මතක ඇති නේ ඒ කාලේ මල්ටි බැරල් රොකට් ලෝන්චර් ගැන කොච්චර ලොකුවට කතා වුනාද කියලා.දැනට තියෙන වෙපන් ටික ලංකාවට ගෙන්නත් කොච්චර කට්ටක් කන්න වුනාද කියලා උඹලා සමහර විට අහලත් ඇති.එල් ටී ටී ඊ සංවිධාන යුදමය වශයෙන් පරාජය කරන්න පකිස්තානය සෑහෙන්න උදව් කරලා තියෙනවා.එහෙම උදව් කරන්න හේතුව දශක කිහිපයක් පස්සට යන සිදුවීමක ප්‍රතිඵලයක් කියන්නත් පුලුවන්.අනූගණන් වල මුලදී එල් ටී ටී ඊ එක නැගෙනහිර පලාතේ මුස්ලිම් පල්ලිවලට ගහලා බර ගානක් සමූල ඝාතනය කරනවා.පකිස්තානය වැඩි වැඩියෙන් ලංකාවට උදව් කරන්න මේකත් හේතුවක් වෙන්න ඇති කියලා හිතන්න පුලුවන්.
2000 අවුරුද්දේ විතර කොටි යාපනය අල්ලන්න මෙහෙයුමක් පටන් ගන්නවා කියනවානේ.යාපනය අර්ධද්වීපය ඇතුලේ සෙබලුන් දහස් ගානක් කොටු වෙනවා මේකෙන්.ඒ කාලේ වෙද්දී ප්‍රධාන කඳවුරු කිහිපයක්ම නැති වෙලා,දරුණු විදියට පැරදිලා හමුදාවේ මොරාල් එහෙම අන්තිමටම වැටිලා තිබ්බ කාලයක්.යාපනය බේරගන්න නම් මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් ඕනේ කියන තැන හමුදාව හිටියා කියන්නේ.හැබැයි ඒකලේ බටහිර රටවල් කොටින්ට කත් ඇද්ද හින්දා ඒ වගේ බර අවි ලංකාවට ගෙන්න ගන්න නම් ලේසි වුනේ නෑ.ඒකයි චෙක් රටෙන් වුනත් මල්ටි බැරල් රොකට් ලෝන්චර් ගේන්න යද්දී එක එක කරදර කඩා පාත් වෙන්නේ.වෙපන් ටික ගේන්න පරක්කු වෙන්න වෙන්න කොටින්ගේ තර්ජනය වැඩි වුනා.අන්තිමට පක්කෝ තමයි උදව්වට ආවේ..ඒ කාලේ හිටියේ පර්වේෂ් මුෂාරෆ්,මිනිහා එක්ක කතා කරලා උන්ගේ හමුදාවේ තිබ්බ මල්ටි බැරල් රොකට් ලෝන්චර් ටිකක් ලංකාවට ගෙන්න ගන්න හමුදාවට පුලුවන් වුනා කියනවා.චෙක් රටෙන් RM-70 කියන රොකට් ලෝන්චර් එනකම් පකිස්තාන් බඩුවලින් තමයි ගහලා තියෙන්නේ.
පරණම BM-21 ග්‍රාඩ් රොකට් ලෝන්චර් එකක්
හුගක් රටවල් මල්ටි බැරල් රොකට් ලෝන්චර්ස් හදලා තියෙන්නේ මෙන්න මේ සෝවියට් ලෝන්චර් එක ෆලෝ කරලයි කියනවානේ.පක්කොත් උන්ගේම මල්ටි බැරල් රොකට් ලෝන්චර් එකක් හදනවා.ඒකට දෙන්නේ KRL 122 කියන නම.මේ තියෙන්නේ පාකිස්තාන් වර්ෂන් එක.
KRL 122 මල්ටි බැරල් රොකට් ලෝන්චර්
මේ වෙපන් එකේ පාවිච්චි කරන්නේ රොකට්.රොකට් සහ මිසයිල පටල ගන්න එපා.මිසයිලයක් නියමිත ඉලක්කයකට පහරදෙන්න පුලුවන් ගයිඩඩ් වෙපන් එකක්.ඒ කියන්නේ ඒකට පුලුවන් අපි දෙන ඉලක්කය හොයාගෙන යන්න.හැබැයි රොකට් එකකට එහෙම ඉලක්කය හොයාගෙන ගිහින් විනාශ කරන්න බෑ.ඒවා හරියට සාම්ප්‍රදායික කාලතුවක්කු උණ්ඩ වගේ.සාම්ප්‍රදායික කාලතුවක්කු උණ්ඩ කිව්වේ,එහෙම නැති ඒවාත් තියෙනවද?
ඔව් තියෙනවා.උදාහරණයක් විදියට කිව්වොත් ඇමෙරිකන් එක්ස්කැලිබර් උණ්ඩය..රුසියන් ක්‍රස්නොපොල් උණ්ඩය..ඇමෙරිකන් එක ජීපීඑස් ගයිඩඩ් රවුන්ඩ් එකක්.රුසියන් එක ලේසර් ගයිඩඩ් රවුන්ඩ් එකක්.
මෙහෙම කේස් එකක් අස්සේ එන්නේ එක්ස්කැලිබර් උණ්ඩ කියලා කියනවා
RM-70 වෙපන් එක ලංකාවට ලැබෙන එක නවත්වන්න සමහර රටවල් පුද්ගලයෝ සංවිධාන උත්සහ කලේ ඇයි?
RM-70,BM-21 වගේ මල්ටි බැරල් රොකට් ලෝන්චර්වලට කියන්නේ රොකට් ආටිලරි කියලා.මේ රොකට් ලෝන්චර් එකෙන් ලබා දෙන්න පුලුවන් වෙඩි බලය සෑහෙන්න වැඩියි.ඒ වගේම සෑහෙන්න දුරක තියෙන ඉලක්කයට පහර දෙන්නත් පුලුවන්.එක වර සෑහෙන්න ප්‍රදේශයක් විනාශ කරන්නත් පුලුවන්.අනිත් එක රොකට් ලෝන්චර් තියෙන්නේ වීල් චැසියක නිසා රොකට් ටික ලෝන්චර් කරපු වහාම එතනින් ඉවත් වෙන්න පුලුවන් සුළු වෙලාවක් ඇතුලත.ඒකේ තියෙන වාසිය මොකක්ද කියලා දැන් හිතෙනවා ඇති.
සතුරා අපිට වඩා තාක්ෂණය අතින් ඉහල තැනක ඉන්නවා නම් උන් ගාව counter-battery radar කියන ගවුන්ඩ් බේස් රේඩාර් පද්ධති තියෙන්න පුලුවන්.ඒකෙන් කරන්නේ අපි,උන්ව ඉලක්ක කරලා ආටිලරි ,රොකට්,මෝටාර් ගහන්නේ කොතැන ඉදලද කියලා ගණනය කරන එක.එතකොට උන්ට පුලුවන් අපේ වෙපන් එක තියෙන තැනට හෝ ඒ අවට ප්‍රදේශයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න.ඒකේදී අපේ වෙපන් එකට,සෙබලුන්ට හානි වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
හැබැයි එහෙම කවුන්ටර් බැටරි ෆයර් එකක් දෙන්න නම් සතුරා දිගු දුර ප්‍රහාරක අවි තියෙන්න ඕනේ.එක්කෝ කාලතුවක්කු නැත්නම් මල්ටි බැරල් රොකට් ලෝන්චර්.යුක්‍රේනයට හම්බ වුන M777 ,HIMARS වගේ ඇමෙරිකන් වොන්ඩර් වෙපන්වලට පුලුවන් කි.මී. 30ට ඈතින් තියෙන ඉලක්ක වලට ගහන්න.ඒකයි රුසියන් හමුදාවේ මේ වෙපන් දෙක දඩයම් කරන්න සෑහෙන්න මහන්සි වෙන්නේ.මේ වෙපන් දෙක විනාශ කිරීම උන්ගේ පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් වෙන්නේ ඒ හින්දා.
කවුන්ටර් බැටරි රේඩාර් තාක්ෂණය ලොකු දියුණුවක් ලැබුවා කියන්නේ 1970 දශකයේදී.කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වුනොත් ඒක ලෝන්ච් කලේ කොහෙන්ද කියලා කියන්න තරම් හැකියාව ඒ කාලේ ඉදලා තිබිලා තියෙනවා.හැබැයි මේ තාක්ෂණය ඒ කාලේ තිබිලා තියෙන්නේ ඇමෙරිකාව වගේ බටහිර රටවල් කිහිපයක් සතුව විතරයි.මෙන්න බයි සීයා යුක්‍රේන හමුදාවට එවපු AN/TPQ-36 කියන කවුන්ටර් බැටරි රේඩාර් සිස්ටම්.මේවා ලංකාවේ හමුදාවත් භාවිතා කලා.ට්‍රැකින් රේන්ජ් එක උපරිම කි.මී. 24ක් වෙනවලු.
කවුන්ටර් බැටරි ෆයර් එකක් මොනවගේද කියලා මේ වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන්.මෙතනදී රුසියන් Tos-1 මල්ටි බැරල් රොකට් ලෝන්චර් එකෙන් රොකට් එකක් මුදා හරිනවා.ලෝන්ච් කිරීමෙන් පස්සේ මිනිත්තුවක් ගත වන්නට පෙර ප්‍රති ප්‍රහාරයක් එල්ල වෙනවා.මේක බොහෝවෙලාවට මෝටාර් එකක් වෙන්න පුලුවන්.Tos-1 වගේ වෙපන් එකක් පාවිච්චි කරන එකේ තියෙන අවදානම තමයි,ඒකේ රොකට්වල තියෙන ෆයරින් රේන්ජ් එක කි.මී. 10 ඉක්මවා යන්නේ නෑ.මම කියන්නේ රොකට් ගහන්න පුලුවන් උපරිම දුර ඕක.යුක්‍රේන් කවුන්ටර් බැටරි ෆයර් වලින් හුගක් මිසයිල ලෝන්චර් විනාශ වෙන්නේ මේ නිසා.ෆයරින් රේන්ජ් එක අඩු නිසා ආපහු කන්න තියෙන අවදානමත් වැඩියි.
අපි සතුරන්ට ආටි ගහද්දී කොහොමද සතුරන්ගේ කවුන්ටර් බැටරි ෆයර් එකකින් බේරෙන්නේ? බලන්න මේ වීඩියෝ එක.
මේකේ වෙන්නේ යුක්‍රේන් ආමි එකේ ආටි ටීම් එකක් සිම්පල් ආටිලරි ටැක්ටික් එකක් ෆලෝ කරන හැටි.මේකට කියන්නේ shoot and scoot කියලා.ගැහුවා මාරු වුනා.කාපු බීපු තැන්වල වැඩි වෙලා ඉන්න හොඳ නෑ කියනවානේ.ගහපු ගමන් අකුලගෙන දුවන්නේ ඒකයි මේ.ලංකාවේ තියෙන RM-70 රථයක් ගත්තොත් ඒකට ඉලක්කය අරන් ,රොකට් ලෝන්ච් කරලා එතනින් ඉවත් වෙලා යන්න පුලුවන් මිනිත්තු 3ක් ඇතුලත.
මේකත් බලන්න.යුක්‍රේනයට ඇමෙරිකාවෙන් හම්බ වුන වොන්ඩර් වෙපන් එකක් මේ තියෙන්නේ.ඇමෙරිකන් M777 හොවිත්සර් එකක්..මෙතන වෙන්නෙත් ගැහුවා මාරු වුනා වැඩේම තමයි.
යුක්‍රේනයට ලෝන්ග් රේන්ජ් වෙපන් ලැබෙනවාට රුසියාව අකමැති මේ හින්දා තමයි.එහෙම වෙපන් වලින් සතුරු සීමාවෙන් පිටිපස්සේ තියෙන ටාගට් වලට ගහන්න වගේම කවුන්ටර් බැටරි ෆයර් කරන්නට ඉඩ ලැබෙනවා.රුසියන් ආමි එක 2A36 කියන ආටිලරි එක පාවිච්චි කරන හැටි තමයි මේ තියෙන්නේ.මේකේ ෆයරින් රේන්ජ් එක කි.මී. 30-40 වගේ තියෙන හින්දා කවුන්ටර් බැටරි ෆයරින් වලටම කියාපු භාණ්ඩයක් තමයි.
කවුන්ටර් බැටරි රේඩාර් තාක්ෂණයේම දියුණුම අවස්ථාවක් තමයි ඊශ්‍රායලයේ අයන් ඩෝම් මිසයිල වල රේඩාර් පද්ධතිවල යොදාගන්නේ.ඔවුන් සතුව තියෙන ග්‍රවුන්ඩ් බේස් රේඩාර් වලට කියන්න පුලුවන් නානලා එල්ල කරන රොකට් ප්‍රහාර පතිත වෙන ස්ථාන.එහෙම ගණනය කරලා තමයි හානිය අඩු තැන්වලට වැටෙන රොකට් මග හැර ,හානිය වැඩි ජනාකීර්ණ ස්ථානවලට පතිත වෙන රොකට් විතරක් තෝර ගෙන ඒවා අහසේම විනාශ කරන්නේ.රොකට් ,මිසයිල ඇරුණම ආටිලරි රවුන්ඩ් එහෙම ටාගට් කරන්න මේ වෙපන් සිස්ටම් එකට පුලුවන් කියලයි කියන්නේ.ආටිලරි රවුන්ඩ් කියන්නේ ට්‍රැක් කරලා විනාශ කරන අමාරුම ටාගට් එකක් කියලා මතක තියාගන්න.මොකද ඒවාට සෑහෙන වේගයකින් ඉලක්කයට ලගා වෙන්න පුලුවන්.රොකට් එකක් වගේ ලේසි ටාගට් එකක් නම් නෙමෙයි ආටි කියන්නේ.
ආයෙත් අපේ මාතෘකාවට හැරෙමුකෝ..හැබැයි රොකට් ලෝන්චර්වල අවාසිත් තියෙනවා.එකක් තමයි මේවාට පාවිච්චි කරන රොකට් වල මිල.තත්තපර 30කට අඩු කාලයක් තුල රොකට් 40 ලෝන්ච් කරනවා.සාමාන්‍ය කාලතුවක්කු උණ්ඩයක් එක්ක බලද්දී රොකට් එකක මිල වැඩියි.කාලතුවක්කු උණ්ඩයක් ඩොලර් 1000 -2000 වගේ මිලකට යන්නේ.කාලතුවක්කුවලින්
මිනිත්තුවකට සාමාන්‍යයෙන් උණ්ඩ 2-3ක් වගේ තමයි ලෝන්ච් කරන්නේ.
ලෝන්චර් එකට රොකට් රීලෝඩ් කරන්න ගත වෙන කාලයත් සාමාන්‍යයෙන් වැඩියි.
කාලතුවක්කු කියන වෙපන් එක ප්‍රධාන වර්ග 3කට බෙදෙනවා.
1.Gun/Cannon
2.Howitzer
3.Mortar
ඔය තුනෙන් දැන් තියෙන හමුදාවන් බහුලවම පාවිච්චි කරන්නේ මෝටාර් සහ හොවිත්සර් කියන ඒවා.පළවෙනියට කිව්ව ගන් එක දැන් ඉතුරු වෙලා තියෙන්නේ යුද ටැංකිවල විතරයි.යුද ටැංකි වල මේන් ගන් එක ඔය පළවෙනි ටයිප් එකේ තමයි.මොකද ඒකෙන් ගහන්න පුලුවන් අපිට පේන ඉලක්ක වලට විතරයි නේ.අපිට නොපෙනෙන ඉලක්ක වලට ගහන්න තමයි 2 සහ 3 පාවිච්චි කරන්නේ.මේ දෙකෙන් ලෝන්ච් කරන උණ්ඩයක ගමන් පථයේ මේ වගේ ලොකු ඈන්ගල් එකක් තියෙනවා.එතකොට කන්දකින් එහා පැත්තේ ඉන්න එකෙකුට වුනත් ගහන්න පුලුවන් නේ.
මේ තියෙන්නේ 1999 කාර්ගිල් යුද්ධයේදී ඉන්දියන් හමුදාව කඳුකර සටන් සඳහා හොවිත්සර් වෙපන් පාවිච්චි කරපු හැටි.
හෑලි වැඩි වගේ නම් අපි දැන් ත්‍රෙඩ් එක ඉවර කරමු නේ..ඔන්න අන්තිම ටික
සෝවියට් මල්ටි බැරල් රොකට් ලෝන්චර් ගැන දන්න අය දන්නවා ඒවායේ තියෙන වෙඩි බලය.ග්‍රාඩ් රොකට් ලෝන්චර් වලින් ගහලා තමයි චෙච්නියාවේ නානලාගේ තෙල බැස්සුවේ.දෙවනි චෙච්නියන් යුද්ධයෙන් පස්සේ ග්‍රොස්නි නගරයට අත්වෙච්ච විනාශය ගැන හොයලා බලන්න. ළඟකදී යුක්‍රේනයේ මරියපෝල් නගරයට රුසියන් ආමි එක සලකපු හැටි දකින්න ඇතිනේ.ග්‍රාඩ් රොකට් ලෝන්චර්වලදී රොකට් වර්ග කිහිපයක් පාවිච්චි කරන්න පුලුවන්.වැඩිපුරම මේවායින්
ගහන්නේ "HE-FRAG" කියන වෝර්හෙඩ් තියෙන රොකට්.මේ ජාතියේ රොකට් වලින් විශාල පිපිරීමක් ඇති කරනවා වගේම පිපිරීම සමග විසිවෙන ලෝහ කොටස්වලින් අවට ඉන්න අයට මාරාන්තික තුවාල සිද්ධ කරනවා. (HE-FRAG = High Explosive - Fragmentation)
ඔන්න දැන් තමයි ත්‍රෙඩ් එකේ මාතෘකාවෙන් කිව්ව වීඩියෝ එක අපි බලන්න යන්නේ.ඒක බලලමු ඉමුකෝ.
කියන විදියට මේ ඉන්නේ යුක්‍රේන් ආමි එකේ සෙට් එකක්..ඔවුන් ඉන්න තැනට පතිත වෙන්නේ රුසියන් මල්ටි බැරල් රොකට් ලෝන්චර් එකකින් ලෝන්ච් කරපු රොකට්..මේවා HE-FRAG වර්ගයේ රොකට්.මේ වීඩියෝ එක අන්තර්ජාලයට එකතු වුනාට පස්සේ යුක්‍රේන් ෆෑන්ස්ලා කලේ මේක රුසියන් හමුදාවට යුක්‍රේන් ආමි එකෙන් ගහපු අවස්ථාවක් කියලා වීඩියෝ එක ෂෙයාර් කරපු එක.රොකට් එකේ දිග බැලුවම මේක එක්කෝ ග්‍රාඩ් රොකට් ලෝන්චර් එකේ මි.මී. 122 රොකට් එකක් හෝ උරගන් රොකට් ලෝන්චර් එකේ මි.මී. 220 රොකට්ටුවක් වෙන්න පුලුවන් කියලා අනුමාන කරනවා.
Last edited: