මරාගේ තවත් ජාත්‍යන්තර කෙබරයක් අතේ පත්තු
මහින්දගේ තවත් කෙබරයක් අතේ පත්තු වී ජාත්‍යන්තරය හමුවේ කිච වෙයි
2010 නොවැම්බර් 26 වෙනි සිකුරාදා, 06:38
ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා චීනයේ කල සංචාරයේදී නේපාලයේ ජනාධිපති හමු වූ බවත් එහිදී නේපාලයේ අර්බුදයට මැදිහත් කරුවෙකු ලෙස මැදිහත් වන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ බව ප්‍රකාශ කිරීම අමූලික අසත්‍යයක් බව නේපාල රජය නිවේදනය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන නේපාල ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රාජේන්ද්‍ර දහල් ප්‍රකාශ කරනුයේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ එම ක්‍රියාකලාපය දැඩි පිළිකුළින් යුතුව හෙළා දකී. නේපාල ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවේදී එවැනි කිසිදු ඉල්ලීමක් සිදු නොවූ බවත් ශ්‍රී ලංකා බලධාරීන්ගේ එම ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයක් බවත් ඔහු අවධාරණය කරයි.
ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී නේපාල ජනාධිපතිවරයා හමුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පමණක් නොව කලාපීය නායකයකු ලෙසද කටයුතු කරන බවයි. නේපාලයේ අභ්‍යන්තර අර්බුදයට මැදිහත්වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ආරාධනා කළ බව ඔහු එහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය හෙළා දකිමින් නේපාල තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කර තිබේ.