මරාගෙන මැරෙන ප‍්‍රහාරය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මරාගෙන මැරෙන ප‍්‍රහාරය

    පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප‍්‍රහාරය අයි එස් සංවිධානය විසින් කළ කටයුත්තක් බවට තවම තොරතුරු තහවුරුවී නැති බවත් එය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ
    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පළමුව තොරතුරු වාර්තා වූයේ
    2019 ජනවාරි 26 වැනිදා බවත්, එදිනම ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා ඊයේ (24 වැනිදා) පැවැසීය.
    පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දෙමින් ඔහු මෙම කරුණු හෙළි කළේය.
    මාවනැල්ලේ බුදුපිළිම කඩාදැමීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මාසයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාර ගත් බවත්,

    එහි ප‍්‍රතිඵලයක් ලෙස පුත්තලම වනාතවිල්ලූවේ පොල්වත්තක තිබී පුපුරන ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් සොයාගත් බවත්, වැඩිදුර විමර්ශනවලදී ජනවාරි 26 වැනිදා සහරාන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

    ඒ සම්බන්ධයෙන් 26 වැනිදාම පොලිස්පතිවරයාට දැනුම් දුන් බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහරාන් සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට ගිය බවද සඳහන් කළේය.

    නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුක්තව පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී ඊයේ (24 වැනිදා) දහවල් රැස්වූ මෙම කාරක සභාව හමුවේ වැඩිදුරටත් සාක්‍ෂි දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා මෙසේද කීවේය.

    අප්‍රේල් 21 වැනිදා ප‍්‍රහාරයක් සිදුවිය හැකි බවට සහරාන්ගේ නමද ඇතුළත්ව ඉන්දියාවෙන් සහ මෙරට බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන්

    අවධානය යොමුකර කි‍්‍රයාමාර්ගයක් නොගැනීම පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්‍ෂණයක් සිදුකරනවා.

    එම පරීක්‍ෂණයට අදාළ තොරතුරු ජනමාධ්‍ය ඉදිරියේ පැවැසිය නොහැකි බව සාක්‍ෂිකරු ප‍්‍රකාශ කිරීම නිසා කමිටු ශාලාවේ සිටි මාධ්‍යවේදීන් ඉන් ඉවත් කරන ලදි. 21 ප‍්‍රහාරයට අයිඑස්අයිඑස් සංවිධානයේ සෘජු සම්බන්ධතාවයක් ඇති බවට මෙතෙක් තොරතුරු ලැබී නැතැයිද ඔහු ප‍්‍රකාශ කළේය.

    අයිඑස්අයිඑස් සංවිධානය හෝ වෙනයම් විදෙස් සංවිධානයක සහාය මෙම ප‍්‍රහාරය සඳහා ලැබී තිබෙනවාද යන්න ගැනද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සොයා බලමින් සිටින බව පැවැසීය.
    මෙම ප‍්‍රහාරය සම්බන්ධව විදෙස් රටකින් ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් අදාළ අංශ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව තමන්ට සෑහීමකට පත්විය නොහැකි බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Me mokatada enna hadanne?

    Saharan athulu set eka ISIS flag eka issaraha karapu video ekath boruwakda?

    sri-lanka-bombers-pledge-allegiance-isis-1136x610.jpg

    අබු බකර් කාරයා අවුරුදු ගානකට පස්සෙත් වීඩියෝ එකක් දැම්මේ අපි තමයි ගැහුවේ කියලත්


    If this is the truth, it is worst. Because without ISIS, extremists created situation, and they influenced ISIS to make statement through their fucking abu

    බෝම්බ ගහපු උන්ම උන් අයිසිස් කියල කිව්ව එකම මදිද ඕක හිතාගන්න :baffled:

    http://www.elakiri.com/forum/showthread.php?p=24657445
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයගෙ පාන්ඩුව තව ටික කාලෙකින් කියයි ඔහොම ප්‍රහාරයක් උනෙත් නැ කියල..