මරාගෙන_මැරෙන බෝම්බ
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
ඇත්ත කතාව.. වින්නඩියක් දෙකක් වැය කරලා මේ ලිපිය කියවන්න රටේ අන්නගතය වෙනුවෙන්
මේ පටන්ගන්නේ නැවතත්
එදා පටන්ගත් චාවාකච්චේරියෙන්මද?
* ගංජා පාර්සල් සොයන්නට ගොස් හසුවූ මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයේ ඉලක්කය ජනාධිපතිද..? හිටපු ජනාධිපතිද..?
* බෝම්බ හම්බ වුණේ පරණ යකඩ එකතු කරද්දිලු.. ත්රස්තයාගෙන් අපූරු කතාවක්
* නන්දිකඩාල්වලින් පැන්න එඩ්වඩ් ජුලියට් චාවාකච්චේරියෙන් එයි
* සර් මගේ මිනිහා මහ එපා කරපු එකෙක්.. ඌට මාව සැකයි සර්...
කිරි පොවන්නට වුව තුඹසට අත දැමුවහොත් ඒකාට නයා ගසන්නේමය.. එහි කතා දෙකක් නැත. එය නයාගේ හැටිය. නයාගේ කතාව එසේ වෙද්දී දැන් යහපාලනය සිටින්නේද සම්මුතිවාදය සමඟ සහජීවනය සහ සංහිඳියාව යන කිරි හට්ටි ගෙන නයාට කවන්නට තුඹසට අත දමා නන්නත්තාර වී බව බැලු බැල්මට පෙනෙන්නට ඇත.
ඒ නන්නත්තාර වීම ගැන කියන්නට ඇති උදාහරණ සහ සාධක බොහෝය. ඒවා දකින කල්හි අද මේ රට ගැන සිතා අනිච්චාවත සංඛාරා කියනවා හැරෙන්නට වෙන කියන්නට දෙයක්ද අපට ඉතිරිව නැත.
වේලුපිල්ලේ ප්රභාකරන් සිහින දුටු සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලනය හැමදාමත් පෙනී සිටි බෙදුම්වාදය හමුවේ සහජීවනය සහ සංහිඳියාව යනු පැහැදිලිවම ඉල්ලාගෙන කෑමක් බව දැන් බිඳෙන් බිඳ තහවුරු වෙමින් ඇත. ආණ්ඩුව පසුගිය කාලයේ සිරගතව සිටි කොටින්ට නිදහස දුන්නේය. "අනේ පව් උක්කු පැටව්" යෑයි නොකියා කියමින් උන් ගෙදර යෑව්වේය.
වැඩේ එතැනින් නතර වුණේද නැත. එතෙක් ආරක්ෂක හමුදා යටතේ තිබූ එල්ටීටීඊයේ යුද මර්මස්ථාන වශයෙන් පැවති බවට හඳුනාගත් උතුරේ අක්කර දහස් ගණනක ඉඩම්ද බෙදා දුන්නේය. ආරක්ෂක අංශ එම භූමි ප්‍රදේශ අත නොහැරිය යුතු බවට යුද්ධය අවසානයේ තීරණය කරනු ලැබුවේ යුද සමයේ ගුවන් හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර සිතියම්ගත කරමින් සකස් කළ සිතියමකට අනුව ඒවා කොටි මර්මස්ථාන වූ බව නිවැරදිව හඳුනා ගැනීමෙන් පසුවය. එවකට ආරක්ෂක මණ්ඩලයේද අනුදැනුම ඇතිව හමුදා බුද්ධි අංශ එකතුව එම හඳුනා ගැනීම සිදු කරනු ලැබීය. එහෙත් යහපාලනයට ඒවායෙහි වැදගත්කමක් තිබුණේ නැත.
මෙසේ කටයුතු කරද්දී වේලුපිල්ලේ ප්රභාකරන් තිස්වසරක් පුරා ඇවිලුවා වූ ඊළාම් ගින්න තවමත් තැනින් තැන අලුයට සැඟවී ඇති වගක් ද කිසිවකුත් කල්පනා නොකළේය. පෙරමුණේ තිබුණේ සංහිඳියාව, සහෝදරත්වය සහ සහජීවනය යන්නය. පෙරමුණේ සිටියේ දෙමළ ජාතික සන්ධානය ප්‍රධාන දෙමළ දේශපාලනය ය. ඉතින් ආණ්ඩුව කිසිදු අඩුපාඩුවක් නොකරම අසල්වැසියාට අපූරුවට ප්‍රේම කළේය.
එහෙත් එකී පෙම් කෙළිය හමුවේ දැන් යළිත් අපට කෙළවෙන වටපිටාවක් නිර්මාණය වෙමින් නොතිබේද? මේ ඇරැඹෙමින් තිබෙන්නේ යහපාලනයට වැපිරූ සියල්ලේ අස්වනු ලැබෙන කාලයද? අප එවන් ප්‍රශ්නයක් මතු කරන්නේ කට කසනවාට නොව, යළි මරණයේ භීතිය රටේ ජනතාවගේ හදවත් තුළ ඇති කරමින් ඉකුත් බදාදා යාපනය චාවාකච්ෙච්රියෙන් ඇසුණු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සහ ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ බිහිසුණු කතාව නිසාය.
යාපනය චාවාකච්ෙච්රිය යනු ප්රභාකරන්ගේ ත්‍රස්තවාදී සටනේ ඉතිහාසය අනුව බලන කළ එක් ප්‍රබල සන්ධිස්ථානයකි. එල්ටීටීඊ ත්රස්තවාදීන් ශ්‍රී ලංකා රජයට එරෙහිව පළමු වරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ 1982 වසරේ ඔක්තෝබර් 27 වැනිදා පැහැරගත් බස් රථයකින් පැමිණ චාවාකච්ෙච්රිය පොලිසිය සුණු විසුණු කර දමමිනි.
එල්ටීටීඊය ආරම්භයේ එහි දෙවැනියා වූ සීලන්ගේ නායකත්වයෙන් පැමිණි ඇරුණ්, රන්කර්, පුලේන්ද්‍රන්, රඝූ, මහත්තයා සහ සන්තෝෂම් නමැති ත්රස්තවාදීහු එදා එම ප්‍රහාරය එල්ල කරනු ලැබූහ. මෙම ප්‍රහාරයෙන් එකල චාවාකච්ෙච්රි පොලිසියේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් වැසිකිළියක් තුළ සැඟවී දිවි ගළවා ගත්තද අන් සියලු දෙනා ත්රස්තවාදීන් විසින් මරා දමනු ලැබිණි. ඒ ප්රභාකරන් හා සසඳන කළ කියන්නට ඇති චාවාකච්ෙච්රියේ ඉතිහාසය ය.
එකී ඉතිහාසය එසේ වෙද්දී ඉකුත්දා ඇසුණු චාවාකච්ෙච්රියේ වර්තමාන කතාව ආරම්භ වූයේ කෙසේද? දිනය ඉකුත් අඟහරුවාදා සවස් කාලය විය. චාවාකච්ෙච්රිය පොලිසියේ නිලධාරීහු දිනයේ සාමාන්‍ය රාජකාරිවල නිරතව සිටියහ. මේ අතරේ එක්තරා කාන්තාවක් පොලිසිය දෙසට කලබලයෙන් පැමිණෙන්නට වූවාය. ඇය චාවාකච්ෙච්රිය මරවන්පුලම් මධ්‍යම පුදේශයේ පදිංචිකාරියක වූවාය. එසේ පොලිසියට පැමිණි කාන්තාව අවසානයේ සිය සැමියාගෙන් ඇයට සිදුවන හිරිහැර පිළිබඳ පොලිස් නිලධාරීන්ට හැඬූ කඳුළින් පැමිණිල්ලක් කරමින් එක් වැදගත් හෙළිදරව්වක් ද කරන්නට වූවාය.
"සර් මගේ මිනිහා මහා එපා කරපු එකෙක්.. ඌ හැමදාම බීගෙන ඇවිත් මට ගහනවා.. ගෙදර බඩුමුට්ටු විනාශ කරනවා.. ඒ මිනිහව මට එපා වෙලා තියෙන්නේ සර්.. ඌට මාව සැකයි.. ඒකයි මට ගහන්නේ.. මම මිනිහගෙන් අයින් වෙන්න හැදුවා.. ඒකට ඉඩ දෙන්නෙත් නැහැ.. මාවම මරාගෙන කන්න හදන්නේ.. සර්.. ඌ දැන් ටික දවසක ඉඳන් ගංජා පාර්සල් වගයක් ඇරගෙන ඇවිත් ගෙදර හංගලා තියෙනවා.. කොළඹ ගෙනියන්න. ඒ ටික තියාගෙන ඉන්නේ.. අනේ සර්.. ඒවත් එක්කම ඌව අල්ලගෙන මාව බේරගන්න.."
ඇය පොලිසියට කළ හෙළිදරව්ව වූයේ එයය. අනතුරුව චාවාකච්ෙච්රිය පොලිසියේ නිලධාරිහු ඒ පිළිබඳ සොයාබලන බවට පොරොන්දු වී ඇගේ පැමිණිල්ල සටහන් කරගනිමින් ඇයව යළි පිටත් කර යෑවූහ. පසුව ඇය ලබාදුන් තොරතුර අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ යාපනය කොට්ඨාස බුද්ධි ඒකකයේද සහාය ඇතිව එදිනම රාත්‍රියේ කාන්තාව කී මරවන්පුලම් ප්‍රදේශයේ පිහිටි නිවස වටලා සෝදිසි මෙහෙයුමක් සිදු කරනු ලැබීය.
පොලිසිය එම නිවසට ඇතුළු වන විටත් කාන්තාව කී ලෙසම නිවසේ රාක්කයක ඇය කී ගංජා පාර්සල් කිහිපය තිබෙන අයුරු පොලිස් නිලධාරීන්ට දැකගත හැකිවිය. ඒ වන විට ඇගේ සැමියා යෑයි කී පුද්ගලයා සිටියේ කිසියම් අවශ්‍යතාවක් සඳහා නිවසින් පිටව ගොසිනි. පසුව පොලිස් නිලධාරීහු එම පාර්සල් කිහිපය විවෘත කර බලන්නට වූහ.
වැටලීම සිදු කළ පොලිස් නිලධාරීන්ගේ ඉහමොළ රත්වූයේ ඒ අවස්ථාවේදීය.
ගංජා වෙනුවට පාර්සල් තුළින් පසුගිය කාලයේ එල්ටීටීඊ ත්රස්තවාදීන් ප්‍රභූ ඝාතන සඳහා භාවිත කරනු ලැබූ අලුත්ම මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් සමඟ ක්ලේමෝ (පැති) බෝම්බ හතරක්, එම ක්ලේමෝ බෝම්බවලට යොදන බැටරි පැක් දෙකක්, කිලෝග්‍රෑම් අට බැගින් වූ අධිබල ටීඑන්ටී වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ මළු තුනක් සහ මිලිමීටර් නවය රිවෝල්වරවලට යොදනු ලබනු උණ්ඩ සියයක් අඩංගු පෙට්ටි දෙකක් මතු වන්නට විය.
එල්ටීටීඊයේ ප්‍රබල සටන්කරුවන්ව සිට විදේශ රටවලට පළාගොස් යළි පැමිණි කජීපන් හෙවත් ගෝපි, අප්පන් සහ තේවියන් විසින් ඉකුත් 2014 වසරේ අප්‍රේල් මාසයේදී එල්ටීටීඊය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා ආයුධ සන්නද්ධව වන්නියේ නෙදුන්කර්නි කැලය තුළ සැඟව සිටියදී යුද හමුදා ප්‍රහාරයකින් මරා දැමීමෙන් පසු මෙසේ වෙනත් තොරතුරකට සිදු කළ මෙහෙයුමකදී උතුරේ නිවසකින් මුල් වරට අවි තොගයක් හමුවීම හේතුවෙන් මෙහිදී පොලිස් නිලධාරීන්ටද ඇති වූයේ දැඩි විමතියකි.
