බොහෝ විට මල බද්ධය ඇතිවීමට ප‍්‍රධානතම හේතු කීපයකි.
දියර වර්ග පානය නොකිරීම,
ශරීරයට අවශ්‍ය පරිදි ජලය පානය නොකිරීම,
තන්තු අඩංගු (කෙඳි) ආහාර නොගැනීම මේ අතර වේ.
මලබද්ධය යනුවෙන් අප හඳුන්වන්නේ උදරයේ පවතින්නා වූ වේලුනු ස්වභාවයයි. මලබද්ධය ඇති වූ විට සාමාන්‍ය අයුරින් මල පහ නොවේ. ඇතැම් විට මල පහ කිරීමේදී අධික වේදනාවක් ඇතිවේ. බොහෝ වේලාවක් වැසිකිළිය තුළ රැඳී සිටීමට ද සිදුවේ. මෙය මලබද්ධයෙ ස්වභාවයයි.
අප ගන්නා ආහාර කැබලි හා දියර වර්ග සියල්ල පේරීටීන, සීනි, මේදය සහ ඛනිජ ලවණ බවට පත්වී රුධිරවාහිනී තුළට උරාගනී.ආමාශයේ පවත්නා අම්ල හේතු කොට ගෙන ජීරණය වූ ආහාර කුඩා අන්ත‍්‍රවලදී අවශෝෂණය කර ගනී. ඉන් අනතුරුව ඉතිරි වන්නා වූ කෙඳි සහිත ආහාර කොටස් සහ තවත් කැඩී බිඳී ගිය රුධිර සෛල පිත්ත වර්ණක සහ ජලය මහාන්ත‍්‍ර‍්‍රය සංකෝචනය වීමේ දී ගුදය දෙසට තල්ලු වී යයි. මේ මලපහ වල ඇති ජලය මහාන්ත‍්‍රයට උරා ගැනීම නිසා මලපහ තව තවත් ඝන බවට පත් වේ. මේ ඝන බවට පත් වූ මලපහ මෘදු බවට පත් කරන්නේ එහි ඇති තන්තු ප‍්‍රමාණයයි.
දිනපතා අප පානය කරන්නා වූ ජලය අඩුවීම වෙහෙසවීම, ව්‍යායාම් කිරිම වැනි හේතු නිසා අධික ලෙස දහදිය පිටවීමෙන්් ශරීරය තුළ වියළි ස්වභාවයක් ඇතිවේ. එවිට තවත් මලපහ ඝන විය හැක. මෙවන් අවස්ථාවලදී මලපහ මෘදු කරන කෙඳි සහිත (තන්තු) ආහාර අප නොගන්නේ නම් මලබද්ධය ඇති විය හැක.
මේ අනුව පලතුරු, පළාකොළ, එළවළු සහ නිවුඩු හාල් වැනි ආහාර වර්ග ගැනීම, ඇති තරම් ජලය පානය කිරීම ව්‍යායාම් කිරීම මගින් මලබද්ධය ඇතිවීම වළක්වා ගත හැකිය.
Irritable Bowel Syndromc (IBS) නමැති රෝගී තත්ත්වය, ආමාශ ගත තුවාල, ඇපැන්ඩිසයිටීස්, දියවැඩියාව, පාචනය, කොඩේන් (Codein) නමැති වේදනා නාශක ඖෂධ භාවිතය යන ආදී රෝගී තත්ත්වයන් නිසා මලබද්ධය ඇති විය හැකිය.
මලපහ සමඟ රුධිරය පිටවීම අර්ශස් රෝගය නිසා විය හැක.විරේක ඖෂධ අනවශ්‍ය පරිදි වෛද්‍ය උපදෙස් වලින් තොරව ලබා ගැනීම නිසා මලබද්ධය ඇති විය හැක.
ඒ සඳහා ඖෂධ ලබා ගැනීමේදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබාගැනීම සුදුසුය.ඇතැම් අවස්ථාවලදී නිවසින් බැහැර දුර ප‍්‍රදේශයකට ගිය විටක ද මලබද්ධය ඇති වේ. මීට ප‍්‍රධානම හේතුව නම් අපගේ දින චරියාව වෙනස් වීමයි. කෙසේ වෙතත් මලබද්ධය සමඟ ශරීරයේ බර අඩුවීම සිදු වී ඇත්නම් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.
කෙසේ වුවද අධික ලෙස ජලය පානය කිරීම, තන්තු සහිත ශාක ආහාර උදා - බතල, මඤ්ඤොක්කා, මෑකරල්, බෝංචි, වැටකොලු, පතෝල වැනි එළවළු, ගස්ලබු වැනි පලතුරු දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් මලබද්ධය වළක්වා ගත හැක.
අරළු කුඩු, සෙනෙහ කොළ, රට ඉදි එකට අඹරා වරකට ග්‍රෙන්ස් හැටක් පමණ දවසට දෙවරක් ගැනීම.
වැල්මී කුඩු, අරළු කුඩු, සූකිරි, මුද්දරස්පලම්, එකට අඹරා ග්‍රෙන්ස් 30 සිට 60ක් උණු වතුර සමග ගැනීම.
කස කසා ඇට හොදින් ගරා වැලි ආදිය ඉවත් කර වියළා තබාගෙන දිනපතා මිටක් පමණ වතුරට දමා තියා බීමට.
තිරස්සවාළු, අරළු, නෙල්ලි, මුද්දරස්පලම්, සුකිරි සියල්ල චූර්ණ කර එකට අඹරා ග්‍රෙන්ස් 40-60 දක්වා උණු වතුරෙන් ගැනීම.
කතුරුමුරුංගා කොළ, කෙසෙල් මුව, කෙසෙල් බඩ, සමග පරිප්පු, බෙලි, මුදවාපු කිරි, ගස්ලබු, කෙසෙල් ගෙඩි, බතල ආදිය නිතර ආහාර වශයෙන් ගැනීම මල බද්ධයට හිතය.
අන්තර්ජාලයෙන් උපුටාගන්නාලද්දකි
Last edited:



