මල්සරා(අනංගයා)

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මල්සරා(අනංගයා)

    මල්සරා(අනංගයා)
    ඉංග්‍රීසි සාහිත්‍යයේ "Cupid" ලෙස හැඳින්වෙන, මල් දුන්නක්‌ අතින් ගත් පියාපත් සහිත හැඩකාර කොලු ගැටයා අපේ සාහිත්‍යයේ එන්නේ මල්සරා හෙවත් අනංගයා ලෙසිනි.
    ලෝක සාහිත්‍යයේ එන "මල්සරා" ලා මෙන්ම, අපේ මල්සරාද පෙරළිකාරයෙකි. ඔහුගේ පෙරළි නිසා ගැමුණු රජුගේ පුත් සාලිය කුමරුට සිංහාසනය අහිමි විය. බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරෙකුට ද සිය උරුමයෙන් ආ ඔටුන්න අහිමිවුයේ "ක්‍යqපිඩ්" නිසාය.
    මල්සරා ගැන අපේ පුරාණ නාමාවලිය නැමති ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය.
    සමර පන්සැර (ද) තුනුහිරු මද අනඟ
    රිය හිමි මුවරද ද මනයොන් මරු මලඟ
    කුසුම් දුනු, වසම් සැර, ලිය සැව් උනඟ
    කඳස්‌ තරග මලවිය නම් වේ

    මල්සරා හැඳින්වෙන නම් රැසක්‌ එම කවියෙන් කියෑවේ. මේ හැම නමකින්ම ඔහු
    පිළිබඳ වැදගත් කිසියම් තොරතුරක්‌ කියෑවෙන්නේය. ඕනෑම රටක නම් සමුහයකින්
    හඳුන්වන අය සිටින බව අපි දනිමු. එවැනි අය වඩා ප්‍රසිද්ධ වන්නේ හොඳ දේට වඩා
    නරක දේටය, මේ අනංගද නරකම නූනත්, දඩබ්බරයෙකි. දෙවියෙක්‌ වුවද හේ
    පෙරළිකාරයෙකි.

    අනංගයා

    මල්සරා



    රාගයට අධිපති දෙවියා

    මල්සරා රාගයට අධිපති දෙවියා ය. ඔහුගේ ආයුධය උක්‌දඬු දුන්නකි. එහි දුනුදිය බඹර වැලකි. ඊට යොදන ඊතල හෙවත් සර පහකි. සියල්ල නිමාවී ඇත්තේ මල් වර්ගවලිනි. මලින් කළ හී පාවිච්චි කරන නිසා ඔහු මල්සර වන්නේය. සර පහක්‌ ඇති හෙයින් ඔහු පන්සර ද වන්නේය.


    මල්සරාගේ ප්‍රධාන කාර්යය

    මල්සරාගේ ප්‍රධාන කාර්යය නම් ගැහැනුන් මිනිසුන් වෙත ශර යවා ඔවුන් එක්‌කාසු කිරීමයි. මෙය හොඳ වැඩකි. ඒත් කොහොමටවත් නොගැලපෙන්නන් එක්‌ කිරීමටද ඔහු පෙළඹේ. ඔහුගේ පෙරළි නිසා දුටුගැමුණු පුත් සාලිය කුමරුට සිහසුන අහිමි විය. මේවා හුදු දෛවය සේ සිතා අපි සැනසෙමු.
    මල්සරා මහා බ්‍රහ්මයාගේ සිතෙහි උපන් සිතුවිල්ලක්‌ පමණක්‌ බවද ඇතැම් තැනෙක සඳහන් වේ. එබැවින් මල්සරා මහා බ්‍රහ්මගෙ පුත්‍රයෙකු ලෙස ද සැලකේ. වරක්‌ මල්සරා සිය පියා වන බ්‍රහ්මටද මල් දුන්නෙන් විද මහා පෙරළියක්‌ කරන්නට සුදානම් වූ සැටි වේද ග්‍රන්ථවල සඳහන් වේ.
    ඔහුට ස්‌වයං භූ යන නමක්‌ ද වේ. එහි අර්ථය තනිවම උපන් බවය. හේ කිසි විටක මහලු නොවේ. අනෙක්‌ සියලු දෙවියන්ට වඩා ඔහු කඩවසම් ය. කඩිසරය. ඔහුට බිරියක්‌ද සිටී. ඕ ප්‍රජාපතී දෙවඟනගේ දුව වන රතී නම් තැනැත්තිය වන්නීය.
    ඔහුට අනඟ හෙවත් අනංග යන නම බහුලව ව්‍යවහාර කෙරේ. මල් සරාට අනඟ නම ලැබීමේ පුවතද අපූරු එකකි.
    වරක්‌ තාරක නම් මහා බලසම්පන්න අසුරයකුගෙන් දෙවියන්ට ගැහැට ඇති වන්නට විය. මෙය විඳදරා ගන්නට බැරිවූ විට, දේව සභාව රැස්‌ව කථා බහ කළද, සුදුසු විසඳුමක්‌ නොවූ තැන දෙවියෝ ගොස්‌ මහා බ්‍රහ්මයාට සැලකළෝය. කාරණය ගැන සොයා ඔහු කීවේ තාරක නැසීම ලේසි පහසු නොවනා බවයි. එය කළ හැකි එකම තැනැත්තා ශිව දෙවියන්ට දාව පාර්වතියගේ කුසින් උපදින ශිව පුත්‍රයා බව හේ සඳහන් කෙළේය. වැඩේ අසීරු වුවද, දෙවියෝ අභියෝගය බාරගත්හ. මේ වන විට ශිව සිටියේ ඔහුගේ පළමු බිරිඳ වන සති ගින්නට පැන මිය යැමේ සංවේගයෙන් හිමාලය කඳු මුදුනේ භාවනාවක නියෑලෙමිනි. ඒ අතර, ශිවගේ දෙවන බිරිය වීමේ අපේක්‌ෂාවෙන් පාර්වතී නම් දෙවඟනද භාවනානුයෝගීව සිටින සිය අනාගත සැමියා වන ශිවට උවටැන් කරමින් එතැනම පසු වූවාය. මේ පිළිවෙළ දිගමට ගියොත්, ශිව පාර්වතී එකතුව සිදුවී පුතකු ලබන්නට තවත් අවුරුදු ගණනාවක්‌ පසුවිය හැකි බව තේරුම්ගත් දේව සභාව එකතු වී මොවුන් දෙදෙනා ක්‌ෂණිකව එක්‌ කිරීමේ කාර්යය මල් සරාට පැවරුහ. එම අභියෝගය භාරගත් පෙරළිකාර මල්සරා, සිය කාර්ය භාරය ඉටු කිරීමේ අභිලාෂයෙන් ශිව පාර්වතී දෙදෙනා ගැවසෙන ඉසව්වේ හැංගි හොරා කාලය ගෙවමින් පසු වූයේය.
    සුදුසු අවස්‌ථාව පැමිණි විගස මල් සරා, සිය දුන්නෙන් එක්‌ හීයක්‌ ශිවට විද්දේය. වැඩේ හරියටම හරි ගියේය. ශිවගේ ධ්‍යානය බිඳී ගොස්‌ පාර්වතිය හා සිත බැඳිණි. කෙසේ වුවද සිය ධ්‍යානය බිඳීයාම ගැන විස්‌සෝප වූ ශිව තමාට එසේ වන්නට වූ හේතු කාරණා ගැන විමසීමට මෙන් වට පිට බැලුවේය. එවිට ඔහු දුටුවේ තමන්ට තවත් මල්හීයක්‌ විඳින්නට මාන බලන මල්සරාය. කෝපාවිෂ්ඨ වූ ශිව, තම තිනෙතින්ම මල් සරා දෙස බැලීය. ශිව එසේ කෝපයෙන් බැලුවහොත් ඒ බැල්මට අසුවන සියල්ල දා අළු වී විනාශවී යන්නේය. මල්සර ද දා අළු වී ගියේය. මල් සරා දෙවියකු වූ හෙයින් ඔහුගේ ශරීරය විනාශවී ගියත්, නාමය නොනැසී ඉතිරි විය.
    තම සැමියාට වූ විපතින් අධික සිත් තැවුලට පත් රතී, ශිව බිරිඳ වූ පාර්වතිය හමුවී ඇය මගින් ශිව කමා කරවාගෙන නැවත උපතක්‌ ලබා ශරීර කූඩුවද ලබා ගත්තද එසේ උපන් මල්සරා, කාලවර්ණ වූ බව සඳහන් වේ.
    මේ හැර මල් සරාට තවත් නම් රාශියක්‌ තිබේ. ජනතා සිත් මන්මත් කරවන නිසා ඔහු මන්මඳ ලෙසින්ද හැඳින්වේ. අපේ සාහිත්‍යයේ මල් සරා ගැන නොයෙක්‌ තැන සඳහන් වේ.
    හංස සන්දේශයේ එක්‌ තැනෙක ඔහු ගැන සඳහන් වන්නේ මෙලෙසිනි.


    පුන් සඳ වන් වත සිරි පෙන්වා ලොව ට
    රන් කඳ මෙන් බබලන මෙනිරිඳුන් දුට
    මන් මද වෙයි දැන් මද රජුගේ සිතට
    මන් මද යයි යනු යුතු වෙයි ඉන් ඔහුට


    හංස සන්දේශයම, මල්සරා වියොවඟ නමින් හඳුන්වයි
    වියොවඟ - නැතිවූ අංග ඇත්තා - අනංග)

    වුවන කමල් ගතා රණලිය සිය ගතා
    අඩ සඳ ලලලතා බඳමල් මුතු ලතා
    වියොවග යුද පතා ඇවිදින නිති පතා
    දැකවනසර කතා අසපිය රස කතා



    අනංගයාට සිදු වූ අකරතැබ්බය සඳ කිඳුරු දා කවියා ඉතා කෙටියෙන් මෙසේ සඳහන් කරයි.
    ඉසුරුගෙ දළ නෙතින්
    දැවුයෙන් අනඟ නියතින්
    රති ඔහු කෙරෙහි කැතින්
    වසන වැනි මොහු කෙරේ සතතින්


    සංසිද්ධිය දන්නෝ කවියේ රසය මැනවින් වින්දනය කරත්.
    මෙවැනි කෙටි ලිපියකින් මල්සරා ගැන අපේ සාහිත්‍යයේ සඳහන් සියල්ල විස්‌තර කළ නොහැක. පොතක්‌ ලිවීමට තරම් ඒ පිළිබඳ කරුණු ඇත්තේය. දියුණු යයි පිළිගත් සාහිත්‍යයට - විශේෂයෙන් පද්‍ය සාහිත්‍යයට මෙවැනි දේව කථා ජාලයක්‌ එකතු වී තිබේ. එය කවි සමය නමින් අපි හඳුන්වමු.
    මේ කවි සමය සාහිත්‍යයේ අගය වැඩි කරන අතර, ඒ නිසා සාහිත්‍යය හැදෑරීමේ රුචියද වර්ධනය කරයි. කවිසමයේ තොරතුරු දැන ගැනීමට කැමැති ආධුනිකයා ඒ පිළිබඳ කරුණු සෙවිය යුත්තේ සාහිත්‍යය හදාරා වඩා හොඳ රුචියක්‌ දැනුමක්‌ ඇති වන්නේ එවිටය. මෙය ඒ සඳහා දෙන ඉඟියක්‌ පමණි.
    පද්‍යයක ව්‍යංගයෙන් දක්‌වන හැම පැතිකඩක්‌ පිළිබඳ දැක්‌මක්‌ ඇති කර ගැනීමට කවිසමය උපකාරී වන්නේය. සාහිත්‍යය හදාරණ ශිෂ්‍යයා සාහිත්‍ය ලෝලියකු කරන්නට එම විෂය උගන්වන පරිණත ගුරුවරයා කවි සමය ආයුධයක්‌ කර ගන්නේ.

    විකිපීඩියා ඇසුරෙනි :cool:
    රීපොස්ට් නම් සොරි:D

    ස්තුති කරන්න අමතක කරන්න එපා.:)



     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    nice post bro..thanks for sharing......
    u,a ird udr jevfka lrkafka²²²²²²
    You must spread some Reputation around before giving it to mdrc111 again

     
    Last edited: