මව්කිරි අයිස්ක්‍රීම්

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    මව්කිරි අයිස්ක්‍රීම්



    ලන්ඩන‍යේ කොවෙන්ඩ් ගාර්ඩ්න්හි අවන්හලක මිනිස් මව්කිරි වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් අලෙවි කිරීම තහනම් කිරීමට ලන්ඩන් සභාව තීරණය කර තිබේ. මෙම අවන්හල මගින් නිෂ්පාදනය කළ "බේබි ගගා" ලෙස නම්කරන ලද අයිස්ක්‍රීම් අලෙවි කිරීම විශාල මාධ්‍ය අවධානයක් දිනාගනිමින් උත්සවාකාරයෙන් ආරම්භ කරනු ලැබීය. නමුත් ඉන්පසුව මිනිස් මව්කිරි වලින් නිෂ්පාදනය කරන ලද මෙම අයිස්ක්‍රීම් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට බොහෝ පැමිණිලි ඉදිරිපත්ව තිබේ. මෙම අයිස්ක්‍රීම් වල මිශ්‍රණයෙන් 75% ක් මව්කිරි වලින් සමන්විත වන අතර එහි මිල යුරෝ පවුම් 14 කි.

    එහි ප්‍රතිඵලයක් ලෙස ලන්ඩන් කවුන්සිල නිලධාරීන් විසින් මෙම අවන්හල පරීක්ෂා කිරීමෙන් පසුව මව්කිරි වලින් නිෂ්පාදිත සියලුම අයිස්ක්‍රීම් අවන්හලෙන් ඉවත් කිරීමට නියෝග කර ඇත. නමුත් මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනයට මව්කිරි යොදාගැනීමට පෙර ඒවා හොඳින් විෂබීජහරණය කරන බව අයිස්ක්‍රීම් නිර්මාතෘවරයා අවධාරණය කර තිබේ. කෙසේවෙතත් මෙම අවන්හලේ මීළඟ නිර්මාණය කුමක්වේද යන්න පිළිබඳව කාගේත් අවධානය යොමුව ඇත.

    source >> http://auxx.org/index.php?p=blogs/viewstory/1019
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මව් කිරිත් විකුණගෙන කාල නේ එහෙමනම්
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ice cream hadala wikunanne nethiwa wedipura thiyenawanam Ammala nethi podiunta bonna bottle karala thibunanam waradak nethiwei mage hithe!!!
     

    Similar threads