මරා රටේ නැති අතරේ පාකිස්ථාන හමුදා නායකයා Ŝ
පාලක රාජපක්ෂ රෙජීමයේ නායක මහින්ද රාජපක්ෂ රටේ නොමැති අවස්ථාවක පාකිස්ථාන හමුදා ප්‍රධානි ජෙනරාල් පර්වේස් කයානි ශ්‍රී ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවීම ආරක්ෂක අංශ අතර දැඩි කතාබහකට ලක්ව තිබේ.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අතර සීතල යුද්දයක් තිබියදී පකිස්ථාන හමුදා ප්‍රධානියා අද (27) දෙවන වරට මෙහි පැමිණීම මෙහි ඇති විශේෂත්වයකි.
මහින්ද රාජපක්ෂ අද (27) උදෑසන ටැන්සානියාව සහ සීෂෙල්ස් දිවයින බලා පිටත්ව ගියේ ය. ටැන්සානියාවේ දින දෙකක්ද සීෂෙල්ස් හි දින දෙකක් ද ලෙස දින 4 ක් සංචාරය සඳහා ගත කෙරේ. දියුණු ශිෂ්ඨාචාර රටවල් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වැද්දා නොගන්නා තත්ත්වයක් තුල මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙකු නොගිය නොදියුණු අප්‍රිකානු රටවල මහින්ද රාජපක්ෂ සංචාරය කරයි. මීට පෙර ස්වාසිලන්තයේද, උගන්ඩාවේද මෙලෙස සංචාරය කෙළේය.
කෙසේ නමුත් මෙවර සීෂෙල්ස් දිවයිනේ සංචාරයක යෙදෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවෙන් සොරකම් කරන ලද මහජන මුදල් තැන්පත් කර ඇති එක් රාජ්‍යයක් නම් සී ෂෙල්ස් දිවයින නිසා බවත් ඒ ගැන සොයා බැලීම සඳහා එහි සංචාරය යොදා ගත් බවත් අරලියග මන්දිර අභ්‍යන්තර වාර්තා කරුවෝ පවසති. මහින්ද රාජපක්ෂ පමණක් නොව මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී.ජයසුන්දරගේ කොමිස් මුදල්ද තැන්පත් කර ඇත්තේ සීෂෙල්ස් දිවයිනේ බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ නැති දින 4 අතරේ ගෝඨාභය හමුවීමට එන පාකිස්ථාන හමුදා ප්‍රධානී පර්වේස් කයානි ද දින 4 ක් ලංකාවේ ගත කරනු ඇත.
ලංකා ඊ නිව්ස් -2013.ජුනි.27, පෙ.ව.11.30)