මලක්-වගේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලක් වගේ පිපී එන්න හෙට උදේම නැගිටලා...
    කියා යැව්ව SMS ඇගෙ අම්මට අහු වෙලා......
    දුන්නා නේද කෝල් එකක් අපෙ ගෙදරට බය වෙලා...
    සතියක් මට පාරෙ යන්න බෑ Adress නැති වෙලා...


    කියා ‍ගන්න බැරි තරමට ආදර හිත් පීදිලා......
    එයා නිසා මගෙ ලෝකේ රෑටත් ඉර පායලා.....
    මෙහෙම ගෙවෙන ජීවිතේට තව බාල්දි සෙට් වෙලා...
    3rd world war තරමට මගෙ ලව් එක ‍පැටලිලා......

    අයියෝ....

    හැන්දෑවට අත් අල්ලං පාරෙ යන්න බෑ.....
    බස් හෝල්ට් වල මුල්ලක පෙම් සුව ලබන්න බෑ.....
    අඩුම ගානෙ ආදරේට ලං වෙන්නත් බෑ.....
    කොහෙං ආපු නීතිද මේ මට තේරෙන්නෑ......

    පාක් එකට යන්න බෑ
    බීච් එකට යන්න බෑ......
    කොහේ ගියත් මේ checkpoint
    මග අරින්න බෑ............

    අතින් අල්ල ගන්න බෑ...
    ඈට හාදු දෙන්න බෑ.....
    අම්මා ගහයි අහු උනොතිං
    ඉදලා වැඩක් නෑ..........

    ඉදලා හිටලා Week end වල පාක් එකක ඇවිදලා...
    මතකෙට එයි එයා එක්ක ගෙවුන කාලෙ සැනසිලා...
    තව පොඩ්ඩක් මෙහෙට වෙලා ඉන්න සුදූ ලං වෙලා.....
    කිව්ව ගමං විසිල් පාර security තැන පොර වෙලා......

    පාක් එකට යන්න බෑ
    බීච් එකට යන්න බෑ......
    කොහේ ගියත් මේ checkpoint
    මග අරින්න බෑ............

    අතින් අල්ල ගන්න බෑ...
    ඈට හාදු දෙන්න බෑ.....
    අම්මා ගහයි අහු උනොතිං
    ඉදලා වැඩක් නෑ..........

    සන් සෙට් එක බලන ගමං බීච් එකේ තනිවෙලා...
    හිතේ තියෙන Romantic ම ෆීලිං Express කලා....
    කුඩේ ඉහල ගත්ත ගමං කාකි සූට් මතු වෙලා....
    දැම්මා නේද පොලීසියේ අම්මලාව ගෙන්වලා.....//

    පාක් එකට යන්න බෑ
    බීච් එකට යන්න බෑ......
    කොහේ ගියත් මේ checkpoint
    මග අරින්න බෑ............

    අතින් අල්ල ගන්න බෑ...
    ඈට හාදු දෙන්න බෑ.....
    අම්මා ගහයි අහු උනොතිං
    ඉදලා වැඩක් නෑ..........