කවදාවත් තටමන්න එපා. ඒකෙන් ලෙඩ ගොඩක් හැදෙනවා.
ඔයාගේ බඩවැල් වල හරි ගුද මාර්ගයෙ හරි මොනවත් බ්ලොක් එකක් නැත්නම් ඒ කියන්නෙ ගෙඩි, හීන් වීම් වගේ දේවල් නැතිනම් මළ පිටවීම සිද්ධ වෙනවා. එහෙම බ්ලොක් එකක් නැහැ කියන එක එන්ඩෝස්කොපි එකෙන් සහතික වෙලා ඉවරයි. බොහෝ දෙනෙකුට මළ පිටවීම දෛනික සිද්ධියක් වුණාට එහෙම නොවන අයත් ඉන්න පුළුවන්. ඒ හැම දෙනෙක්ම මළ බද්ධ රෝගීන් නෙවෙයි.
වැඩිය හිතන්න එපා. ස්ට්‍රෙස් කර ගන්න එපා. උන්ට ඇතුලෙ ඉන්න එක එපා වුණාම උන්ම එළියට එනවා. රෑට මද රස්නෙන් උණු වතුර වීදුරුවක් බීලා නිදා ගන්න. සතියකට දවසක් දෙකක් ගස්ලබු විතරක් රෑට කන්න පුරුදු වෙන්න. උදේට නැගිටලත් වතුර වීදුරුවක් බීලා ගේ වටේ රවුමක් දෙකක් ගහලා ටොයිලට් යන්න. සාමාන්‍ය විදිහට ඉන්න. විනාඩි 10 කට වඩා ඇතුලෙ ඉන්න එපා. වැඩේ උනේ නැත්නම් ඕනේ මගුලක් කියලා එන්න. අද නොගියට හෙට යනවා.
වතුර බෝතල් හයක් ඒ කියන්නේ ලීටර් හතර හමාරක් දවසට බොන්න ඕනේ කියන එක තමා වෛද්‍ය නිර්දේශය. ඒච්චර වතුර බොන්න හෝස් එකක් කටේ ගහන් ඉන්න ඕනේ. ඒත් ලීටර් දෙකක් වත් බොන්න.
උදේ ටොයිලට් නොගියා කියන එක දවසේ වැඩ වලට බාධාවක් කරගන්න එපා.