මරාගේ මංගල රැලියත් අවලංගුයි..!! වහලුන් අනාථ&#3

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    මරාගේ මංගල රැලියත් අවලංගුයි..!! වහලුන් අනාථ&#3

    Im_Ready.jpg


    මහින්ද රාජපක්ෂ හට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සාමාන්‍ය අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට ඉඩ ලබාදෙන බවට සුසිල් ප්‍රේමජයන්ත් විසින් ලිපියකින් ඉකුත් සිකුරාදා(03) කරන ලද දැනුම් දීම අනුව අගමැති අපේක්ෂකත්වය, දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය හෝ දිස්ත්‍රික් මැතිවරණ කළමණාකාරිත්වයක් හෝ නොමැතිව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට මහින්ද රාජපක්ෂ තීරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    එපමණක් නොව සිය වහලා වූ සුසිල් ප්‍රේමජයන්ත විසින් කරන ලද එකී දැනුම් දීම තමා රැවටීමට හා කොටුකිරීමට මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරියට දැමූ උපායක් බව මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරුන්ට පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.

    මේ අනුව කිසිදු තත්ත්වයක් නොමැති පහළ මට්ටමක සිට මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් තමා කෙරෙහි ජනතා ප්‍රතිරූපය නංවා ගැනීම එතරම් පහසු කටයුත්තක් විය නොහැකි බව පෙන්වා දී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් නොවීම වඩාත් ගුණදායක බවය.

    වහලුන් මහින්ද රාජපක්ෂව පොළඹවා ලන්නේ එජනිසය නොමැති නම් වෙනත් පෙරමුණකින් මැතිවරණ සටනට එන ලෙසයි. එම පෙරමුණ ලෙස ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ‘ නමින් පෙරමුණක් රැගෙන ඇති අතර එහි ලකුණ වන්නේ ‘මල් පොහොට්ටුව‘ ය. මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපය හෝ එජනිසය හෝ දෙකින් එකකින් තොරව මැතිවරණයට ඉදිරිපත් වීමට අකමැත්තක් දක්වන අතර එසේ වෙනත් පෙරමුණකින් තරඟ කිරීමට යන්නේ නම් තමන් නමින් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොවී පැත්තක සිට සහයෝගයක් දෙනවා මිස ඍජුව ඉදිරිපත් වීම අසීරු යැයි පවසා තිබේ.

    මේ තත්ත්වයන් මත මහින්ද රාජපක්ෂගේ මංගල රැලිය ලබන 9 වෙනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුනු නමුත් හදිසියේම එය අවලංගු කර තිබේ.

    මහින්ද රාජපක්ෂගේ එම අලුත්ම තීරණයත් සමගම ඔහුගේ කරමතින් කෙසේ හෝ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමේ සුන්දර සිහිනයක පසු වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, රංජිත් සොයිසා, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණි ලොකුගේ යන පිරිස් සිය දේශපාලන ගමන් මගට තිත තැබීමට සිදුවේ දෝ බියෙන් සිටින බවද වාර්තා වේ.

    මේ අතර මොවුන්ගෙන් ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂයෙන් ද නාම යෝජනා ඉල්ලා සිටින තත්ත්වයකට ඇද වැටී සිටින බව ද අලුත්ම ආරංචි මාර්ග අනාවරණය කරයි.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    මහින්දගේ නාමයෝජනා මෛත්‍රී හකුළාගනී- චන්ද්‍රිකාට ජය අත්වෙයි !

    අද උදෑසන චන්ද්‍රිකා හා මෛත්‍රී අතර පැවති තීරණාත්මක සාකච්ඡාවකින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමේ එකඟතාවය අකුළාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ස්ථිර ලෙස පොරොන්දු වී තිබේ.

    අද උදෑසන දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී දේශපාලන බුද්ධිඅංශ වාර්තා පිළිබඳව ජනාධිපතිවරයා ඉතා බැරෑරුම් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පෙන්වා දී ඇතත් ඇය ඔහුට පවසා ඇත්තේ මහින්දවාදී බුද්ධිඅංශ නිළධාරීන් සකස් කරන වාර්තා සාවද්‍ය ඒවා බවයි. පසුව ඇය තම තර්කය සනාථ කිරීම සඳහා ස්වාධීන මූලාශ්‍ර මගින් ලබාගත් සංඛ්‍යා ලේඛන පෙන්වාදෙමින් තත්වය ජනාධිපතිවරයාට පහදා දී ඔහුගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර තිබේ.

    දිගින් දිගටම ජනාධිපතිවරයා තම මතයේ පිහිටා කටයුතු කළහොත් ඔහුට එරෙහිව රටතුළ විශාල කැරැල්ලක් පැනනගිනු ඇති බවත් ඉදිරි මහමැතිවරණය ඉතා ප්‍රචණ්ඩකාරී එකක් වියහැකි බවත් හිටපු ජනාධිපතිවරිය ඉතා තීක්ෂණ ආකාරයට ජනාධිපතිවරයාට පහදා දී තිබේ. මැතිවරණයේදී රට ලේ විලක් වුවහොත් එහි වගකීම දැරියයුතු වන්නේ මහින්ද රාජපක්ෂවත් රනිල් වික්‍රමසිංහවත් නොව මෛත්‍රීපාල සිරිසේන මහතා බව චන්ද්‍රිකා මහත්මිය අවධාරණය කර ඇත. එම කරුණු පිළිබඳව බැරෑරුම් ලෙස සලකාබැලීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා නාමයෝජනා සඳහා තම කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට කැමැත්ත පළකොට තිබේ.

    අනතුරුව ඔවුන් දෙදෙනා විසින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ජනවාරි 08 ජයග්‍රහණයේ මූලික පාර්ශ්වකරුවන් කැඳවා මේ පිළිබඳව දැනුම් දී ඇත. ඉන් අනතුරුව අද සවස පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ උපන්දින දේශනය සඳහා ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අමුත්තෙකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සහභාගි වී ඇත.
    අද දින චන්ද්‍රිකා - මෛත්‍රී හමුවේදී තීරණය වූ කරුණු පිළිබඳව ඉදිරි පැය කිහිපය තුළදී හිටපු ජනාධිපතිවරිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත වේ.


    Lankanewswe.net
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මල්ලි ඉ නිවුස් එකටද වැඩ කරන්නේ ? එහෙනම් මට මේ ටිකත් කියන්න , එකේ තියෙන නිවුස් ඔක්කොම පරස්පරයි නේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    මල්ලි ඉ නිවුස් එකටද වැඩ කරන්නේ ? එහෙනම් මට මේ ටිකත් කියන්න , එකේ තියෙන නිවුස් ඔක්කොම පරස්පරයි නේ



    MEY PICTURE EKA PHOTOSHOPED EKAK...
    MATA MEY NEWS EKA THIYENA LINK EKA DENNA PULUWANDA AYYA? :P
     

    Similar threads