මරු හෑල්ල.....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    බිලියනපති අම්බානිගේ හෑල්ල...
    මේ දවස් තුන ලෝකයේ කෙසේ වෙතත් ඉන්දියාවේ මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ අම්බානි පවුලේ දැවැන්ත මගුල් ගෙදර. මගුල කිව්වට මොකදමේක මගුලමත් නෙවෙයි. මගුලට කළින් කෙරෙන දින තුනක මහෝත්සවයක්.
    මේ මගුල දිහා බලන කොට ලෝකය ගැන සුවිශේෂි කරුණක් පිළිබඳව විග්‍රහයකට එන්න පුළුවන්. ඒක කාලයක් තිස්සේ ලියන්න හිටියත්, මේ මගුල ඒ ගැන හොඳ උදාහරණයක් නිර්මාණය කළා. ඒ නිසා ඒක අල්ලලාම මේ ගැන කතා කරමු.
    ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය ඇවිත් වැඩි කාලයක් නෑ. මිනිසා ලෝකයට බිහි වෙලා තවමත් වසර මිලියන 2 යි. ඒ දෙනෙක් අපි හෙවත් හෝමෝ සේපියන්ස්ලා බිහි වෙලා ආසන්නව අවුරුදු ලක්ෂ 2 යි. එදා සිට මෙතක් අපි විවිධ පරිපාලන ක්‍රම වලට මිනිස් සමාජය සංවිධානය කර ගත්තා. දඩයම් කරන, ආහාර එකතු කර ගන්න මිනිසාගේ ගෝත්‍රික සමාජයක ඉඳලා අද දක්වා ආපු ගමනේ ඒ සංවිධානය වීම් වෙනස් උනා. පරිවර්තනය උනා. මිනිසා එක්කම මිනිසාගේම ඕනෑ එපා කම් එක්ක ඒවා පරිණාමය උනා කිව්වොත් ඒක වඩා නිවැරැදියි.
    මේ අතරේ අපි රාජ්‍යයන් ලෙස සංවිධානය වීම අරඹන්නේ මීට වසර 5000 කට පමණ පෙර. මේ රාජ්‍යයන් බිහිවීමත් සමග රජ සහ ප්‍රභූ පැලැන්තියක් නිර්මාණය වෙනවා. විශාල වස්තුවක් සහ දේපළකට උරුම කම් කියන, ආජයේ ඉහළින්ම වැජඹෙන මේ ප්‍රභූ පැළැන්තිය තමයි ඒ රටේ සැපයෙන්ම ජීවත් උනේ. ඉතිං මේ රාජ පැළැන්තිය සමහර විට අධිරාජ්‍යයන් හදා ගත්තා. රජවරුන් අධිරාජ්‍යවරුන් විශාල ධන්ස්කන්ධයක් රැස් කරගෙන සමාජයේ අඩුම ආර්ථික හා සමාජ මට්ටම තියෙන අයට වඩා ඉහලින් සිටියා. මේ රාජාණ්ඩු ක්‍රමය තමයි යුරෝපයේ දී ක්‍රමයෙන් නැති වෙලා ගිහින් ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙන්නේ. මේ රාජාණ්ඩු බිඳ දමන්න අර ශතවර්ෂ ගණනාවක් පීඩාවට පත් උන, පෑගුණ මිනිස්සු කටයුතු කළා, විප්ලව කලා. ඉංග්‍රීසි විප්ලවය, ප්‍රංශ්‍ර විප්ලවය, ඇමෙරිකානු නිදහස් සටන, වගේම රුසියානු විප්ලවය පවා ඇති වෙන්නේ ඒ රාජාණ්ඩු ක්‍රමය පරද්දන්න. ඒත් ඒ වන විට පරම්පරා ගණනාවක් රැස් කර ගත් දේපළ හා වස්තුව නිසා මේ අවසාන රාජ පරම්පරා වල පුරුක් විශාල ධන කුවේරයන් බවට පත් වෙලා හිටියා.
    මේ අලුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ඇතුලේ නිදහස් වෙළෙඳපොළ නිර්මාණය වෙනවා. ඕන මිනිහෙකුට තමන්ගේ දක්ෂතාවය මත ධනය උත්පාදනය කර ගන්න අවස්ථාව ලැබෙනවා. ඒවා ඔස්සේ ව්‍යාපාර ගොඩ නැගෙනවා. නව නිර්මාණ බිහි වෙනවා. කාර්මික විප්ලව ඇති වෙනවා. ගෝලීය වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය වෙනවා. ඒ ඔස්සේ විශාල ලෙස ධනය රැස් වෙනවා. ඒ ධනය සීමිත පිරිසක් අතේ එකතු වෙනවා. පාලකයෝ විදියට පිරිසක් ඡන්දයෙන් පත් වෙනවා. මේ පාලකයන්ට හොරා කෑවේ නැත්නම් ධනය උපදින ක්‍රමයක් නෑ. එක්කෝ ඔවුනුත් ව්‍යාපාර කරන්න ඕනේ.
