මරු වැඩක් උනා....

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මන් දවස් දෙකකට කලින් කඩේකින් බඩු වගයක් ගත්තා. හැමදාම යන කඩේකුත් නෙමෙයි. එදාමයි ගියේ පොඩි සුපර්මාකට් මොඩල් එකෙ කඩයක්. මන් ගිහින් පොඩි පොඩි බඩුටිකක් ගත්තා. ඔය අතරේ සන්ක්වික් පොඩි එකකුත් තිබ්බා. ඒක බිල් කාරද්දි මුදලාලිට ගාන පෙන්නෙ නැතුව මම ගාන බලල කිව්ව 490යි කියල මන් කිව්වෙ. කොහොම හරි බඩු ටික අරන් මාත් කලබලෙන් ආව ඉතුරු සල්ලිත් අරගෙන ගනන් කලේ නෑ එහෙම්ම සාක්කුවෙ දාගෙන ආව මොකද ඉඩමෙ වැඩ කරන අයට තේ දෙන්න ඕන බඩු ටිකක් ගත්තෙ.
    කොහොම හරි ඊට පස්සෙ අද ඉඩමට ගිහින් එන ගමන් ඔය කඩේට ගොඩ උනා ක්‍රීම් ක්‍රැකර් එකක් ගන්න ලෙඩෙක් බලන්න හොස්පිටල් යන්න. හොස්පිටල් යන්නෙ ගෙදර ගිහින් උනත් මන් එතනට ගොඩ වෙලා කලින්ම ඒක අරගන්න ගියේ.
    කොහොම හරි ක්‍රීම් ක්‍රැකර් එක අරන් කැශියර් එක ලගට එද්දි මුදලාලි වෙන කෙනෙක්ගෙ බිලක් හදන නිසා. ටිකක් බලන් ඉදියා මන් හිතුවෙ මගේ බිස්කට් එක විතරක් නිසා ටක් ගාල දාල දෙයි කියල. කොහොම හරි මිනිහා ටක්ගාල බිල දාල ඉවරවෙලා මාත් එක්ක හිනා වෙලා ඇහුවා බොස් ඔයා ඉයෙ පෙරෙදා ඇවිත් සන්ක්වික් එකකුයි බඩු ටිකක් අරන් ගියා නේද ඇහුවා. මන් කිව්ව ඔව් කියල. ආපු දවසත් කිව්වා. මන් හිතුවෙ පොර නිකමට අහනව කියල මතක් උන නිසා.
    ඊට පස්සෙ මිනිහා කියපි එදා සන්ක්වික් එකට මන් 790ක් බිල් කරා දන්නෙ නැතුව ඔයාගෙන් වැඩිපුර 300ක් අරන් කියලා. මන් කිව්ව මමත් ඔය කියනකන් දන්නෙ නෑ මාත් සල්ලි ගනන් කලේ නැතුව සාක්කුවෙ දාගෙන ගියපු නිසා කියල කොහොම හරි අද බිලෙන් රුපියල් 300ක් අඩු කලා.

    මන් ඉතින් ස්තූති කරලා ආවා.
    පොර මුස්ලිම් පොරක්. මට කියනවා අපිට ඒක හරියන්නෙ නෑලු වැඩියෙන් සල්ලි ගත්තම. මන් හිත හිතලු ඉදියෙ කොහොමද බොස්ව හොයාගන්නෙ කියල. එහෙම හිතපු නිසාලු අද බොස් කඩේට ආවෙ. හැමදාම එන්නෙත් නෑ නේද ඇහුවා. මාත් කඩේට ගියෙ දවස් දෙකයි අදත් එක්ක. එහෙම වැඩිවෙන සල්ලි පොර වෙනම තියන් ඉදලා හිගන මනුස්සයෙක් ආවම දෙන එකලු කරන්නෙ.

    මොනා උනත් දැන් ඉතින් ඒ කඩේට පුලුවන් හැම වෙලෙම යැවෙව්යි. මේ වෙච්ච වැඩෙත් එක්ක.

    බිස්නස් කරන උන්ට හොද පාඩමක්. :yes: :yes: :yes:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මට මතකයි අවුරුදු දහයකට විතර කලින් බස් ඒකක ගමේ උන් ඒක්ක ට්‍රිප් ඒකක් ගිහින් කෑම කන්න නැවත්තුවා කඩයක ගෑනියෙක් හිටියේ. ඇවිල්ලා සද්දේ දාලා කවුරුත් සල්ලි දීලා කෑම ගන්න සල්ලි න‌ොදී ඒකෙක්ටවත් දෙන්න ඒපා. කියලා හරිම අපහාසාත්මක විදියට ගිහිපු ස‌ෙට් ඒකට කතා කරා. මතක නෑනේ ක‌ොහෙද කියලා. :confused: අපි ගියා ව‌ෙන කඩේකට ඔඩර් දාලා කෑම ගත්ත උන් ඒකේ කෑවා කරන්න ද‌ෙයක් නැති කමට.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    math ehemai dawasak bite gatta bite eka atule 10 kasiyak tibba aye pahuwada bite ganna giyama mama kade kenata apahu 10 kasiya deela kiwa bite eke tibbe kiyala.apita mokatada anunge rupiyala unath.marena welawa hite naya tiyana marenna be
    ඔතන 1000 ක් තිබ්බා නම් උබ දෙයි 🤣🤣
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මොනා උනත් දැන් ඉතින් ඒ කඩේට පුලුවන් හැම වෙලෙම යැවෙව්යි. මේ වෙච්ච වැඩෙත් එක්ක.

    බිස්නස් කරන උන්ට හොද පාඩමක්. :yes: :yes: :yes:

    උබ වගේ උන් 10 දෙනෙක්ට ඔකා කරා නම් ඔය 10 දෙනාම ඔය කඩෙන් බඩු ගන්නෙ. ඔය අලුත් බිස්නස් ට්‍රික් එකක් ගොනො
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    math ehemai dawasak bite gatta bite eka atule 10 kasiyak tibba aye pahuwada bite ganna giyama mama kade kenata apahu 10 kasiya deela kiwa bite eke tibbe kiyala.apita mokatada anunge rupiyala unath.marena welawa hite naya tiyana marenna be

    Matath lux saban kateka thibilla rattatan kasiyak hambuna eka parak...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උබ වගේ උන් 10 දෙනෙක්ට ඔකා කරා නම් ඔය 10 දෙනාම ඔය කඩෙන් බඩු ගන්නෙ. ඔය අලුත් බිස්නස් ට්‍රික් එකක් ගොනො
    අපිට මාර්කටින් පාඩමකදී කියලා දුන්නා. හැමදේම 100% හරියට වෙනවට වඩා පොඩි වැරැද්දක් කරලා ඒක ටක්ගාලා හදලා දීලා කතා බහ කරලා කස්ටමර්ව අල්ලගන්න පුලුවන් කියලා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපිට මාර්කටින් පාඩමකදී කියලා දුන්නා. හැමදේම 100% හරියට වෙනවට වඩා පොඩි වැරැද්දක් කරලා ඒක ටක්ගාලා හදලා දීලා කතා බහ කරලා කස්ටමර්ව අල්ලගන්න පුලුවන් කියලා.
    Mokadda course eka poddak kiyapan
     
    😅 අනිවා