මර්සිඩීස් බෙන්ස්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මර්සිඩීස් බෙන්ස්



    මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ ඉතිහාසය

    මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ,ධනය සහ පැලැන්තියේ සංකේතයක් ලෙස ලොව පුරා ප්‍රකට බව මෝටර් රථ නිෂ්පාදනයේ සඳහන්ය.නමුත් පුදුමය නම් මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ සඳහා වසර 100 කටත් වඩා දිගු ඉතිහාසයත් ඇ‌ති බවයි.

    මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ කාල් බෙන්ස්(ප්‍රථම මෝටර් රථ නිර්මාතෘ) සහ ගොට්ලෙයිබ් ඩෙම්ලර්(අධිවේගී පෙට්‍රල් එන්ජිමේ නව නිපැයුම්කරු) ගේ උත්සාහය හේතුවෙන් නිර්මාණය විය.

    මොවුන් දෙදෙනාම ජර්මනියේ උපත ලද අද්විතීය දෙයක් නිර්මාණය කිරීමට පොදු වේ හවුල්කරැවෝ විය.තරුණ වයසේ සිටි දෙදෙනාම යන්ත්‍ර සූත්‍ර සමග වැඩ ආරම්භ කළ අතර එය මෝටර් රථයක ඉලක්කය විය.1886 දී කාල් බෙන්ස් ඔහුගේ පළමු මොටෝරිස් ට්‍රයිසිකලයක් සහ ඩෙම්ලර් ඔහුගේ හෝර්ස්ලස් රිය මැදිරිය ඉදි කළේය.වසර කිහිපයකට පසු කාල් සිව් රෝද හඳුන්වා දුන් අතර ඩෙම්ලර් හෝර්ස්ලස් මැදිරි නිෂ්පාදනය කිරීමට විලියම් ස්ටේන්වේ සමග ගිවිසුමකට එලඹෙන ලදී.මෙම කාලය තුල ඩෙම්ලර් DMG ස්ථාපිතකල අතර කාල් බෙන්ස් විසින් Benz & Cie ආරම්භ කළේය.වර්ෂ 1900 දී DMG නව මෝටර් රථයක් 'මර්සිඩීස්' නමින් හඳුන්වා දුන් අතර මෙම මර්සිඩීස් බෙන්ස් රථය ඉතිහාසයේ ඉදිරි පියවරක් විය.නමුත් ඉක්මනින්ම ජර්මනියේ යුද්ධය ආරම්භවූ අතර මෝටර් රථ සඳහා ඉන්ධන නැතිවීම හෝ ඉතාමත් සුලු ප්‍රමාණයක් තිබීම හේතුවෙන් මෝටර් රථ සඳහා ඉහළ බදු පැණවීම නිසා මෝටර රථ නිෂ්පාදනය දුර්වල විය.

    කාල් බෙන්ස් DMG උදව් ලබා ගැනීමට තීරණය කල නමුත් මුලදී එය ප්‍රතික්ෂේප කරන ලදී.කෙසේ වෙතත් කොන්දේසි නරක අතට හැරුණේය.පුද්ගල අනන්න්‍යතාවයන් පවත්වා ගෙන යන අතර අනෝන්‍ය වැදගත්කමක් සහිත ගිවිසුමක් DMG සහ බෙන්ස් අතර අත්සන් කරන ලදී.කෙසේ වෙතත් 1926 දී ආයතන දෙකේම කොටස් එකට එකතුකර ඩෙම්ලර්-බෙන්ස් සමාගම පිහිටුවා ඒකාබද්ධ කෙරුණු අතර ඉන් වසරකට පසුව පළමු මර්සිඩීස් බෙන්ස් රථය හඳුන්වා දෙන ලදී.මෙම ඒකාබද්ධ කිරීම ඇදහිය නොහැකි තරම් සාර්ථක වූ අතර 1927 දී මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ නිෂ්පාදනය රථ 7000 දක්වා වර්ධනය වීය.1930 වල දී විශාලතම හා වඩාත්ම කීර්තිමත් මර්සිඩීස් බෙන්ස් W15 මෝටර් රථය නිසා එහි මංගල දැක්මේදීම මෝටර් රථ කර්මාන්තය තුළ මර්සිඩීස් යන වෙළෙඳ නාමය පැවැත්මට ඉවහල් විය.ඒ නිසා මර්සිඩීස් බෙන්ස් ඩෙම්ලර් බෙන්ස් ඔටෝ ගෲප් යටතේ වෙනම අංශයක් ලෙස නිර්මාණය කෙරුණි.

    සාර්ථකත්වය නිසාම මර්සිඩීස් බෙන්ස් W15 මෝටර් රථයේ නව කැබිරියෝලට් මාදිලිය 1932 දී හඳුන්වා දෙන ලදී. ඉන් වසර දෙකකට පසු සමාගම ප්‍රසිද්ධ W23 කුඩා ෆැමිලි මෝටර් රථයක් හඳුන්වා දුන් අතර දොර දෙකේ කැබිරියෝලට් ලිමොසින් සහ සෙඩාන් යන විකල්ප ද ලබා ගත හැකිවිය.1936 දී මර්සිඩීස් බෙන්ස් නම සඳහා ජර්මනියෙන් පිටත විශාල පිළිගැනීමක් එහි W136 මෝටර් රථය මංගල එලි දැක්වීමේදීම ලැබුණි.

    මීට අමතරව සමාගම විසින් ලොව ප්‍රථම ඩීසල් පැසෙන්ජර් මෝටර් රථය වූ ප්‍රසිද්ධ 260 D මාදිළිය නිකුත් කරන ලදී.1930 අවසන් භාගයේදී මර්සිඩීස් බෙන්ස් W136 ස්පොන් රෝඩ්ස්ටර් සහ W138 ලිමොසින් ඇතුලු සාර්ථක මාදිළි කිහිපයක් හඳුන්වා දෙන ලදී.1940 වන විට දෙවැනි ලෝක යුද්ධය නිසා සමාගම මෝටර් රථ නිෂ්පාදනය නතරකර පසුව 1946 දී යළි 170 V හඳුන්වා දීම මගින් යලි ක්‍රියාකාරකම් ආ‌රම්භකරන ලදී

    1950 දී මර්සිඩීස් බෙන්ස් ජර්මනියේ අලෙවි ප්‍රස්ථාරයේ මුදුනටම නැගි අතර 190 හා 300 SL ඇතුළු ඔවුන්ගේ හොඳම පෙනුමැති මෝටර් රථ හඳුන්වා දෙන ලදී. මෙම 190 ආකෘතිය 1959 දී නව සංයුක්ත රෝඩ්ස්ටාර් රථය ඩීසල් එන්ජිම සමග නව වාර්ථා පිහිටුවූ අතර නව ඉන්ධන විදුම් තාක්ෂණය යොදාගත් ප්‍රථම නිෂ්පාදන මෝටර් රථය වූයේ 300SL මාදිලියයි.

    නව දශකය ආරම්භය පුදුම කරවමින් මර්සිඩීස් බෙන්ස් විකල්ප දෙකකින් ලබා ගත හැකි වූ සුඛෝපභෝගී කාණ්ඩයේ W110 දොර හතරේ සෙඩාන් සහ වැගන් හඳුන්වා දීම කළේය.1962 සිට සමාගම විසින් හඳුන්වා දෙන බොහෝ වාහන සැලකිය යුතු ආකාරයේ වෙනස්කම් සමූහයක් ඇති කල අතර 1960 දශකයේ සිට මස්කල් කාර් ලෙස හඳුනන ලදී.

    1967 වසරේදී සමාගම විසින් මර්සිඩීස් බෙන්ස් ඉහළ කාර්‍ය්‍යය සාධන අංශය(High-Performance Division)ලෙස ලෙස වෙනම අංශයක් පිහිටුවන ලදී.ඒ‌ අනුව සමාගම තවමත් අභිරුචිකරණය සහ ඉංජිනේරුකරණය සහිත මර්සිඩීස් බෙන්ස් AMG මෝටර් රථ නිෂ්පාදනය කරයි. මෙම අංශය විසින් හඳුන්වා දෙන ලද පළමු මෝටර් රථය ප්‍රසිද්ධ 300SEL 6.3 V8 සැලූන් රථ වුණු අතර මෙය රෙඩ් ෂෝ(Red Show)ලෙස නම් කරන ලදී.

    1970 දශකයේ වන විට මර්සිඩීස් බෙන්ස් සුවිශේෂී සහ ලස්සන SL සහ SLC 107 දොර දෙකේ කූපේ කන්වර්ටබල් විකල්ප ලබා ගත හැකි වූත් ප්‍රසිද්ධ වූත් ඔවුන්ගේ මෝටර් රථ හදුන්වාදෙන ලදී.මෙය මර්සිඩීස් මෝටර් රථ සමාගම ඉතිහාසයේ වඩාත් සාර්ථකම හඳුන්වාදීම බව ඔප්පු විය.1970 දශකයේ අවසාන භාගය වන විට තවමත් නිෂ්පාදනය වන G සහ S පන්තියේ මෝටර් රථ මාලාවක් හඳුන්වා දෙන ලදී.

    1980 දශකය තුළ දී ලොව පුරා නිෂ්පාදකයන් අවම CO2 සහ සමස්ත මෝටර් රථ දූෂණය බලපෑම් සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක් විය.1981 දී මර්සිඩීස් බෙන්ස් නව පාරිසරික නීති හා අනුකූල වීම සඳහා වන ප්‍රථම නිෂ්පාදකයන් බවට පත්වෙමින් සමස්ත මෝටර් රථ දූෂණය අඩු කිරීම සඳහා ක්ලෝස්-ලූප් ත්‍රී-වේ කැටලික් කන්වටරය හඳුන්වා දෙන ලදී.මීට අමතරව මර්සිඩීස් බෙන්ස් සමාගම වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට ඉඩ සලසමින් ඔයිල් ෆිල්ටර් සහ එයාර් ෆිල්ටර් ඔවුන්ගේ වාහන සඳහා හඳුන්වා දෙන ලදී.

    1987 දී මර්සිඩීස් බෙන්ස් එහි ප්‍රසිද්ධ 100 D 631 මාලාවක් හඳුන්වා දුන් අතර වසරකට පසුව W201 Serie 2 ස්පෝර්ට්ස් සෙඩාන් බොඩි ශෛලිය සමග සංයුක්ත විධායක පංතියේ මෝටර් රථය හදුන්වාදෙන ලදී.

    1990 දශකයේ දී සමාගම G පන්තියේ වැගැන් සහ SUV වාහන හඳුන්වා දුන් අතර E-පන්තියේ,C-පන්තියේ සහ S-පන්තියේ බොහෝ රථ මාලාවක නව ආකෘති හ්දුන්වදෙනලදී. 2000 දී මර්සිඩීස් බෙන්ස් යාන්ත්‍රික සුපර්චාර්ජ් තාක්ෂණයේ නව යුගයක් සනිටුහන් කළේය.2005 දී CO 2 විමෝචනය අවම කිරීමේ හැකියාව ඇති කරන ලද BlueTec(DPF-Deisel Exhust Fluid) පද්ධතිය සහ එවැනි බොහෝ සුවිශේෂී මෝස්තර හා ඉංජිනේරු සංකල්ප හඳුන්වා දෙන ලදී.

    AMG ඉහළ කාර්‍ය්‍යයසාධන අංශය(High-Performance Division) සමග මර්සිඩීස් බෙන්ස් සුඛෝපභෝගී මෝටර් රථ,ට්‍රක් රථ,කොච් රථ හා බස් රථ ගොඩනැගීම හොඳම හා වඩාත් ජනප්‍රිය ජර්මානු මෝටර් රථ නිෂ්පාදනයන් ලෙස පවතී.මීට අමතරව සමාගම මූල්‍ය සේවා හා මෝටර් වාහන අලුත්වැඩියා සේවා ද පිරිනමයි.මේගැනත් සඳහන් නොකලොත් අඩු පාඩුවක් යැයි සිතෙයි.සමාගමේ ඔවුන්ගේම ෆෝමියුලා වන් කණ්ඩායමක් ඇති අතර 1950 දශකයේ සිට මේ දක්වා පුරා දශක ගනනාවක් ඒ‌ සඳහා විවිධ ජයග්‍රහණ අත්කරගෙන ඇත.

    විශේෂ තොරතුරැ

    * සියලුම මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ සඳහා සම්පූර්ණයෙන්ම නිදහස් පැද්දීමේ අවලම්භන පද්ධතිය(Fully independent swing axle suspension system)යොදාගෙන ඇත.

    * මර්සිඩීස් බෙන්ස් විසින් නිෂ්පාදනය සෑම එන්ජිමක්ම මෝටර් රථයේ මවුන්ට් වලට ස්ථාවරව සවිකර කිරීමට පෙර පරීක්ෂණ ධාවනය අතරතුර දී සුන්බුන් හා කුණු ඉවත් කිරීමට එන්ජින් ඔයිල් ආසන්න වශයෙන් 60 වාරයක් මාරු කරයි.

    * සෑම නව මර්සිඩීස් බෙන්ස් මෝටර් රථයකම සුක්කානම් පද්ධතියට රිය පැවීමේදී අමතර සුමටබවක් හා ආරක්ෂාව සැපයීම සඳහා එහිම කම්පන-අවෙශෝෂක(own shock-absorber)සවිකර ඇත.

    මර්සිඩීස් බෙන්ස් ඉතිහාසය තුල දැක ගැනීමට හැකි වන පරිදි එම සමාගම අවුරුදු සියයකටත් පසු තවමත් එහි නව නිර්මාණ හා තාක්ෂණය සමඟ මෝටර් රථ වාහන කර්මාන්තයේ විශ්මයට පත්කරමින් කළමනාකරණය කරයි.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    07/10/2017
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    P1000531.jpg