මල්ලීගේ CEL ලිපිය
2010 03 05
අතීතයේ එකමත් එක දවසක, දෙල්කඳ හංදියේදී අවසන් වරට හමුවී - යළිත්, සයිබර් අවකාශයේදී මුණගැසීමට ලැබීමට මල්ලීට සැබෑ සන්තෝෂයක් ගෙන දෙයි.
කාලයකට පසු සිදුවන්නේ කුමක්දැයි බලන්නට යළිත් පාරට බැස්සෙමි.
අම්මට සිරි! මේක ලංකාවද? නැත්නම් කේතුමතී නුවර බ්‍රාන්ච් එකක්වද්ද?
මිනිස්සු පුදුමාකාර සතුටකින් දිවිගෙවති. ගමන් බිමන් යති. වැඩපළ කරති.
මා පාරට බැස්ස මොහොතේ පටන් පුද්ගලයින් 23 කුත් තුන්කාලක් 'සුබ අනාගතයක්' කියා මට සුබ පැතීම අදහගන්නට බැරිවිය. (23 3/4 හැදුණේ මෙසේය. වැඩිහිටියන් 20, අවුරුදු 15 ඉලන්දාරින් 1, අවුරුදු 5 දරුවන් 1, මාස තුනේ හා එක හමාරේ ළදරුවන් 45 දෙනෙක්ද සුබ පැතූ අතර, මම උන් තුන් දෙනා වැඩිහිටියන් තුන් දෙනෙකු ලෙස ගණන් හැදුවෙමි.)
ඉහත ගණන නිවැරදිද යන්න නැවත පරීක්ෂා නොකරන්න මන්ද, එහිදී ඔබගේ මොළය කචල් වුවහොත්, ඊට මා වග නොකියන අතර, ඔබගේ මිතුරන් ඔබට "මැ.කො" කියා විහිලු තහලු කරන්නට පවා ඉඩ ඇත.
එසේ සුබ පතන මිනිසුන්ට අමතරව තවත් බොහෝ අසිරිමත් දේ මට දකින්නට ලැබුණි. යන යන තැන අසන්නට ලැබුණේ 'ආයුබෝ වේවා මහරජාණෙනි' ගීතයයි. අජිත් මුතුකුමාරණ සහ කිංස්ලි පීරිස්ව බස් මගීන් විසින් ප්‍රතික්ෂේප කර තිබුනු අතර ඔවුන් උදක්ම ඉල්ලා සිටියේ 'සහේලිගේ' එක හයියෙන් දාන්න යනුවෙනි. එවිට රියදුරන් සහ කොන්දොස්තරවරුන් අපිත් දාන්න ආස සහේලිගේ එකම තමා කියමින් ඉතිහාසයේ ප්‍රථම වරට මගීන් හා සමගි සන්ධානයක් නිර්මාණය කර ගැනීම නිසා මගේ ඇස් උඩ ගියේය.
තරුණ කොල්ලන් කෙල්ලන් පමණක් නොව වයසක සීයලා ආච්චිලාද ජනේලයෙන් අත් එලියට දමාගෙන 'ආයුබෝවේවා මහරාජාණනි' කියමින් යන දර්ශනය මොන තරම් මිහිරිද? ළගදී උගුරු දණ්ඩ පැන්න ඇතැම් ඉලන්දාරීන් ගොරෝසු හඩින් ගීතය ගයන විට බස්වල සිටි ආච්චිලා පමණක් නොව පාරේ සිටි ආච්චිලාද 'ස්වර අලංකාර හරියට තියලා ගයන්න පුතේ, නැත්තං රජ්ජුරුවන්ට හොද නෑනෙ" ගිය උපදෙස් දෙනු දැකීම නෙතට කඳුලක් උනවන්නට සමත්විය.
පාර අයිනේ ත්‍රීවිල් පාක්වල රියදුරන් අත්වැල් බැදගෙන දෙපසට ඔලුව වනමින් මොන්ටිසෝරියක කොන්සට් එකක මෙන් ඒ ගීයම ගායනා කරනු මම දැක්කෙමි. ඇතැම් ත්‍රිවිල් රියදුරන් කොපමණ කැපවීමෙන් එය ගායනා කළේද යත්, මුවේ රැදි සිගරට්ටුව දෙතොලේ පැත්තකට කර අනෙක් පැත්තෙන් ගීය ගායනා කරන්නට ගොස්, එය බිම වට්ටාගෙන හදිසි අවස්ථා සදහා භාවිතාකරන කුණු හරුප පවා ගීතයන මුසුවී යනු මගේ කන් දෙකෙන් දැක අස් දෙකෙන් අසා ගත්තෙමි.
මේ ප්‍රීතිමත් වටපිටාව තුළ කඩසාප්පු තුළ සිදුවූ ඇත්තේ කුමක්දැයි නොකීවොත් මහත් අඩු පාඩුවකි.
'ආයුබෝවේවා මහරාජණනි' කියමින් ගීතය ගයන මුදලාලිලා ඇතැම් ගෝල කොලුවන් තරාදියේ තබා ඔන්චිලි පද්දනු දක්නට හැකිවිය. ඇතැම් මුදලාලි කෙනෙකුගේ ගීතයට කොලුවෙක් ඩෝලය ගසන්නේ ගෑස් සිලින්ඩරයටය. එසේ ගසන අතරතුර ඇඟිල්ල තලාගත් කොලුවාගේ ඇඟිල්ල කටට ගෙන උරන්නට තරම් මුදලාලි කාරුණිකය. එය දකින ඇතැම් මුදලාලි බිරිඳක් අහිංසක මුදලාලියාට විෂමාචාර චෝදනා පවා එල්ල කළාය.
කාර්යාල තුළ තත්වය මොනතරම් රසවත්ද කියා ඔබ දන්නවාද? වෙනදා බොස්ලාගේ ඔඩොක්කුවේ ඉන්න ලේකම්වරියන් මෙදා තමන්ගේ ඔඩොක්කුවේ තියාගෙන ඉන්නේ කාකාස ලාය. බොසා මේස පේලිය මැද කස්තිරමක් නටයි. නටන ගමන් සහේලිගේ ගීතය ගයයි. වටේ සිටිනවුන් ලොක්කාට අත්පුඩි තලන ගමන් සිතන්නේ සහේලිගේ එක (ගීතය) මාරයි කියාය.
ඉස්පිරිතාලවල දොස්තරලා නර්ස්ලා ඇටන්ඩන්ලා එක්ක ලෙඩ්ඩු එකිනෙකා පිටුපසින් උරහිටස අත තබාගෙන 'ආයු බෝ වේවා මහරාජාණනි' කියාගෙන පුංචි කාලයේ මෙන් කෝච්චි යති. ඇතැම් විටක එසේ යාමට බැරි හතරෙ වාට්ටුවේ සිටින ලොරියක ඇනීම නිසා දනිස් පොල්කට්ට විමධ්‍යගත කරගත් කොල්ලෙක් හූ කියන්නේ කින්ඩියට නොව කෝච්චියේ හෝන් එක වෙනුවටය.
සිනමා ශාලාවල පවා සිදුවන්නේ පුදුම හිතෙන දේවල්ය. වෙනදා කලුවරේ මුළු මුළු ගානේ සිටින පෙම්වතුන් මෙදා මැනේජර්ට කියා බලෙන් ලයිට් දම්මවාගෙන පුටු උඩ නැග ගීතය ගයනු මම දුටුවෙමි. කොටින්ම චිත්‍රපටයේ සිටින අර්ජුන කමලනාත්ද ආයුබෝවේවා මහරජාණනි. තනුව අනුව උරුවම් බා විජයගේ අඩිපාරේ එන විට අමීෂා කාවින්දි නාන ඇදුම ඇඳගෙන සිව්මහ බඹූන් කියාගෙන ස්විමිං ෆූල් එකෙන් ගොඩට එන්නට හදද්දී බැලන්ස් නැතිවී ජබුං ගා යළි වැටෙන විට ගැලරියේ උන්ගේ ඇඟට පවා වතුර විසිවිය.
අනේ දෙවියනේ, දුම්රිය මගීන් ගැන නොකීවොත් ඔබ මා සමග අමනාප වනු ඇත. ගාඩ් කොඩිය වනන්නේත් ගීතයේ තාලයටය.
කන්තොරු කෝච්චිවල කිටි කිටියේ හිරවී යන ගමන් මඟීන් 'මේ දෙරණ එක්සේසත් කළේ" කොටස වැනි උච්ච ස්වර අල්ලන්නේ කෙසේදැයි පුදුම හිතෙන්නේ ළඟ ඉන්න එකාගේ කකුල් දෙක අතරින් අත දමා සීට් එකේ කම්බි කොක්කක්වත් අල්ල ගැනීමට නොහැකි තත්වයේ සිටින නිසාය. ඇතැම් වයසක උදවිය ඇල්ලු උච්ච ස්වරය පාතට දාගත නොහැකිව හදිසි දම්වැලේද එල්ලෙයි.
තව බොහෝ දේ මට දකින්නට හැකි වුණත්, ඒ සියල්ල මෙහි ලිවිය නොහැකිය. මක්නිසාද යත් ඒවා එතරම්ම ආතල් බැවිනි.කෙසේ වෙතත්, මහජනයා මෙසේ මල් ගැසූ කලක මෙන් ආතල්ද බ්රේවෝ වී සිටින සඳ, එක්වරම මහා ගෝෂාවක් ඇසෙන්නට පටන් ගත්තේය.
ටෝන් එක ටිකක් වෙනස් නිසා මම හොදින් විමසිලිමත් වුණෙමි. මා මුලින්ම සිදුවේ මැද මුලන පැත්තේ මිනීවලවල්වලින් ඇසෙන කිවිසුම් හඬක් කියාය. එහෙත්, ඇසෙන හඬ ඊට වඩා වෙනස්ය.
"ඕයි! නැගිටිනවා--! එකට පුලිය වැටෙනකං නිදාගන්න තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි--!! අනේ මං වගේ පවුකාරියක්.. මට අපේ ලොකු අප්පච්චි කිව්වා.. ඕකව බදින්න එපා දුවේ.. ඕකා කැබිනට් ඇමති කෙනෙකුටත් වඩා අන්තයි කියලා.. කොහෙද, මං ඇහුවේ නෑනේ...."
අම්මට සිරි! එතකොට මං ඒ දුටුවේ සිහිනයක්ද? එසේත් නැතිනම් ස්වප්නයක්ද? කෙසේ වෙතත් මං දනිපනි ගා නැගිට විනාඩි 18ක් ඇතුළත සරම සොයා ගත්තෙමි. තෝමස් අල්වා එඩිසන්ලා, අලෙක් සැන්ඩර් ග්රැහැම් බෙල්ලා මෙන් අපිත් මොනවා හරි සොයාගන්ඩ එපෑ!
මල්LEE
src : http://lankatruth.com/sin/index.php?...d=73&Itemid=68
http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7012945
2010 03 05
අතීතයේ එකමත් එක දවසක, දෙල්කඳ හංදියේදී අවසන් වරට හමුවී - යළිත්, සයිබර් අවකාශයේදී මුණගැසීමට ලැබීමට මල්ලීට සැබෑ සන්තෝෂයක් ගෙන දෙයි.කාලයකට පසු සිදුවන්නේ කුමක්දැයි බලන්නට යළිත් පාරට බැස්සෙමි.