මරා,චරා,ගෝරා,නාරා ගේ ජරා පාලනය ඉවරයි!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    මරා,චරා,ගෝරා,නාරා ගේ ජරා පාලනය ඉවරයි!!!

    රට යටත් කරමින් රට විනාශ කළ මෘග චෞර රාජපක්ෂ පවුල් පාලනය තුරන් කර මාතෘ භූමිය මුදා ගැනීම ස‍ඳහා ජනාධිපතිවරණ සටනට පොදු විපක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ කව්දැයි සමස්ථ දේශප්‍රේමී ශ්‍රී ලංකාවාසී ජනතාව පුල පුලා බලා සිටියහ.

    ඒ අන් කවරෙක් හෝ නොව ශ්‍රී ලංකාවාසී සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ සියළු ජනතාවගේ ද, එජාප ශ්‍රීලනිප ටීඑන්ඒ මුකො ජාහෙඋ ජවිපෙ ප්‍රප ලසසප (බහුතර) කොප(බහුතර) ප්‍රජපෙ ආදී සියළු පක්ෂයන්ගේද, බොදු කිතුණු මුස්ලිම් ආගමික නායකයන්ගේද, ආශිර්වාදයෙන් සහ ඒකමතික කැමැත්තෙන් ඉදිරිපත් වන ශ්‍රීලනිපයේ මහාලේකම් මෛත්‍රීපාල සිරිසේන බව ප්‍රථම වරට නිල වශයෙන් නිවේදනය කිරීමට ලංකා ඊ නිව්ස් වාසනාවන්ත වී සිටිමු.

    සාකච්ඡා රැසකින් පසු සියළු දේශපාලන පක්ෂ, ව‍ෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන්ගේ මෛත්‍රීපාල සිරිසේනට ඇති කැමැත්ත අද රාත්‍රී වෙද්දී නිල වශයෙන් මේ සම්බන්ධයෙන් මැදිහත් කාර්ය භාරය ඉටුකරන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමි වෙත දැනුම් දී තිබිණ.

    එජාප නායක රනිල් වික්‍රමසිංහද, කරු ජයසූරියද එජාප නායකයන් අතර සාකච්ඡාවකින් පසු ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීමට කැමැති බව අද සවස මාදුලුවාවේ සෝභිත හිමිට දන්වා සිටියහ. හෙට රැස්වන එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසුව එය නිල වශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇත.

    ජවිපෙ, ජාහෙඋ, ෆොන්සේකා පමනක් නොව දෙමළ ජාතික සන්ධානයද මුස්ලිම් කොන්ග්‍රසයද මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනවාට මේ වන විට කැමැත්ත පළ කර තිබේ.

    මේ සියලු දෙනා සමගි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අත් අඩංගුවට පත් කරගෙන සිටින මැදමූලන මෘග චෞර ගංකබර පවුලෙන් එම පක්ෂය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛව වත්මන් ශ්‍රීලනිපයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන ද, උප සභාපති වරුන් ජාතික සංවිධායක ද ඇතුලුව එම පක්ෂයේ ප්‍රධාන ඝනයේ අති බහුතර නායකයන් සියළු දෙනා රාජපක්ෂ පවුල් පාලනයෙන් රට බේරා ගැනීමට පොදු විපක්ෂය සමග එක්වන නිසා ය.

    හෙට දිනයේ ඔවුන් රාජපක්ෂ රෙජීමයෙන් ඉවත්ව ශ්‍රීලනිප සුරැකීමේ කණ්ඩායම ලෙස පාර්ලිමේන්තුව තුල ස්වාධීන වනවා ඇත. ඒ කොතෙක්දැයි ‘ලංකා ඊ නිව්ස්‘ ගණන් හිලව් නොකියමු. එක් දෙයක් පමණක් ජනතාවට කියමු. ම‍ෘග චෞර රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ශ්‍රීලනිපය තුල සිටින මහජන නියෝජිතයින් පිරිස අවමය 50 සිට උපරිමය 100 ක් පමණ හෝ ඊටත් වැඩි බව පමණක් දැනුම් දෙමු.

    අඩුම ගණනේ ඊයේ(19) ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මැදමූලන පර්සි මහින්ද රාජපක්ෂට ජනාධිපති ධූරයට තරඟ කරන ලෙස යෝජනා ස්ථිර කළ දෙදෙනා ද රට විනාශ කළ මැදමූලන මෘග චෞර ඒකාධිපතියා වෙනුවෙන් ඉතිරි නොවනු ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වරයා හෝ මැදමූලන මෘග චෞරයන් වෙනුවෙන් පෙනී සිටියහොත් පුදුමයකි.

    කෙසේ වෙතත් රාජපක්ෂ රෙජීමයෙන් රට බේරා ගැනීම සඳහා පෙරට එන ශ්‍රීලනිප නායකයන් පිරිස දෙවතාවකදී එනු ඇති අතර අවශ්‍ය වෙතොත් ඔත්තු කරුවන් ලෙස පිරිසක් රාජපක්ෂලා සමග ඉතිරි කරනු ඇත.

    මේ සිදුවෙමින් තිබෙන්නේ වසර දෙකක පමණ කාලයක් පුරා රටට ආදරේ කළ බුද්ධිමත් දේශප්‍රේමී පිරිසක් විසින් ජීවිත අනතුරේ දමාගනිමින් අනවරතයෙන් සිදුකරගෙන ගිය කාර්යයක අවසන් ජවනිකාවය.

    රටේ ජාතික ආදායම කෝටි 70,000 ක් වෙද්දී ඉන් කෝටි 30,000 ක් සොරකම් කරන (ගණන් හිලව් ඇතිව කිව හැකි ගණන) පවුලක් පන්නා නොදැමිය යුතුද ? මුලු රටක් නසන්නට වසර 30 ක් පුරා අවි ආයුධ ගෙනා ත්‍රස්තවාදියා සුරතල් කරනා එකා පන්නා නොදැමිය යුතුද ? තමන්ගේම උපදේශකයා මරා දමන එකා පන්නා නොදැමිය යුතුද? කට ඇරියොත් බොරු කියන එකා (පසුගිය දෙදින තුල පමණක් අගමැති ධූරය දෙන බවට සිව් දෙනෙකුට පොරොන්දු වී තිබේ. සමහරුන් ලණුව කා පාටිද දා තිබේ.) පන්නා නොදැමිය යුතුද?

    මෘග චෞර රාජපක්ෂ දේශප්‍රේමියෙක් ලෙසත්, බෞද්ධයෙක් ලෙසත්, වසා සිටි සියළු ව්‍යාජ සළු පිළි ගැලවී ඇත. මරා ශිරා චරා බැරා ගෝරා නාරා යෝරා රෝරා ශරා ආදී මෙකී නොකී ජරා හැතිකරයකගෙන් යුත් මෘග චෞර පවුල් පාලනයට මුළු රටම එරෙහි වී සිටී.

    පුළුවන් නම් ජය ගෙන පෙන්වපන්..! රට ලෑස්තියි..!!



    Code:
    http://www.lankaenews.com/news/572
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඊ news එකේ ඒවා නම් දාන්න ඕන නැහැ බන්..ඕකුන් කොටින්ට සපෝර්ට්..ඕකෙන් වෙන්නේ අර මනුස්සයාගේ නම කැත වෙන එක.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    20 34 වුනා දැන්

    ම‍ෘග චෞර රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව ශ්‍රීලනිපය තුල සිටින මහජන නියෝජිතයින් පිරිස අවමය 50 සිට උපරිමය 100 ක් පමණ හෝ ඊටත් වැඩි බව පමණක් දැනුම් දෙමු.

    lol
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල

    පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල

    P8o7nrV.jpg

    Zx6m63B.jpg

    ඒකාබද්ධ විපක්ෂ දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයේ පොදු අපේකෂකයා ලෙස සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර ඇති බව වාර්තා වේ. ඇමතිවරයාද මේ සඳහා සිය එකඟතාවය පළකර තිබේ.

    ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කාලයක් තිස්සේ කරගෙන ගිය සාකච්ඡා වට කිහිපයක් අවසානයේදී එජාපය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂ මෙම එකඟතාවයට පැමිණ තිබේ.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත්වෙනවාත් සමඟ ඔහු සමග ඇමතිවරු ගණනාවක් ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ. ඒ වගේම මැතිවරණය අතරතුරදීත් අමාත්‍යවරුන් සිරිසේන මහතාට සහාය පිණිස ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කරයි.



    Code:
    http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12693:2014-11-21-01-20-29&catid=36:2011-10-17-04-27-38&Itemid=72
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    පොදු අපෙක්ෂකයා ‘මෛතී‍්‍ර’ – එජාපය තීරණය කරයි

    අද උදෑසන රැස්වූ එජාප ජී20 කණ්ඩායම පොදු අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කරමින් පොදු වැඩපිළිවළක් යටතේ කටයුතු කිරිමටත් සෙසු සියලූම පක්ෂ සමග එක් වේදිකාවක සිට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීමට තීරණය කර ඇත.

    මෙම තීරණය සම්බන්ධයෙන් එජාප නියෝජ්‍ය ජාතික සංවිධායක ඌව පළාත්සභා මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා ඒ පිළිබඳව අදහස් පළ කළ අයුරු,

    ‘මෙහිදී සාකච්චා කෙරුණ වැදගත්ම කාරණය වුනේ ඉදිරි ජනධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳ කාරණය එහිදි ජී20 කණ්ඩායමේ සාමාජිකයන් තීරණය කළා එක්සත් ජාතික පක්ෂ නායක තුමාට පොදු අපේක්ෂකයා පිළිබද අවසන් තීරණයක් ගැනීම පිළිබඳ වගකීම පවරන්න. ඒ අවස්ථාවේ නායක තුමා තීරණය කළා පොදු අපේක්ෂකයා හැටියට මෛත‍්‍රීපාල අමාත්‍යවරයා යොජනා කරලා ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදෙන්න.

    මොකද ලංකාවේ ප‍්‍රධානම පක්ෂය එජාපය රට ගැන අපි හිතලා ජාතික හෙළ උරුමයේ ඒවගේම ජනතා විමුක්ති පෙරමුණේ සහයත් අරගන පොදු එකඟතාවයක් සහිතව රට මුහුණදීලා තිබෙන මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. එනිසා මේ මොහෙතේ එජාපය පැත්තෙන් පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේකෂකයා ලෙස ඉදිරපත් කිරීමට ගත් තිරණය අද හවස එජාප කෘත්‍යධීකාරී මණ්ඩලයට දාලා අනුමැතිය ගැනීමට නියමිතයි’



    Code:
     http://sinhala.lankaherald.com/?p=13459
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,238
    12,270
    113
    Ohio, USA
    ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන මෛත්‍රීපාලගෙන් ඉඟි


    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මීට මද වේලාවකට පෙර අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ඉවත්ව පොදු වේදිකාවකට පිවිසීම සම්බන්ධව ඉඟි පල කර තිබේ.

    මීට සුලු වේලාවකට පෙර බත්තරමුල්ලේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් සිරිසේන මහතා පවසා සිටියේ පසුගිය වසර 5ක කාලය ඇතුලත සෞඛ්‍ය ඇමතිවරයා ලෙස තමන් ජනතාවට කල සේවය ඉදිරියට ද රට වෙනුවෙන් ලබා දෙන බව පවසා සිටියේ ය.

    ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කර සිටියේ මහජනතාව විසින් දේශපාලඥයින් හට බලය ලබා දෙනු ලබන්නේ එය වැරදි ලෙස භාවිතා කොට මුදල් ඉපයීමට නොවන බවත් කිසිවකු බලයේ ගිලිය නොයුතු බවත් ය.

    කෙසේ වෙතත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව නොයන බවත් එනමුත් එම තීන්දුව ද ඕනෑම වේලාවක වෙනස් විය හැකි බවත් ඔහු පවසා සිටියේ ය.

    මේ අතර අද දින පෙරවරු 11.30 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට ඇමතිවරයා සහභාගී වූයේ නැත.



    Code:
     http://sinhala.lankaherald.com/?p=13457
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    mr ta ridila

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සන්ධාන රජයෙන් ඉවත්වූ සියලුම මැති ඇමතිවරුන්ගේ අමාත්‍ය ධූර,තනතුරු හා ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

    මේ අනුව ශ්‍රීලනිප මහලේකම් ලෙස හෝ වෙනත් කිසිදු තනතුරක සිරිසේන මහතා විසින් කටයුතු නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ‘පොදු අපේක්ෂක‘ ලෙස කටයුතු කරන බවත්, එල්ලවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමන් සූදානම් බවත් සඳහන් කළේය.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    වැඩක් නෑ බං ඕව දැම්ම කියල.
    ඕව බලල අදටත් එහෙම්ම හිටං පස්සේ යන උන් තමයි අපේ රටේ ඉන්නේ.