මරාගේ මංගල රැලියත් අවලංගුයි..!! වහලුන් අනාථ
මහින්ද රාජපක්ෂ හට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සාමාන්‍ය අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට ඉඩ ලබාදෙන බවට සුසිල් ප්‍රේමජයන්ත් විසින් ලිපියකින් ඉකුත් සිකුරාදා(03) කරන ලද දැනුම් දීම අනුව අගමැති අපේක්ෂකත්වය, දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය හෝ දිස්ත්‍රික් මැතිවරණ කළමණාකාරිත්වයක් හෝ නොමැතිව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට මහින්ද රාජපක්ෂ තීරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
එපමණක් නොව සිය වහලා වූ සුසිල් ප්‍රේමජයන්ත විසින් කරන ලද එකී දැනුම් දීම තමා රැවටීමට හා කොටුකිරීමට මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරියට දැමූ උපායක් බව මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරුන්ට පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.
මේ අනුව කිසිදු තත්ත්වයක් නොමැති පහළ මට්ටමක සිට මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් තමා කෙරෙහි ජනතා ප්‍රතිරූපය නංවා ගැනීම එතරම් පහසු කටයුත්තක් විය නොහැකි බව පෙන්වා දී මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ මැතිවරණයට ඉදිරිපත් නොවීම වඩාත් ගුණදායක බවය.
වහලුන් මහින්ද රාජපක්ෂව පොළඹවා ලන්නේ එජනිසය නොමැති නම් වෙනත් පෙරමුණකින් මැතිවරණ සටනට එන ලෙසයි. එම පෙරමුණ ලෙස ‘අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ‘ නමින් පෙරමුණක් රැගෙන ඇති අතර එහි ලකුණ වන්නේ ‘මල් පොහොට්ටුව‘ ය. මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපය හෝ එජනිසය හෝ දෙකින් එකකින් තොරව මැතිවරණයට ඉදිරිපත් වීමට අකමැත්තක් දක්වන අතර එසේ වෙනත් පෙරමුණකින් තරඟ කිරීමට යන්නේ නම් තමන් නමින් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් නොවී පැත්තක සිට සහයෝගයක් දෙනවා මිස ඍජුව ඉදිරිපත් වීම අසීරු යැයි පවසා තිබේ.
මේ තත්ත්වයන් මත මහින්ද රාජපක්ෂගේ මංගල රැලිය ලබන 9 වෙනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබුනු නමුත් හදිසියේම එය අවලංගු කර තිබේ.
මහින්ද රාජපක්ෂගේ එම අලුත්ම තීරණයත් සමගම ඔහුගේ කරමතින් කෙසේ හෝ පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමේ සුන්දර සිහිනයක පසු වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, රංජිත් සොයිසා, රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණි ලොකුගේ යන පිරිස් සිය දේශපාලන ගමන් මගට තිත තැබීමට සිදුවේ දෝ බියෙන් සිටින බවද වාර්තා වේ.
මේ අතර මොවුන්ගෙන් ඇතැම් පිරිස් එක්සත් ජාතික පක්ෂයෙන් ද නාම යෝජනා ඉල්ලා සිටින තත්ත්වයකට ඇද වැටී සිටින බව ද අලුත්ම ආරංචි මාර්ග අනාවරණය කරයි.