    මේ ඇති උන ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයේ හැම තැනම පැතිරෙනවා. බොහොම පොඩි රටවල් කීපයක් ඇරුණු කොට ලෝකය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික නිදහස, ගෝලීය වෙළෙඳපොළ එක්ක එකම ආර්ථිකයක බැඳෙනවා. මේක විශාල ධනය උත්පාදනය වෙන උල්පතක් බවට පත් වෙනවා. අර මුල් ව්‍යාපාරික පරම්පරාවලතේ ගැවසෙන මුදල් ප්‍රමාණය ඉහළ යනවා. ඔවුන් ආයෝජකයන් බවට පත් වෙනවා. ඒ වගේම ඕනේම කෙනෙකුට ව්‍යාපාර කරලා ධනය රැස් කර ගන්න නිදහස තියෙනවා. ඒ රැස් කර ගත් ධනය ආයෝජනය කරලා තවත් වර්ධනය කර ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ ඔස්සෙ ගිහින් ලෝකයට බිලියනපතියන් බිහි වෙනවා.
    අර රාජාණ්ඩු කාළේ හිටපු සිටු වරු වරු ප්‍රභූ වරු වගේ ගාණට මේ නූතන ලෝකයේ පිරිසක් පත් වෙනවා. ඔවුන් දැවැන්ත ව්‍යාපාර වල අයිති කරුවන්, ආයෝජකයන්. බිලියන පතියන්.
    රජ කාලේ වගේම විශාල මාළිගා වගේ නිවාස වල ඔවුන් ඉන්නේ. ඒ කාලේ වගේ ලෝකයේම තියෙන ඉහළම සැපය මේ ධානපතියන් විදිනවා. පුද්ගලික ගිවන් යානා, මහා මන්දිර ආදිය කෙළවරක් නෑ. ඔවුන් පාලකයන් නොවුනට ලෝකය පාලනය කළ මට්ටමකට එනවා.
    ඒ කාලේ ලොකුම නාට්‍යාංගනාවෝ රජතුමාගේ උත්සවේට නටන්න ඇති. අද ඒක ධානපතියන්ට කරන්න පුළුවන් වෙලා.
    අම්බානිගේ මගුල් ගෙදරත් ඒ වගේ.
    ඩොලර් බිලියන 115 ක ධනයක් ඇති ඔහුගේ මගුලේ නටන්නේ ලෝකේ ලොකුම සල්ලි හිමි නළුවෙක් වෙන ඩොලර් මිලියන 800 ක පමණ ධනයක් හිමි ශාරුක් ඛාන්. අම්බානි ලඟ ඔහු අඟුටු මිට්ටෙක්. අම්බානිගේ මගුලට එන්නේ බිල් ගේස්ට්, මාර්ක් සකර්බර්ග් වගේ ගෝලීය බිලියන පතියෝ. නටන්නෙ සිංදු කියන්නේ අන්තර්ජාතික සුපර් ස්ටාර්ස්ලා, රිහානා ලා. කිසිම වේදිකාවක එකට නොදැක්ක සලමන්, අමීර් සහ ශාරුක්ට එකට නටන්න උනා අම්බානි නිසා.
    රජ කාලේ ලෝකේ අධිරාජයෙකු කරන මට්ටමේ මගුලක් කන්න අම්බානිට රජයේ සහයත් ලැබෙනවා. කොටින්ම කියනවා නම් මගුල පැවැත්වෙන නගරයේ තිබෙන ගුවන් හමුදාවට අයත් ගුවන් තොටුපොළ දින දහයක් වෙනුවෙන් අන්තර්ජාතික ගුවන් තොටුපොළක් බවට පත් කෙරෙනෙවා.
    මේ ආකාරයට ලෝකයේ හැම රටකම විශාල ධාන පතියන් රාජ්‍යත්වයට පත් නොවුනත්, ධනයෙන් ඒ තත්ත්වයට සමාන තත්ත්වයක් භුක්ති විඳිමින් ඉන්නවා.
    අර රජ කාලේට වඩා වෙනස තමයි ඕනෙම කෙනෙකුට මේ තත්ත්වයට පත් වෙන්න වෙළෙඳපොළ ඔස්සේ පුළුවන් වීම. තමන්ගේ ජීවිත කාලය තුල නැතත් තමන්ගෙම ඊළඟ පරම්පරාව හරි ඒ තත්ත්වයට ගෙනි යන්න පුළුවන්.
    දවසක් එයි රාජ්‍යයට වඩා මේ පිරිස් ප්‍රභල වෙන. රෝබෝ තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය, අභ්‍යාවකාශ තරණය, කෘතිම බුද්ධිය ආදිය පුද්ගලික වෙළෙඳපොළ ඔස්සේ තවත් කල් යනවිට තව තවත් ධනය මිනිසුන් කීපදෙනෙක් අතරට පත් කරාවි. ඒ ඔස්සේ ඔවුන් ලෝකය තමන්ට ඕනේ විදියට නටවන්න උත්සහ කරාවි. එදාට මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයත් අවසන් වෙයි.
    මේ ක්‍රමයටත් විරුද්ධව මිනිසුන් විප්ලව කරාවි. ඒ විප්ලව වල අපිට මුහුණ දෙන්න වෙන්නේ මිනිස්සුන්ට නොවෙන්න ඉඩ තියෙනවා. ඒ චන්ද්‍රිකා මගින් පාලනය වෙන රොබෝවරුන්ට වෙන්න පුළුවන්. මේක එච්චර දුර නෑ කියලා ඔබට හිතේවි.
    ඔව්, මේක විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි.
    තව දශකයකින් දෙකකින් යතාර්ථය!
    පැතුම් කර්නර් #හරිත
    #පැතූනොමික්ස්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,481
    113
    Happy Fernando Alonso GIF by Morphin
     
    • Love
    Reactions: dayt0na