මලක සුවද කොහි ඇතිද

Apr 8, 2011
569
117
0
හෙළදිව
මලක සුවද කොහි ඇතිද

ඇවැත්නි,
"නෙළුම් මලක් හෝ උපුල් මලක් හෝ මානෙල් මලක් හෝ පිපී සුවද හමයි. යමෙක් ඒ සුවද ආඝ්‍රාණය කොට,
මේ සුවද තිබෙන්නේ පෙතිවල යැයි කියතොත් ඒ කීම හරිද?"

"වැරදීයි ස්වාමීනී"

"මේ සුවද රේණු වල යැයි කියතොත් ඒ කීම හරිද?"

"ඒත් වැරදීයි ස්වාමීනී"

"මේ සුවද පාටෙහි යැයි කියතොත් ඒ කීම හරිද?"

"ඒත් වැරදීයි ස්වාමීනී"

ඒසේනම් ඇවැත්නි, ඒ සුවද පවතින්නේ කොහිද?

"ස්වාමීනී, ඒ සුවද පවතින්නේ මුළු මලෙහිමයි"

ඇවැත්නි, පංචස්කන්දයත් එබදුයි.
එහි රූපයෙහි දුක ඇතැයි මම නොකියමි.
වේදනාවේ දුක ඇතැයිද නොකියමි.
සංඥාවේ දුක ඇතැයිද නොකියමි.
සංස්කාරයන්හි දුක ඇතැයිද නොකියමි.
විඥානයෙහි දුක ඇතැයිද නොකියමි.
දුක පවතින්නේ මුළු පංචස්කන්ධයෙහිමය.

සංයුක්ත නිකාය - ඛේමක සුත්‍රය.
 
  • Like
Reactions: Mozilla

SLSUN

Member

සම්මුතිය හා පරමාර්ථ -පටිච්ච සමුප්පන්න තාවය- තේරුම් කරගන්න හොද උදාහරණ සහිත සූත්‍රයක් ගොඩාක් පිං සහෝසරය බුදුසරණයි