මල් ඔන්චිල්ලා - Hana

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113

    මල් ඔන්චිල්ලා | Mal Onchilla by Hana Shafa [2022]​

    හිත ආස තැන නැවතිලා
    විදින්නට හුස්මක රහා
    ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා
    ඔව් එදා
    මල් ඔන්චිල්ලා මත නැගිලා
    අපි දෙන්නා
    උන් කාලේ නම් සද අල්ලා
    නැළවෙන්නා
    හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්
    දැන් මුමුනන්න බැ පරණ වාරන්
    පියාඹයි ඔයානම් අළුත් වූ එ ලස්සන් වගෙ
    තටු බින්දෙ ඇයිදැයි කියාපන්
    මල් ඔන්චිල්ලා මත නැගිලා
    අපි දෙන්නා
    උන් කාලේ නම් සද අල්ලා
    නැළවෙන්නා

    රැයක් එයි උදේ වෙයි හෙටත් එයි
    නමුත් යන්නෙපා යන්නෙ යළි පරණ සදනම්
    මතක් වෙයි දුකක් දෙයි ඔබේ ඇස් මැවී එයි
    සිත පාරන්නෙ ඇයි පෙම් කළානම්
    හිත ආස තැන නැවතිලා
    විදින්නට හුස්මක රහා
    ඇවිත් නුඹ ළගටම වෙලා දග කළා
    ඔව් එදා
    මල් ඔන්චිල්ලා මත නැගිලා
    අපි දෙන්නා
    උන් කාලේ නම් සද අල්ලා
    නැළවෙන්නා


    මේ සින්දුවේ ඔරිජිනල් මෙලඩි එක තියෙන සින්දුව මොකද්ද ? අමුතු කොල්ටියක් තියේ :love: :love: