මර්වින් නිදහස්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මර්වින් නිදහස්

    _ මර්වින් නිදහස්


    303369_421289401237506_100000693488030_1296517_1394527473_n.jpg

    ................... මාධ්‍යයට කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු නිදහස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 28 වැනිදා අරලියගහ මන්දිරයේදී පවතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මාධ්‍යවල පළවුයේ තමන් විසින් පවසන ලද දේවල් නොවන බවත් තමන් එවැනි ප්‍රකාශ නොකළ බවත් මර්වින් සිල්වා මෙහිදී මධ්‍යම කාරක සභාවට ලිඛිතව දන්වා තිබේ.

    එහිදී පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය මර්වින් සිල්වා මහතා වෙනුවෙන් කතා කරමින් පත්තරවල පලවන සියලු දේ සත්‍ය ලෙස ගත නොහැකි බවත් පුවත් පත් වාර්තා අනුව කෙනෙකුට දඬුවම් කිරීම සුදුසු නොවන බවත් පෙන්වා දී තිබේ.

    මාධ්‍යවේදීන්ගේ කකුල් කඩන බවට මර්වින් සිල්වා කර ඇති ප්‍රකාශයක් ගැන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටෝන් පවා ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල් පීරිස්ගෙන් විමසා ඇතැයි ද ඒ අවස්ථාවේ විදේශ ඇමතිවරයා දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද මෙහෙදී පෙන්වා දී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් ඒ නිසා මින් ඉදිරියට එවැනි ප්‍රකාශ නිකුත් නොකරන ලෙස එහි සිටි මර්වින් සිල්වා ඇමතිවරයාට දන්වා තිබේ.

    ඊට පිළිතුරු වශයෙන් මර්වින් සිල්වා ඇමතිවරයා පවසා ඇත්තේ තමාට ලැබී ඇත්තේ කිසිම වැඩකට නැති ඇමති ධූරයක් නොවන බවත් එවැනි චෝදනා කරන අය නොදන්නා බවය.

    මේ අනුව මර්වින් සිල්වා ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නිදහසට කාරනා දැක්වීමේ ලිපිය පිළිගැනීමටත් මින් ඉදිරියට ඒ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා නොකිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    onna balapan thawa awurudu keepekata passe kiyayi mervyn wenuwen upahara thiyannath ona kiyala avihinsavadayata.
    umbalata mathakada da. mu. dasanayaka kiyala amathiyek hitiya anamaduwe. u jara weda karapu ballek. hebeyi accident ekakin merune. mareddi uge prado eke play wela thiyenne bana casette ekak. :rofl::rofl:
     

    Similar threads