මල්ලක දාගෙන නුගේගොඩ රැලියේ වේදිකාවට ගෙනා උදිතගේ පිස්තෝලය අත්අඩංගුවට 💥💥💥 🔫

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,459
    8,612
    113
    Udita-860x586.jpg



    නුගේගොඩ පැවති විපක්ෂයේ විරෝධතා රැලියකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකුව සිටි උදිත ලොකුබණ්ඩාර මහතා වේදිකාව මත ගමන් මල්ලක් තුළ සඟවා ගෙන සිටි පිස්තෝලය නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (25 දා) අත්අඩංගුවට ගෙන ඇත.

    විශාල මහජනතාවක් රැස්ව සිටි ස්ථානයක වේදිකාවක් මත පිස්තෝලයක් සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාව මත උදිත ලොකුබණ්ඩාර මහතාගෙන් පොලිසිය පෙරේදා ප්‍රශ්න කර ප්‍රකාශයක් ද ලබා ගෙන තිබේ.

    පොලිසිය පවසන්නේ මෙම පිස්තෝලය අත්අඩංගුවට ගත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි උදිත ලොකුබණ්ඩාරට අයත් නිවසේදී බවයි. පිස්තෝලය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊට බලපත්‍රයක් නොතිබූ බව ද පොලිසිය පවසයි.

    උදිත ලොකුබණ්ඩාර සතුව ලියාපදිංචි පිස්තෝලයක් සහ රිවෝල්වරයක් තිබී ඇති අතර එම අවි දෙකම මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදී තිබිණි. එම අවි භාරදී තිබුණේ ලියාපදිංචි පිස්තෝල සහ ගිනිඅවි ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාරදෙන ලෙස කර තිබූ නියෝගය අනුවය.

    එසේ භාරදුන් ගිනිඅවි දෙකෙන් එකක් මීට මාසයකට පමණ පෙර උදිත ලොකුබණ්ඩාර මහතා වෙත ආපසු භාරදී තිබිණි.

    එම අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය මගින් නියෝගයක් නිකුත්කර තිබුණේ ගිනි අවිය භාර ගැනීමෙන් පසුව ඊට අවශ්‍ය ලියාපදිංචි බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

    එහෙත් උදිත ලොකුබණ්ඩාර මහතා නුගේගොඩ රැලියට එන අවස්ථාව වනවිටත් මෙම අවිය සඳහා වාර්ෂික බලපත්‍රය ලබාගෙන තිබී නැත.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පොලිසිය විසින් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයෙන් පසුව උදිත ලොකුබණ්ඩාරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

    විපක්ෂයේ පක්ෂ කීපයක් විසින් නුගේගොඩදී පවත්වන ලද විරෝධතා රැස්වීමේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනතාව අමතමින් සිටි අවස්ථාවේ ඔහු අසලින් සිටි උදිත ලොකුබණ්ඩාර මහතා ගමන් මල්ලක පිස්තෝලයක් සඟවාගෙන සිටින ආකාරය ඡායාරූපවල මෙන්ම වෙබ් අඩවිවල ද පළ විය.

    මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය උදිත ලොකුබණ්ඩාර සඟවාගෙන සිටියේ පිස්තෝලයක් බව හෙළිකර ගෙන තිබිණි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් උදිත ලොකුබණ්ඩාර මහතා නුගේගොඩ කොට්ඨාස අපරාධ ඒකකය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව පිස්තෝලය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණි.

    බස්නාහිර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සමන්ත විජේසේකර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් විමර්ශන පැවැත්වේ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඌ නං මහා මෝඩ යකෙක් තමා

    මහින්දය හරි ඌ සම්බන්දවනන්.


    මහින්ද to විජමු - විජමු, කරුණාකරලා ඇවිල්ල මේ තොගේ බයිසන් ගවයව අරන් පල...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    හැංගිලා ඉන්න ජෙප්පෝ ඵළියට ඵන්නේ දැන් තමයි..😂
     
    • Haha
    Reactions: KDH

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මෝඩ යකා පොඩි කාලේ ඉඳලා තුවක්කු වලින් වෙඩි තියන්න කැමතී ඒ නිසා වෙල්ලම් පිස්තෝලයක් බෑග් එකේ දාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා හරි ජෙබ්බෝ ඒ පිස්තෝලේ මෝඩ යකාගේ බෑග් එකට දාලා තියෙන්නේ කියලා පොහොට්ටු සෙට් එක කිව්වොත් බොලා පුදුම වෙන්න එපා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: wpril5

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මෝඩ යකා පොඩි කාලේ ඉඳලා තුවක්කු වලින් වෙඩි තියන්න කැමතී ඒ නිසා වෙල්ලම් පිස්තෝලයක් බෑග් එකේ දාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා හරි ජෙබ්බෝ ඒ පිස්තෝලේ මෝඩ යකාගේ බෑග් එකට දාලා තියෙන්නේ කියලා පොහොට්ටු සෙට් එක කිව්වොත් බොලා පුදුම වෙන්න එපා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ☝️මේ අාවේ. 🤣🤣
     
    • Haha
    Reactions: 2osama and Cypress

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,367
    113
    ඇයි බන් මේ වල් පරයො ගොන් ආතල් ගන්නේ. පොඩි උන් වගේ සිඟිති ආතල්.
     
    • Haha
    Reactions: Cypress

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,572
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රැස්වීමේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනතාව අමතමින් සිටි අවස්ථාවේ ඔහු අසලින් සිටි උදිත ලොකුබණ්ඩාර මහතා ගමන් මල්ලක පිස්තෝලයක් සඟවාගෙන සිටින ආකාරය ඡායාරූපවල මෙන්ම වෙබ් අඩවිවල ද පළ විය.
    චායයාරූප වල වීඩියෝ වල එහෙම පේනවද මල්ල ඇතුලෙ තුවක්කුව. :ROFLMAO:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,530
    13,214
    113
    🌎
    Bugger said in an interview that it was not a Gun
    🤣🤣🤣🤣🤣🤣 mu nan aththatama moda yakek
    සන්න ගෙනල්ලා හොඳටම පච කරලා, carry thumbnail එකකුත් දානවා, ඒත් ආයේ ආයේ program වලට එනවා. 😅😅
     
    • Haha
    Reactions: Cypress and fdk