ඒ අනුව ඔවුහු මෙහි සුලමුල සොයා ගැනීම සඳහා වහා ක්‍රියාත්මක වූහ. පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවීමත් සමඟ නිවසේ සිටි කාන්තාව සහ ඇගේ දරුවාද තමන් භාරයට ගත් පොලිස් නිලධාරීන් පසුව ඔවුන් සමඟ පුපුරණ ද්‍රව්‍ය තොගයද චාවාකච්ෙච්රි පොලිසියට රැගෙනවිත් සැමියා පිළිබඳ කාන්තාවගෙන් ප්‍රශ්න කරන්නට විය. චාවකච්ෙච්රි කතාවේ බරපතළම කොටස හෙළි වූයේ එහිදීය.
අගේ සැමියා යනු ඉකුත් මානුෂීය මෙහෙයුමේදී හමුදාව සමඟ සටන් වදිමින් මුල්ලවයික්කාල්හි නන්දිකඩාල් දක්වාම පසුබැස ගොස් අවසන් සටන අවස්ථාවේ හමුදා පාලන ප්‍රදේශයට පැමිණ හමුදාවටද රහසේ පැනගිය පුනරුත්ථාපනය නොවුණු කොටි ත්‍රස්තවාදියකු බව පොලිසිය මේ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගත්තේය.
එකී හෙළිදරව් වීමත් සමඟම වහා ක්‍රියාත්මක වූ පොලිසිය හා උතුරේ ආරක්ෂක බුද්ධි අංශ ගබ්රියෙල් එඩ්වඩ් ජුලියට් නමැති මෙම කොටි ත්රස්තවාදියා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබිණි. එම මෙහෙයුමට අනුව ඊට පසුදා හෙවත් ඉකුත් 30 දා දහවල් කිලිනොච්චිය අක්කරායන්කුලම් ප්‍රදේශය ඔස්සේ බට්ටා වර්ගයේ ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු කොටු කර ගැනීමට පොලිසිය හා ආරක්ෂක අංශ සමත් විය.
මොහුගේ බිරිඳ වූ ඉහත කී කාන්තාවට ඔහු හමුවී ඇත්තේ ඉකුත් 2013 වසරේදීය. සිය පළමු සැමියා මියගොස් ඇති මුලින් යාපනයේ පදිංචිකාරියක වූ එම කාන්තාව ඉකුත් 2013 වසරේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාපනය රෝහලට ඇතුළත්ව සිටියදී එම හමුවීම සිදුව ඇති අතර පසුව දෙදෙනා විවාහ වී චාවාකච්ෙච්රිය ප්‍රදේශයේ නිවසක් බදු ගෙන එහි පදිංචියට පැමිණ ඇතැයිද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණ. අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙකී එඩ්වඩ් ජුලියට් නමැති ත්රස්තවාදියාගෙන්ද ප්‍රශන් කිරීමක් සිදු කරන්නට ඉකුත් 30 වැනිදා සවස වන විට බුද්ධි අංශ පියවර ගෙන තිබිණ. ඒ චාවාකච්ෙච්රි පොලිසියේදීය. එහිදී එකි ත්රස්තවාදියා පවසා ඇත්තේ කුමක්ද?
"සර් මම බැන්දට පස්සේ බිරිඳගේ තාත්තට අයිති බට්ටා ලොරියෙන් එළවළු බිස්නස් එකක් කළා. ඒ අතරේ පරණ යකඩ එකතු කරන එකත් කළා.. දවසක් එහෙම පරණ යකඩ එකතු කරපු වෙලාවක තමයි මේ මරාගෙන මැරෙන ඇඳුමයි ක්ලේමෝ බෝම්බ හතරයි අනිත් ඒවයි මට හමුබ වුණේ.. පස්සේ මම ඒවා ගෙනල්ලා ගෙදරින් තිබ්බා.."
ඒ ඔහු බුද්ධි අංශ සිදු කළ කෙටි ප්‍රශ්න කිරීමේදී පවසා තිබුණු සුරංගනා කතාවය. චාවාකච්ෙච්රියේදී සොයා ගැනුණු මෙම බිහිසුණු පුපුරණ ද්‍රව්‍ය අතර තිබුණු මරාගෙන මැරෙන කබාය ඉතාම අලුත් තත්ත්වයේ තිබුණකි. එය සක්‍රීය කර ප්‍රහාරයක් සඳහා යොදා ගැනීමට අඩුව තිබුණේ එහි බැටරිය පමණි. වෙනම තිබූ බැටරිය ගෙන එම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයට සවි කළේ නම් ඕනෑම මොහොතක ප්‍රහාරයක් සඳහා එය සක්‍රීය තත්ත්වයට පත් වේ. එහිදී අඩු වන්නේ ප්රභාකරන් නිර්මාණය කළ මරාගෙන මැරෙන කාලකණ්නියකු පමණි.
එසේම මෙහිදී සොයාගත් ක්ලේමෝ බෝම්බවල තත්ත්වයද එසේමය. ඒවායෙහි ඩෙටනේටර් ගලවා තිබී ඇත. එම ඩෙටනේටර් සවිකළ ඕනෑම අවස්ථාවක බිහිසුණු ප්‍රහාරයක් සඳහා එම බෝම්බ ඉතාම සුදුසුය. එසේම මෙකී වැටලීමේදී සොයාගත් ටීඑන්ටී අධිබල පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ කතාවද එසේමය.
සාමාන්‍යයෙන් ටීඑන්ටී පුපුරණ ද්‍රව්‍ය යනු කාලයක් ගබඩා කර තැබීමේදී භාවිතයට ගත නොහැකි අන්දමින් දියවුණු තත්ත්වයකට පත් වන්නකි. එහෙත් එඩ්වඩ් ජුලියට් නමැති මෙම ත්රස්තවාදියා නිවසේ සඟවා තිබුණේ එවැන්නක් නොවේ. ඒවා අලුත්ම අලුත් බඩුය. ඒ අතර තිබී පොලිසියට හමුවූ රිවෝල්වර උණ්ඩ භාවිතා කිරීම සඳහා අඩුවූයේ රිවෝල්වර දෙකතුනක් පමණකි. ඉතින් මේ අනුව බලන කළ එඩ්වඩ් ජුලියට් නමැති ත්රස්තවාදියා පරණ යකඩ එකතු කරන්නට යාපනයේ නිවාස වෙත යද්දී එවායෙහි සිටි මිනිසුන් මූට දී ඇත්තේ "අම්මට සිරි බඩුය" එඩ්වඩ් ජුලියට් දැනට කියා ඇති සුරංගනා කතාවට අනුව අපට කියන්නට ඇත්තේ ඒ ටිකය.
උතුරේ බුද්ධි නිලධාරීන් මෙකී ත්රස්තවාදියාගෙන් එම කෙටි ප්‍රශ්න කිරීම සිදු කරන අවස්ථාව වන විටත් (ඔහු අත්අඩංගුවට ගෙන පැයක් ගතවීමටත් මත්තෙන්) උතුරේ දෙමළ නීතිඥයකු එඩ්වඩ්ට නීති සහාය ලබා දීම සඳහා චාවාකච්ෙච්රි පොලිසියට පැමිණි වගක්ද ඉකුත් 30 වැනිදා සවස් වන විට අනාවරණය විය. නමුත් ඒ සමඟම කොළඹ සිට ගිය ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් එම ත්රස්තවාදියා තමන් භාරයට ගෙන චාවාකච්ෙච්රි පොලිසියෙන් රැගෙන යැම නිසා ඔහුට හිස් අතින්ම යන්නට සිදුව ඇත.
දැන් මෙම කොටි ත්රස්තවාදියා සිටිනුයේ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයේය. මොහු වෙනුවෙන් පෙනී සිටින්නට චාවාකච්චේරි පොලිසියට ඒ අල්ල පනල්ලේ නීතිඥයකු එන්නට තරම් තමන්ගේ විවාහක ගෑනිටත් තිත්ත වූ මේ ත්රස්තවාදියා පොරක් වූයේ කෙසේද? ගැටලුව ඇත්තේ එතැනය. එය කෙසේ වෙතත් හෙට දිනයේ සිටි එඩ්වඩ් වෙනුවෙන් තවත් පෙළ ගැසීම් ද සිදුවන්නට ඉඩ ඇත.
මානව හිමිකම් ක්‍රියාකාරීහු යෑයි කියා ගත් එන්ජීඕ කාක්කන් නැගී සිටිනු ඇත. විවිධ සංවිධාන පෙළ ගැසෙනු ඇත. එඩ්වඩ් සුරැකීමේ සංවිධානය ලෙසින් සංවිධානයක් මතු වන්නටද බැරි නැත. ඒවායෙහි උන් හඬ නගද්දී කිසිදු අවුලක් නොමැතිවම එඩ්වඩ් කියන මේ කොටියා යළි ගෙදර යන්නටද බැරි නැත. මන්ද දැන් ආණ්ඩුවට අනුව බෙහෙතකට හොයා ගන්නවත් කොටි ත්රස්තවාදීන් නැති නිසාය.
ඒවා කෙසේ වෙතත් මෙහිදී අපට මතුවන බරපතළ ගැටලුවක් ඇත. ඒ එඩ්වඩ් ජුලියට් නමැති මෙකී පැහැදිලි ත්රස්තවාදියා මේසා බිහිසුණු පුපුරණ ද්‍රව්‍ය තොගයක් නිවසේ තබා ගත්තේ ඇයිද යන්නය. එය මෙතෙක් පොලිසියද අනාවරණය කර නොගත්තකි. ආණ්ඩුව නම් කියන්නේ යකා එතරම් කලු නැතැයි කියාය. ඒ අස්සේ පොලිසිය අල්ලා ගත්තේ ටීඑන්ටී බව දැන දැනම තවත් පැත්තකින් රතිඤ්ඤා පිළිබඳ කතාද ඇසෙන්නේය. එහෙත් යකා කලු නොවුණාට මේ බඩු ටික කොතැනකදී හෝ පත්තු වූයේ නම් අපි මැරී වැටෙද්දී මේ බිම තෙත් කරමින් ගලා යන්නේ අපේම රතු ලේ නොවේද?
එඩ්වඩ් ජුලියට් මෙකී බිහිසුණු පුපුරණ ද්‍රව්‍ය තොගය සඟවාගෙන සිටියේ කිසියම් ප්‍රහාරයකට නොවේ යෑයි යන්න අම්බ මෝඩයකුට හැර වෙනත් කිසිවකුටවත් කිව නොහැකිය. කවුරුන් හෝ එසේ කියන්නේ නම් එය මේ කොටි ත්‍රස්තයා පොලිසියට කී පරණ යකඩ කතාව සේම සුරංගනා කතාවක්ම වන්නේය. ඊට පැහැදිලි උදාහරණයක් මෙම පුපුරණ ද්‍රව්‍ය හසුවීමත් සමඟ උතුරේ හමුදා ප්‍රධානීහු සඳහන් කරනු ලැබූහ.
ඒ "ශීතකරණවල ඇති මාලු කුට්ටි කිසිවකු හෝ ඉන් පිටතට ගන්නේ පිසින්නට මිස නිකම් තබන්නට නොවේ" යෑයි කියාය. එසේ නම් දැන් එඩ්වඩ් ජුලියට් ශිතකරණයෙන් පිටතට ගෙන තිබූ මේ මාලූ කුට්ටිය උයන්නට හැදුවේ හෙවත් මේ බිහිසුණු බඩු ටික පුපුරා යන්නට නියමිතව තිබුණේ කොතැනක" ද?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන තුන්වැනිදා (03 දා) උතුරේ සංචාරයක නිරත වීමට නියමිතව තිබුණු බව මෙකී පුපුරණ ද්‍රව්‍ය හසුවීමත් සමඟ ජනාධිපති කාර්යාලය දෙසින් ඇසිණි. එසේ නම් මේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයේ සහ ක්ලේමෝ බොම්බවල ඉලක්කය වූයේ ජනාධිපතිවරයාද?
එසේත් නැතිනම් එළවළු ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටින මෙම ත්රස්තවාදියා මෙකී පුපුරණ ද්‍රව්‍ය තොගය යාපනයේ සිට දඹුල්ල හරහා කොළඹට
රැගෙනවිත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ රටේ පැහැදිලි අනාගත දේශපාලන නායකත්වයක් ලෙස සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා මරා දමන්නට සැලසුම් කළා විය නොහැකිද? ආණ්ඩුව කියන පරිදි යකා කලු නොවුණාට මෙසේ මතු කළ හැකි සැකය නම් ඉතා බරපතළය. සිදු වන්නට නියමිතව තිබුණේ මේ සියල්ලම නොවේ නම් එඩ්වඩ් ජුලියට්ගේ නිවසේ තිබී හමුවූ මෙකී අධිබල පුපුරණ ද්‍රව්‍ය අපට කියන්නේ එදා 1982 චාවාකච්ෙච්රි පොලිසිය සුණුවිසුණු කර වේළුපිල්ලේ ප්රභාකරන් ආරම්භ කළා වූ ශාපකාරී තිස් වසරක ත්රස්තවාදයේ පුනරාරම්භය යළිත් චාවාකච්ෙච්රියෙන්ම ඇරඹී තිබෙන බවද?
සංහිඳියාව, සහජීවනය සහ සහෝදරත්වය සමඟ අසල්වැසියාට ප්‍රේම කරන්නට සැරසෙන සම්මුතිවාදය හෙවත් යහපාලනය දැන් යකා කලු නැතැයි කීමෙන් පමණක් නොනැවතී මේවාටද උත්තර දිය යුතුය. මන්ද මතු පරපුරටද නිදහසේ ජීවත් වීමට මේ රට
සුරැකිව තිබිය යුතු නිසාය.
Source: Divaina
තමන් ආදරය කරන ආණ්ඩුව හෝ වෙන කිසියම් පකෂයක් ගැන නෙවෙයි රට වෙනුවෙන් තමන්ට ඉන්න පුංචි දරුවෝ වෙනුවෙන් තමන්ට දාව ඉපදෙන්න ඉන්න අහිංසක දරුවෝ ගැන හිතපල්ලා.. උන්ට ජීවත් වෙන්න රටක් ඕන.. අපේ කාලයේදී රට මේ විදියට පාවාදෙන්නන්ට පාවාදෙන්න ඉඩ දීලා නපුංසක රැලක් විදියට හිටියොත් යම් කිසි දවසක අපේම දරුවො අපි මැරිලා වලලපු වලවල් වලටත් සාප කරයි.. අන්න ඒක මතක තියා ගනිල්ලා

මේවා දැක දැක නොදැක්කා වගේ බුදිය ගන්න එකද හරි එතකොට? අපි ටොය්යෝ බය්යෝ කියාගෙන දෙපැත්තට වෙලා මරාගන්නවා. ඒකෙන් බලපන් රටට වෙන වින්නැහිය.. රටට මොනා උනත් වැඩක් නෑ මගේ බඩ පිරෙනවා නම් කියලා හිතන් ඉන්න අපේ සිංහලුන්ට නොතේරෙන්නේ අන්න ඔතන.. බඩ ගැන හිතලා වෙච්ච මහා විනාශේ පේනවානේ 