මල්ටිමීටරය භාවිතයෙන් ඩයෝඩයක් පරීක්ෂා කර&

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මල්ටිමීටරය භාවිතයෙන් ඩයෝඩයක් පරීක්ෂා කර&

    මල්ටිමීටරය භාවිතයෙන් ඩයෝඩයක් පරීක්ෂා කරමු

    පරිපථයක ධාරාවේ ගමන් මග පාලනය කරන ඩයෝඩය සම්බන්දයෙන් මීට පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කළ අතරම ඩයෝඩයන් කිහිපයක් යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරාවක් (AC) සරල ධාරාවක් (DC) බවට පරිවර්ථනය කරන ආකාරය සම්බන්ධයෙනුත් මීට ඉහතදී අප සාකච්චා කළා. මල්ටිමීටරයක් ආධාරයෙන් ඩයෝඩයක් ක්‍රියාකාරී මට්ටමේ තිබේදැයි යන්න නිරීක්ෂණ කරන ආකාරය පිළිබදව අද අප විමසා බලමු.

    Di_CHK.jpg


    ඉහත රූප සටහනේ A කොටසේ පරිදි මල්ටිමීටරයේ රතු අග්‍රය (+) ඩයෝඩයේ ඇනෝඩයටත් මල්ටිමීටරයේ කලු පැහැති පොදු අග්‍රය (-) ඩයෝඩයේ කැතෝඩයටත් සම්බන්ධ කර බලන්න. මෙහිදී මල්ට්මීටරයේ සිලෙක්ටරය ඕම්ස්මීටරයට අදාල අවම අගයට (x1) යොමු කරගැනීමද කළ යුතුය. මෙසේ සම්බන්ධ කිරීමේදී ඩයෝඩය පසු නැඹුරු වන අතර ඩයෝඩය නිසි ආකාරයෙන් ක්‍රියාකරන්නේ නම් ඩයෝඩය හරහා ධාරාවක් නොගැලිය යුතුය. එනම් මල්ටිමීටරයෙන් ඔබට ලැබිය යුත්තේ අනන්තය දක්වා දිවෙන ඕම්ස් අගයකි.

    එසේම ඉහත රූප සටහනේ B කොටසේ දැක්වෙන පරිදි ඩයෝඩයේ ඇනෝඩය වෙත මල්ටිමීටරයේ කලු අග්‍රයත් ඩයෝඩයේ කැතෝඩය වෙත මල්ටිමීටරයේ රතු අග්‍රයත් සම්බන්ධ කොට පාඨාංක ලබාගන්න. මෙහිදී ඔබට ඉතා අවම ප්‍රමාණයේ හෝ ශුන්‍ය මට්ටමේ ඕම්ස් අගයක් ලැබෙනුයේ මෙම අවස්ථාවේදී ඩයෝඩය පෙර නැඹුරු වී ඩයෝඩය හරහා ධාරාවක් ගලා යන බැවිනි.

    Di_CHK_LED.jpg


    ඉහත ආකාරයට ඉතා පහසුවෙන් ඩයෝඩයක් ක්‍රියාකාරී මට්ටමේ තිබේ දයි යන්න නිර්ණය කරගත හැකි අතරම මීට පෙර ලිපියක් මගින් අප සාකච්චා කළ ආලෝක විමෝචන ඩයෝඩයද (L.E.D.) මෙයාකාරයෙන්ම පරීක්ෂාකරගත හැකිය. එහිදී පෙර නැඹුරු අවස්ථාවේදී සාමාන්‍ය වර්ගයේ එල්.ඊ.ඩී යකින් නම් ආලෝකයක් නිකුත් වීමද සිදුවේ.

    from : http://slelectronic.blogspot.com/

    if u like rep +++

    :rofl::rofl::rofl::rofl::rofl: