභ පෙරනිමිති පහළව ඇත. නමුත් මේ කවුන්වත් නොදන්නා කිසිවකු විසින් නිවරදිව සංජානනය නොකළ මේ සිදු වීමේ මතු පිටට නොපෙනන ගරඹුරු යතාර්ථය කුමක් ද? ගසින් ගසට අතොරක් නැතිව කොට කොටා ගිය මරිවින් ගේ හොට පටලැවෙන්නට කෙටූ ඒ දැවැන්ත කෙසෙල් ගස කුමක් ද?

    ලංකාවේ බහුතරයක් නොදන්නා ඇත්තක් වන්නේ අප මේ වන විටත් ජීවත් වන්නේ ධනවාදී සමජයක යන වගයි. ධනවාදී සමජයක දී ධනවාදී ක්‍රමයට අභියෝගයක් එල්ල කරණු ලබන ඕනෑම ජගතෙකුට අවසානයේ සිදු වන්නේ සියතින් ගෙල වැලලාගෙන මිය දෙන්නටයි. ලංකාවේ තේ කර්මාන්තය තුල වසර එකසිය හතලිස් පහකට වඩා වැඩි කාලයක් තුල කිර්තිමත් නාමයක් දිනා සිටින දැවැන්ත සමාගමක් වන්නේ අක්බාර් බදර්ස් සමාගමයි. මේ සමාගම විසින් සෙස්ටා තේ නිෂ්පාදනය කරණු ලබන අතර ලෝකයේ තේ පාරිභෝගිකයන් අතර වඩාත් ජනප්‍රීය මෙයට ඇත්තේ ඉහළ ඉල්ලුමක් හා වටිනාකමකි. පසුගිය වසරේ මේ සමාගමේ දළ ලාභය රුපියල් බිලියන 27කි. එය රටේ සමස්ථ දළ දේශිය නිෂ්පාදනයෙන් ඉහළ ප්‍රතිශතයකි. මෙම සමාගමේ කැළණිය ප්‍රදේශයේ පිහිටා තිබෙන තේ සැකසුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් ලක්ෂ විසි පහක පමණ කප්පම් මුදලක් ලබා ගන්නට අමාත්‍ය මර්වින් සිල්වා විසින් උත්සහා කර තිබෙන බව අපට වාර්ථා විය. මේ අක්බර් බදර්ස් සමාගමේ මිත්‍ර සමාගමක් වන්නේ ඉන්දියාවේ දැවැන්ත සමාගමක් වන ඉන්දියන් ටාටා සමාගමයි. මේ සම්බන්ධයෙන් වූ අවනඩුව අක්බර් සමාගම විසින් ඉදිරිපත් කර ඇත්තේ ලංකාවේ ජනාධිපතිට, අගමැතිට හෝ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නොව සිය මිත්‍ර ටාටා සමාගම වෙතය. ඉන් පසුව සිදු වුයේ කුමක්දි?

    බොහෝ අය තවමත් සිතා සිටින්නේ රටවල් පාලනය කරන්නේ ජනාධිපතවරු, අගමැතිවරු, ඇමතිවරු, පාර්ලිමේන්තුව වැනි ආයතන වලින් බවය. නමුත් ධනවාදයේ තෙවන කාර්තුව පසුකර ඉදිරියට ගමන් කළ ලෝකය පාලනය කරනු ලබන්නේ ධනවාදය විසින් ගොඩ නැගූ විශ්ව ව්‍යාප්ත ධනවාදී ක්‍රමය විසින්ය. මේ ක්‍රමය තුල නවදුරටත් ඉහත තනතුරු දරන පුද්ගලයන් ඉහතින් නම් කළ ආයතන යනු මේ ධනවාදී ක්‍රමය නැමතියන්ත්‍රයට පණ පොවන දැතිරෝද පමණි. ඒ නිසා යමෙකු මේ මොහොතේ ඇමෙරිකාව පාලනය කරන්නේ ඔබාමා විසින් යැයි ද ලංකාව පාලනය වන්නේ මහින්ද චින්තනය මගිනිද යැයි විස්වාස කරණවා නම් ඔහු ඉන්නේ මුලාවක බව අප මුල පටන් කීවේ මේ නිසාය.

    ඒ අනුව අවසානයේ ඉන්දියන් ටාටා සමාගම වැනි සමාගමක් හමුවේ තව දුරටත් මර්වින් සිල්වා රකින්නට කිසිවෙකුට නොහැකි වන්නේ මේ නිසාය. අවසානයේ තමන් විසින්ම ගොඩ නැගූ මරිවින් සිලවා විනාශ කරන්නට මර්වින් විසින්ම ගොඩ නැගූ ගෝල බාලයන් යොදා ගන්නවා හැර වෙනත් විකල්පක් ආණ්ඩුවට නොමැති වන්නේ මේ වන විටත් ධනවාදයයේ විශ්ව ව්‍යාප්තභාවය මනා ලෙස පසක් කරමිනි.

    ලංකාවේ බහුතරයක් දෙනා තවමත් සිතා සිටින්නේ ලංකාවේ ප්‍රබලතම ව්‍යාපාරිකයන් වන්නේ කෙලී රාජා මහේන්ද්‍රන්, සෝමා එදිරිසිංහ, හැරී ජයවර්ධන වැනි ව්‍යාපාරිකයන් කියාය. නමුත් ධනවාදී ලෝක ආර්ථිකය හමුමේ මේ ව්‍යාපාරිකයන් යනු අද බාලයන්ය. ඇත්තටම ලංකාවේ ආර්ථිකය මෙහෙයවනු ලබන ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධයෙන් කිසිවෙකු දන්නේ නැති බව අපට සහතිකය. අනෙක් අතට ඇමෙරිකානු මාෆියා කල්ලි විසිනි කිසිවිටෙකත් ස්ටීව් ජොබ්ස් වැනි ව්‍යාපාරිකයන්ගේන් කප්පන් ලබා ගන්නට උත්සහා නොකරන්නේ මේ ධනාදී ක්‍රමය පවත්වාගෙන යාමේ දැවැන්තයින් ඔවුන් වන නිසාවෙනි.

    නමුත් ධනවාදය තබා කිසිවක් සම්බන්ධයෙන් වඩාත් අවිඥාණික මර්වින් සිල්වා සිතන්නේ අනවසර මසාජ ක්ලීනික් කාරයන් හොර සුරාසැල් කාරයන් බියවද්දා කප්පම් ලබා ගැනීම තරම්ම පහසුවෙන් ඕනෑම අයෙකුගෙන් මුදල් ලබා ගන්නට හැකි වෙතැයි කියාය. නමුත් ඔහු නොදන්නා ඔහු විසින්ම දරදිය ඇද පවත්වා ගෙන යන්නට සහය දැක්වූ ධනවාදයේ කුරිරු භාවය මේ වන විටත් ඔහුට පසක් වී අවසන්ය. මේ සිදුවීම් මාලාව හුදෙක් හුදකලා සිදුවීම් මාලාවක් වශයෙන් ලඝු කරන්නට උත්සහා කළ ලාංකීය සමාජයට අප හැරුණු විට මේ සම්බන්ධයෙන් මෙවැනි නිවරදි විග්‍රහක් ඉදිරිපත් කරන්නට හැකි කිසිවෙකුත් නොමැති බව සහතිකය.

    අප අපගේ දේශපාලනය ව්‍යුහගත කොට තිබෙන ස්ථානය සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්ණ අසන අයට පිළිතුරු ලබා දීම මදකට ප්‍රමාද කොට තිබෙන්නේ අප ලෝකය සම්බන්ධයෙන් වඩාත් සවිඥාණිකව දිගින් දිගටම හැදෑරීම් කරණු ලබන බැවිනි. අනෙක් අතට ධනවාදී සමාජයක් තුල ක්‍රමයට එරෙහිව අරගල කිරීමට ක්ෂණික තීරණ ගන්නා උදවියට ද අත්වන්නේ කප්කම් ගන්නට උත්සහා කළ මර්වින්ට අත්වූ ඉරණමට සමාන ඉරණමකි. මේ නිසා අවසන් අශයෙන් ද ලෙනින් කී ලෙස නැවතත් අප ප්‍රකාශ කරන්නේ හදාරන්න,හදාරන්න,හදාරන්න කියාය…


    උපුටා ගත්‍තේ-3mana.com (සැයු.‍මෙම ලිපිය මා ‍මෙහි post ක‍රේ කාටවත් මඩ ගැසීමට ‍හෝ ‍දේශපාලන පක්ෂයකට මඩ ගැසීමට ‍නො‍වේ...)
     
    Last edited:

    Similar threads