මේ කතාව අතීතයේ නං වලංගුයි. මොකද ඒ කාලේ රටේ මිනිස්සුන්ගෙන් දැනුමක් තිබ්බේ, අකුරු දැනගෙන හිටියේ හාමුදුරුවරු තමයි. ඒ නිසා රට පාලනය ගැන උපදෙස් දෙන්න දැනුමක් තිබ්බා.
හැබැයි වර්තමානයේ එහෙම නෙමේ. වෛද්‍යවරු, ඉංජිනේරුවන්, මහාචාර්යවරු වෙන වෙන ක්ෂේත්‍ර වල දැන උගතුන් ඕනා තරම් ඉන්නවා.
එහෙම තියෙද්දී හාමුදුරුවන්ගේ දැනුම මොකක්ද රටක් පාලනය කරන්න උපදෙස් දෙන්නේ? බහුතර හාමුදුරුවන් නූගත්. සිවුරක් දාගත්තා කියලා නුවණ පහල වෙන්නේ නෑනි. හැබැයි අපේ රටේ ඉන්න හාමුදුරුවරුත් හිතං ඉන්නේ සිවුර දාගත්තම පස්සේ තමන්ට එහා දැනුමත්තෙක් නැහැ කියලා.
ඒ නිසා දේශපාලනය වෙන්න ඕනි කොහොමද කියලා සිට රටේ ගෑනුන්ට ළමයි කියක් හදන්න ඕනිද කියලා තරං උපදෙස් දෙන්න එනවා. ආර්ථිකය මෙහෙය වන හැටි ගැනත් උගන්නන එනවා.
පන්සල විතරක් නෙම, ලංකාවේ ක්‍රිස්තියානි පල්ලියත් ඕකම කරනවා. උන්ගේ මහා එකා මැල්කම් රංජිත් කියන මොට්ටයා කිව්වේ මානව හිමිකම් එපා කියලා. පාප්තුමාටත් උගන්වයි දහම ගැන.
ඒ තියා මතක ඇතිනේ, පහුගිය කාලේ ජාත්‍යන්තර පාසැලක ඉතාම හොද සෞඛ්‍ය දැනුමක් ලබා දෙන පාඩම් මාලාවක් පටන් අරං තිබ්බ. මේ පාඩම් සකසා තිබ්බේ විශේඥඥය වෛද්‍යවරු, මනෝ වෛද්‍යවරු, උගත් අධ්‍යාපනය විශේෂඥයන්ගේ මැදිහත් වීමෙන්. ඕකටත් කොක්ක දම්මනි මේ නූගත් සිවුරුකාරයෝ ටිකයි, මැල්කම් රංජිත් ගොබ්බයාගේ සෙට් ඒකයි රටේ සංස්කෘතියට හොද නැහැ කියලා.
මුන්ට පේන්නේ නෑ ලංකාවේ වැඩිම ළමා අපචාර වෙන්නේ කිතුනු පල්ලියේ සහ පන්සලේ කියන ඒක.
අනික බුදුහාමුදුරුවෝ ඒ කාලේ රටේ පාලකයාට උපදෙස් දුන්නේ නෑහැනි මෙහෙම රට පාලනය කරන්න ,අරහෙම කරන්න එපා කියලා. උන්වහස්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු උනොත් ඒක පහදලා දුන්නා එච්චරයි. ඒක පිළිපැදීම හෝ නොපැදීම පාලකයාගේ වැඩක්. ඒ කියලා මිනිස්සු උසිගන්නුවේ නෑනි.