ඉදිරි ජනාධිපතිවරණ සටනේ දී ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිවාදියකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීමට තිබූ අවකාශය මේ වන විට මුළුමනින්ම ව්‍යවර්ථ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාවක් නියෝජනය කරන ගම නම් වන සාධකය පදනම්ව ජාතික මට්ටමේ දැවැන්ත ශක්තියක් තමනට ගොඩනඟා ගත හැකි බව පසුගිය දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පදවිය ලැබීමෙන් පසු පැවසූ නාමල් රාජපක්ෂ ඒ මානසික පන්නරය පදනම්ව පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පවා ඉක්මවා යමින් ජනපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කරනු දක්නා ලදී. ඒ රනිල් වික්‍රමසිංහට සමාන්තරව සිය දේශපාලනමය පෞරුෂය හා ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට සිතා විය යුතු ය. එහෙත්, ජනතාව හමුවේ සිංහනාදයක් වනු ඇතැයි ඔහු සිතා සිටි එම හඬ එතරම් ප්‍රබල නොවූ බව මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය හා සම්බන්ධ ජනතා සහභාගීත්වයෙන් මනාව සනාථ විය.ඊට එක් වූ බොහෝ දෙනකු කියා සිටියේ මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළියට එක් වූ පිරිස අනුව රැළියක් මිස පෙළපාලියක් නොපැවැත්වීම මත එපමණකින් හෝ ජාම බේරා ගැනීමට තමනට හැකි වූ බවකි.
ඉන් පසුව මෙවර ජනපතිවරණය සඳහා තම දෙටු පුත් නාමල් රාජපක්ෂ ඉදිරිපත් නොවන බවත්, ඔහුට ඒ සඳහා තව කල් ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද වැල්ලවත්තේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යය කළ විමසුමකදී කීය. නාමල් රාජපක්ෂ යනු ශ්‍රී ලාංකේය දේශපාලනයට එක්ව හිඳින තවත් එක් පුද්ගල චරිතයක් පමණක් නොවේ. ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ තමන්ටම ආවේණික සුවිශේෂ මාදිලියක් නියෝජනය කරන්නෙකි. මෙම සටහන අනුන් ගේ ඕපාදූප සෙවීම නම් වන පටු බොළඳ සීමාවෙන් මුදවා ගත හැක්කේ නාමල් රාජපක්ෂ නියෝජන කරන එම මාදිලිගත භූමිකාව හා වත්මන් ශ්‍රී ලාංකේය දේශපාලනය අතර ඇති අවියෝජනීය සම්බන්ධය නිසා ය.